කොළඹ රාජකීය විද්‍යාලයීය හොකී සංගමය සංවිධානය කළ 11 වැනි ‘බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ්’ අන්තර් පාසල් වයස 19 න් පහළ සත් සාමාජික හොකී තරගාවලියේ බාලක කුසලාන ශුරතාව පිට පිට තෙවැනි වරටත් කොළඹ රාජකීය විදුහල විසින් දිනා ගන්නා ලදී. මහනුවර පුෂ්පදාන විදුහල් ක‍්‍රීඩිකාවෝ බාලිකා කුසලාන ශුරතාව දිනා ගැනීමට සමත් වුහ.
තරගාවලිය දෙදිනක් පුරා කොළඹ රීඞ් මාවතේ රාජකීය විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණ. කුසලාන තරගාවලියේ බාලක අවසන් මහා තරගයේදී මාතලේ විජය විදුහල පරදවා රාජකීය විදුහල ගෝල 2/1 ක ජයක් ලැබීය.
මහනුවර පුෂ්පදාන විදුහල සහ නාවල ජනාධිපති බාලිකා විදුහල අතර පැවැති කුසලාන තරගාවලියේ බාලිකා අවසන් තරගයෙන් පුෂ්පදාන විදුහල ගෝල 4/1 ක ජයක් ලැබීය.
පාසල් බාලක හොකී කණ්ඩායම් 35 ක් සහ බාලිකා කණ්ඩායම් 19 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී කුසලාන ශුරතාවට අමතරව පළිහ හා බදුන ශුරතා ද පිරිනැමිණ.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජකීය - පුෂ්පදාන විදුහල් සත් සාමාජික හොකී ශූරතා දිනති
චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:44 PM
කමෝන් පුෂ්පදාන... (නි)
නදිෂ්කා Friday, 19 October 2012 03:05 PM
මගේ උණුසුම් සුබ පැතුම් !!! පුෂ්පදාන විදුහලේ පරණ සිදුවියක් වීම ගැන මටත් ආඩම්බරයි (ස)