
(මනෝප්‍රිය ගුණසේකර,පුෂ්පකමාර ජයරත්න සහ උපාලි ආනන්ද)
බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩලපයට කළ අලාභහානිය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමට ද විත්කිරුවන්ට නියම කළේය.
රාජසභා මණ්ඩලපයට කළ හානිය වෙනුවෙන් ගෙවීමට නියම කළ රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක මුදල කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් ඒ අවස්ථාවේදීම ගෙවනු ලැබූ අතර ඔවුන්ට නියම කළ දඩ මුදල් ද විතිත්කරුවෝ ඒ අවස්ථාවේදීම ගෙවා දමනු ලැබූහ.
මෙය ලංකාවේ පෞරාණික ස්ථානයක් බව දැන දැනම මෙයට අලාභහානි කිරීම සුළුවෙන් තැකිය නොහැකි හෙයින් විත්තිකරුවන්ට උපරිම දඩුවම් නියම කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්කරුවන්ට මෙලෙස දඩුවම් නියම කෙරිණි.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ, හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, හිටපු නාගරික ඉන්ජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, හිටපු වැඩ පරීක්‍ෂක ඉලාලුදීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් ප්‍රියන්ත නැමැත්තන්ටය.
2020 ජූලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගලදී කුරුණෑගල නගර සභාව සතු දේපළ වන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා මණ්ඩපය කඩා දැමීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අදාල රාජසභා මණ්ඩලය කඩා අනර්ථයක් කර රුපියල් හැත්තදෙලක්‍ෂ පනස් දහසක පාඩුවක් කිරීම, ඒ සඳහා අධාරඅනුබල දීම ඇතුළු චෝදනා 5 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොනීගේ ලොකුකම මහින්දගේ දේශප්‍රේමේ ඔලුවට අරගෙන හැමදාම බලයේ ඉන්න හැකිය කියලා කරපු කෙරුවාව. අධිකරණයට උපහාර වේවා!.
මේ වගේ අමනයින්ව අවුරුදු දහයකට සිරගෙට යැව්වත් කමක් නැහැ නඩුකාර හාමුදුරුවනේ...!
දැන් නගරාධිපතිගේ මයිල්ගස්වලට මොකද වුණේ...? ඒවා ජොන්ස්ටන්ට තියාගන්න දෙන්න ඇති...
මොවුන්ගේ පිටිපස්සේ ඉඳගෙන පුරසාරම් බස් දොඩන කසිප්පු කාරයාට...?
ජොන්ස්ටන්, ඔයා කොහේද?
මේ සේරටම බන්ධනාගාර රෝහලේ ඉඩ තියෙයිද?
අයියෝ කෝ මේ අපේ ස්කාගාර ජොනී. එයා සහතික වුණානේ මේ වධකයාගේ ඇඟට හුළඟක්වත් වදින්න දෙන්නේ නෑ කියලා. අනේ පව්... හැබැයි මොවුන් හොරාකාල තියෙන හැටියට කෝටි කියන එක මොන කජ්ජක්ද? හැබැයි පුතාලා ඔබලා උසාවියෙන් බේරුණත් අලුතින් හැදෙන අපායවල් වලින් නම් ගැලවීම බොරු...!
කෝටි ගාණක් එක පාර ගෙවන්න කෝටි ගාණක් තියෙන්න එපැයි. මේ ගොල්ලෝ වත්කම් එළිකරලාද තිබ්බේ. මේවා හොයපු විදිය සටහන් තියෙනවාද? ආදායම් බදු වේලාවට ගෙවලාද තියෙන්නේ..?
මෙක බොහොම සාදනීය නඩු තීන්දුවක්. අදිකරනයට අපගේ ප්‍රනාමය! එක්කොටි තිස් හත් ලක්ශෙයක් නෙවෙයි කෝටී දහයක දඩයක් උනත් එක පාරින්ම ගෙවන එක කජ්ජක් නෙවෙයි නගරාදිපතියෙකුට උනත්, ඉතින් මොකටඩ පාර්ලිමේන්තු මන්ත්‍රියො, ඇමතියො ගැන කතා.
පෞරානික දේවල් වල වටිනකමක් නොදන්න මෙවන් දාමරික කාලකන්න්නින්ට දඩුවම් දීම ඉතා හොඳ දෙයක්.
හයියෝ , ජොනිය පවු අප්පා
සතියකින් දෙකකින් සමාව දෙයි..?
