කොළඹ රාජකීය විද්‍යාලයීය හොකී සංගමය සංවිධානය කළ 11 වැනි ‘බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ්’ අන්තර් පාසල් වයස 19 න් පහළ සත් සාමාජික හොකී තරගාවලියේ බාලක කුසලාන ශුරතාව පිට පිට තෙවැනි වරටත් කොළඹ රාජකීය විදුහල විසින් දිනා ගන්නා ලදී. මහනුවර පුෂ්පදාන විදුහල් ක‍්‍රීඩිකාවෝ බාලිකා කුසලාන ශුරතාව දිනා ගැනීමට සමත් වුහ.
තරගාවලිය දෙදිනක් පුරා කොළඹ රීඞ් මාවතේ රාජකීය විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණ. කුසලාන තරගාවලියේ බාලක අවසන් මහා තරගයේදී මාතලේ විජය විදුහල පරදවා රාජකීය විදුහල ගෝල 2/1 ක ජයක් ලැබීය.
මහනුවර පුෂ්පදාන විදුහල සහ නාවල ජනාධිපති බාලිකා විදුහල අතර පැවැති කුසලාන තරගාවලියේ බාලිකා අවසන් තරගයෙන් පුෂ්පදාන විදුහල ගෝල 4/1 ක ජයක් ලැබීය.
පාසල් බාලක හොකී කණ්ඩායම් 35 ක් සහ බාලිකා කණ්ඩායම් 19 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී කුසලාන ශුරතාවට අමතරව පළිහ හා බදුන ශුරතා ද පිරිනැමිණ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් පුෂ්පදාන... (නි)
මගේ උණුසුම් සුබ පැතුම් !!! පුෂ්පදාන විදුහලේ පරණ සිදුවියක් වීම ගැන මටත් ආඩම්බරයි (ස)