කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය වසර 6 කට පසුව ජය ලැබීමට සමත් වූහ. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව 134 වැනි වරටත් පැවැති මෙම තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (09) තේ විවේකයෙන් පසු තෙවැනි ඕවරයේදී රාජකීය විදුහල් පිල කඩුලූ 7 කින් ජය ලැබීය.
රාජකීය විදුහල මහ ක‍්‍රිකට් තරගය ජය ලැබූ 34 වැනි වසර මෙය වන අතර රාජකීය විදුහල අවසන් වරට 2006 වසරේ නඳුන් පුංචිහේවාගේ නායකත්වයෙන් ජය ලබා සිටියේය.
රාජකීය විදුහල් පිතිකරුවෝ ලකුණු 65 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 10.5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. රාජකීය විදුහල් පිල ශාන්ත තොමස් විදුහල් දෙවැනි ඉනිම ලකුණු 132 කට සීමා කිරීමත් සමග ජයග‍්‍රහණය සදහා ලකුණු 65 ක පහසු ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.
රාජකීය විදුහල පළමු ඉනිමේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 260 ක් රැස්කර ලකුණු 68 ක් ඉදිරියෙන් සිටියදී ඉනිම අත්හිටුවීය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 192 සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 132
(දීලක හේරත් 25, ජාවෙඞ් බොන්සෝ 19, සනේෂ් ද මෙල් නොදැවී 49, චාමික කරුණාරත්න 32/4, හේෂාන් රාමනායක 36/2)
රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 260 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 67
(රොනක අහංගම 16, මිලාන් අබේසේකර නොදැවී 22, හෙලකමල් නානායක්කාර 30/3)
(ඡයාරූප: ජයමාල් චන්දසිරි)
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වසර 6 කට පසු ‘නිල් මහ සටන’ දිනති
බණ්ඩාර Sunday, 10 March 2013 08:13 PM
බොහෝම හොඳයි අපේ සුභපැතුම් (අ)
ප්‍රනාන්දු Saturday, 09 March 2013 08:54 PM
සුභ පැතුම්! (නි)
විපුල Monday, 11 March 2013 02:09 PM
සුභ පැතුම් රෝයල් සිසුවනි! (නි)
අනුර Saturday, 09 March 2013 04:39 PM
රාජකීයට ජයවේවා! (නි)
රුවන් Sunday, 10 March 2013 09:21 AM
මගේ පාසලට සුභ පැතුම්! (නි)