කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (08) පස්වරුවේ වර්ෂාව නිසා ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 260 ක් ලබා ලකුණු 68 ක් ඉදිරියෙන් සිටියේය.
තරගය අත්හිටු වන විට රාජකීය විදුහල වෙනුවෙන් මිලාන් අබේසේකර (නොදැවී 50) සහ පූර්ණ අලූත්ගේ (නොදැවී 21) පන්දුවට පහර දෙමින් සිටියහ.
හෙට (09) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 192
(නිපුන ගමගේ 19, ඩෙවින් ජයසිංහ 74, තිලක්‍ෂණ සුමනසිරි 17, හෙලකමල් නානායක්කාර 24, රවිඳු තිලකරත්න නොදැවී 26, චාමික කරුණාරත්න 55/5, පූර්ණ අලූත්ගේ 44/2)
රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 260
(රොනක අහංගම 40, සම්පත් ද සිල්වා 61, හේෂාන් රාමනායක 43, හේෂාන් කුමාරසිරි 20, මිලාන් අබේසේකර නොදැවී 50, පූර්ණ අලූතගේ නොදැවී 21, ඉෂාන් කුලරත්න 44/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd