1990 දී පැරිසියේ නගරාධිපති ලෙස සිටි සමයේ නගර සභාවේ වැටුප් ලබන සේවකයන් පිරිසක් තම දේශපාලන පක්ෂයේ වැඩට යොදා ගැනීම, මහජන මුදල් අයුතු ලෙස පරිහරණය කිරීම හා මහජන විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට වැරදිකරු වූ හිටපු ජනාධිපති ජැක් සිරාක්ට ප්‍රංශ උසාවියක් වසර දෙකක සිර දඩුවමක් පනවා එය අත්හිටැවීය. දැඩි අසනීපයෙන් පෙළෙන හිටපු ජනාධිපති නඩු විභාගයකට සහභාගී නොවීය. ඔහුගේ රෝගී තත්ත්වය සලකා අධිකරණ තීන්දුවට විරුද්ධව ඇපැල් නොගන්නා බව ඔහුගේ නීතීඥයා දැනුම් දුන්නේය. ඔහු හදාවඩා ගත් වියට්නාම ජාතික ගැහැනු දරුවා නඩු තීන්දුව අවසානයේ හඩා වැළෙපෙමින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ අතර, නීතිය කාටත් සමාන බව ප්‍රංශ අධිකරණය පෙන්වූ බව අගතියට පත් පාර්ශ්වයේ නීතීඥයා ප්‍රකාශ කළේය. ඔහුට දඩුවම් කළයුතු බව ප්‍රංශයේ වැඩි ප්‍රතිශතයක් අනුමත කරන බව ජනමත වාර්තා කියයි. මෙම නඩුවේ විත්තිකරුවකු වූ වර්තමාන විදේශ ඇමැති ඇලන් ජුෆේටද මින් පෙර වසර දෙකක සර දඩුවමක් නියම විය. ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකුට සිර දඩුවමක් නියම කළ ප්‍රථම අවථාව මෙයයි.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජකම් කළත් කළ කම් පළ දේ
ජේ. හේරත් Friday, 16 December 2011 05:34 PM
ඒ ඉතින් ප්‍රංශයේනේ...