කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (08) දිවා විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියේය.

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 192 (නිපුන ගමගේ 19, ඩෙවින් ජයසිංහ 74, තිලක්‍ෂණ සුමනසිරි 17, හෙලකමල් නානායක්කාර 24, රවිඳු තිලකරත්න නොදැවී 26, චාමික කරුණාරත්න 55/5, පූර්ණ අලූත්ගේ 44/2)

රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 135 (රොනක අහංගම 40, සම්පත් ද සිල්වා නොදැවී 43, හේෂාන් රාමනායක නොදැවී 38)