නගරාධිපතිගේ මයිලකට අත තියන්න දෙන්නේ නෑ කිව්වා නේද ජොන්ටා...?
හිතක්, පපුවක් නැතිව පෞරාණික දේපළ විනාශ කළ කාලකණ්ණි හැත්ත...!
තාම මයිල් ගහක් හෙල්ලුනේ නැතෙයි...?
නියමයි!
මම හිතුවේ මොවුන්ගේ මයිල් ගහක්වත් හෙලවෙන්නේ නැහැ කියලා. කෝ මේ ජොනියා?
රටේ ඉන්න මිනිස්සුන්ට දැන්වත් මොලේ පැදෙයිද මන්දා...? තේරුම් ගන්න මේ පොහොට්ටු පක්ෂේ නාමයෝජනා අරන් දේශපාලනයට එන්නෙම රටේ සංස්කෘතියක්, ඉතිහාසයක්, සාරධර්මයක් කියන කිසිම වටිනාකමක් ගැන මෙලෝ හසරක් නැති අමන, රස්තියාදු කාරයින් රංචුවක් කියන එක. ඉතින් මේ වගේ අමනයින් තෝරපු රාජපක්ෂේ අයියලා මල්ලිලා ඇතුළු සෙට් එකේම ඉන්නෙත් ඒවාටම හරියන අය තමයි. මහා තැනට අමනයෙක් පත් වුණාම ඊට පහළට පත්කර ගන්නෙත් සුදුස්සෝ වෙනුවට අමන නායකයාට හරි යන අමන රැලක්ම තමයි.
වන්දි ගෙවපු සල්ලි ආපු විදිහත් හොයමුද?
බුවනෙකබාහු රජ්ජුරුවන්ට වැඩියෙන් දැන් ඉන්න රජ්ජුරුවෝ බලවත් නේ .එයත් තව ටික දවසකින් කමිටුවක් දාලා ශේප් කරලා දෙයි .චන්දෙත් ලඟයි නේ
කෝ දැන් තමුසෙගේ අර මයිල් ආරක්ශකයා? තමුසෙලා වගේ උන්ට කියන්න හොද නමක් තියනවා, ඒක මේකෙ ලියන්න බෑ.
ගරු අධිකරණය සාධාරණ තීන්දුවක් දීලා තියෙනවා. තුෂාර කියන ආකාරයට බුවනෙකබාහු රජතුමා තමයි මාර්ගය අවහිර වෙන ලෙසට අනවසර ඉදිකිරීම් කර තියෙන්නේ. හිටපු නාගරික කොමසාරිස් කොන්දක් නැති මුග්ධයෙක් නිසා හිරේට ගියා රජයේ නිලධාරියෙක් වෙලත් ඇත්ත යුත්ත පෙන්වා දෙන්න ඔහුට නොහැකි නම් රට හදන්නේ කොහොමද? දැන් ඉතින් මයිලකටවත් අත උස්සන්න කාටවත් දෙන්නේ නැහැ කියපු කෙනා මොනවා කරයිද බලමුකෝ...! සෞභාග්‍යයේ රට පෙරට. අද පැවැත්වෙන පොහොට්ටුවේ සමුලුවට පෙර මෙහෙම වුණා කියන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට පහරක් කියන්න පුළුවන් නේද?
මොනා වුණත් රනිල් සර් යටතේ රටේ නීතිය ශක්තිමත් රාජපක්ෂලාට වඩා...
මෑතකදී අධිකරණය මගින් ලබාදුන් ආදර්ශමත් විශිෂ්ඨ තීන්දුවක්. කෙසේවෙතත් පසුපසින් සිට ඔවුන් උසිගැන්වූ අයට දඬුවම් නැද්ද?
ඉතා නිවැරදි කාලීන පරමාදර්ශී නඩු තීන්දුවක්.
දඩ මුදල ගෙවන්න තරම් සල්ලි ලැබුනෙ කෙසේද කියා විමසිය යුතුයි.
දේශපාලන හයිය පෙන්වාගෙන ඉන්න මේ වාගේ අයට නිසි දඩුවම ලැබිලා ,
ඉතිහාසයෙත් මෙ වගෙ තීන්දු දුන්නනම් මෙ රට හැදිල
නගරාධිපතියා ජෝනියගේ ලනුවක් කෑවා .දැන් කෝ ජොනී 03 ටපල ඇවිල්ලාවත් මනුස්සයෙක් වෙයන් කාටවත් කොන්ද නවන්නේ නැතුව