1990 දී පැරිසියේ නගරාධිපති ලෙස සිටි සමයේ නගර සභාවේ වැටුප් ලබන සේවකයන් පිරිසක් තම දේශපාලන පක්ෂයේ වැඩට යොදා ගැනීම, මහජන මුදල් අයුතු ලෙස පරිහරණය කිරීම හා මහජන විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට වැරදිකරු වූ හිටපු ජනාධිපති ජැක් සිරාක්ට ප්‍රංශ උසාවියක් වසර දෙකක සිර දඩුවමක් පනවා එය අත්හිටැවීය. දැඩි අසනීපයෙන් පෙළෙන හිටපු ජනාධිපති නඩු විභාගයකට සහභාගී නොවීය. ඔහුගේ රෝගී තත්ත්වය සලකා අධිකරණ තීන්දුවට විරුද්ධව ඇපැල් නොගන්නා බව ඔහුගේ නීතීඥයා දැනුම් දුන්නේය. ඔහු හදාවඩා ගත් වියට්නාම ජාතික ගැහැනු දරුවා නඩු තීන්දුව අවසානයේ හඩා වැළෙපෙමින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ අතර, නීතිය කාටත් සමාන බව ප්‍රංශ අධිකරණය පෙන්වූ බව අගතියට පත් පාර්ශ්වයේ නීතීඥයා ප්‍රකාශ කළේය. ඔහුට දඩුවම් කළයුතු බව ප්‍රංශයේ වැඩි ප්‍රතිශතයක් අනුමත කරන බව ජනමත වාර්තා කියයි. මෙම නඩුවේ විත්තිකරුවකු වූ වර්තමාන විදේශ ඇමැති ඇලන් ජුෆේටද මින් පෙර වසර දෙකක සර දඩුවමක් නියම විය. ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකුට සිර දඩුවමක් නියම කළ ප්‍රථම අවථාව මෙයයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඉතින් ප්‍රංශයේනේ...