IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


රාජ සභාව කැඩූ කුරූණෑගල හිටපු නගරාධිපති ඇතුළු පහක් වසර තුනක් හිරේට

(මනෝප්‍රිය ගුණසේකර,පුෂ්පකමාර ජයරත්න සහ උපාලි ආනන්ද)

බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.

සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩලපයට කළ අලාභහානිය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමට ද විත්කිරුවන්ට නියම කළේය.

රාජසභා මණ්ඩලපයට කළ හානිය වෙනුවෙන් ගෙවීමට නියම කළ රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක මුදල කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් ඒ අවස්ථාවේදීම ගෙවනු ලැබූ අතර ඔවුන්ට නියම කළ දඩ මුදල් ද විතිත්කරුවෝ ඒ අවස්ථාවේදීම ගෙවා දමනු ලැබූහ.

මෙය ලංකාවේ පෞරාණික ස්ථානයක් බව දැන දැනම මෙයට අලාභහානි කිරීම සුළුවෙන් තැකිය නොහැකි හෙයින් විත්තිකරුවන්ට උපරිම දඩුවම් නියම කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්කරුවන්ට මෙලෙස දඩුවම් නියම කෙරිණි.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ, හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, හිටපු නාගරික ඉන්ජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, හිටපු වැඩ පරීක්‍ෂක ඉලාලුදීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් ප්‍රියන්ත නැමැත්තන්ටය.

2020 ජූලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගලදී කුරුණෑගල නගර සභාව සතු දේපළ වන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා මණ්ඩපය කඩා දැමීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අදාල රාජසභා මණ්ඩලය කඩා අනර්ථයක් කර රුපියල් හැත්තදෙලක්‍ෂ පනස් දහසක පාඩුවක් කිරීම, ඒ සඳහා අධාරඅනුබල දීම ඇතුළු චෝදනා 5 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.



අදහස් (30)

රාජ සභාව කැඩූ කුරූණෑගල හිටපු නගරාධිපති ඇතුළු පහක් වසර තුනක් හිරේට

සෙනෙවිරත්න Thursday, 14 December 2023 05:54 PM

ජොනීගේ ලොකුකම මහින්දගේ දේශප්‍රේමේ ඔලුවට අරගෙන හැමදාම බලයේ ඉන්න හැකිය කියලා කරපු කෙරුවාව. අධිකරණයට උපහාර වේවා!.

:       0       7

අරවින්ද මොනරවිල Thursday, 14 December 2023 05:59 PM

මේ වගේ අමනයින්ව අවුරුදු දහයකට සිරගෙට යැව්වත් කමක් නැහැ නඩුකාර හාමුදුරුවනේ...!

:       0       5

Dharmatileke Thursday, 14 December 2023 06:03 PM

දැන් නගරාධිපතිගේ මයිල්ගස්වලට මොකද වුණේ...? ඒවා ජොන්ස්ටන්ට තියාගන්න දෙන්න ඇති...

:       0       4

ravin Thursday, 14 December 2023 06:17 PM

මොවුන්ගේ පිටිපස්සේ ඉඳගෙන පුරසාරම් බස් දොඩන කසිප්පු කාරයාට...? 

:       0       6

Channa Thursday, 14 December 2023 06:25 PM

ජොන්ස්ටන්, ඔයා කොහේද?

:       0       4

Siri Thursday, 14 December 2023 06:28 PM

මේ සේරටම බන්ධනාගාර රෝහලේ ඉඩ තියෙයිද?

:       0       3

නාමල් Thursday, 14 December 2023 06:33 PM

අයියෝ කෝ මේ අපේ ස්කාගාර ජොනී. එයා සහතික වුණානේ මේ වධකයාගේ ඇඟට හුළඟක්වත් වදින්න දෙන්නේ නෑ කියලා. අනේ පව්... හැබැයි මොවුන් හොරාකාල තියෙන හැටියට කෝටි කියන එක මොන කජ්ජක්ද? හැබැයි පුතාලා ඔබලා උසාවියෙන් බේරුණත් අලුතින් හැදෙන අපායවල් වලින් නම් ගැලවීම බොරු...!

:       0       5

සුනිල් Thursday, 14 December 2023 06:35 PM

කෝටි ගාණක් එක පාර ගෙවන්න කෝටි ගාණක් තියෙන්න එපැයි. මේ ගොල්ලෝ වත්කම් එළිකරලාද තිබ්බේ. මේවා හොයපු විදිය සටහන් තියෙනවාද? ආදායම් බදු වේලාවට ගෙවලාද තියෙන්නේ..?

:       0       4

susantha Thursday, 14 December 2023 07:46 PM

මෙක බොහොම සාදනීය නඩු තීන්දුවක්. අදිකරනයට අපගේ ප්‍රනාමය! එක්කොටි තිස් හත් ලක්ශෙයක් නෙවෙයි කෝටී දහයක දඩයක් උනත් එක පාරින්ම ගෙවන එක කජ්ජක් නෙවෙයි නගරාදිපතියෙකුට උනත්, ඉතින් මොකටඩ පාර්ලිමේන්තු මන්ත්‍රියො, ඇමතියො ගැන කතා.

:       0       0

nanda Thursday, 14 December 2023 07:48 PM

පෞරානික දේවල් වල වටිනකමක් නොදන්න මෙවන් දාමරික කාලකන්න්නින්ට දඩුවම් දීම ඉතා හොඳ දෙයක්.

:       0       0

Sagara Kariyawasam Gobbaya Thursday, 14 December 2023 07:58 PM

හයියෝ , ජොනිය පවු අප්පා

:       0       4

CHANDIMA Thursday, 14 December 2023 08:24 PM

සතියකින් දෙකකින් සමාව දෙයි..? 

:       0       4

රසික Thursday, 14 December 2023 08:34 PM

නගරාධිපතිගේ මයිලකට අත තියන්න දෙන්නේ නෑ කිව්වා නේද ජොන්ටා...?

:       0       4

ranjith Thursday, 14 December 2023 08:59 PM

හිතක්, පපුවක් නැතිව පෞරාණික දේපළ විනාශ කළ කාලකණ්ණි හැත්ත...!

:       0       3

G. K. Ekanayake Thursday, 14 December 2023 11:12 PM

තාම මයිල් ගහක් හෙල්ලුනේ නැතෙයි...?

:       0       3

Bamunuarachchi Thursday, 14 December 2023 11:27 PM

නියමයි!

:       0       2

Perera Thursday, 14 December 2023 11:39 PM

මම හිතුවේ මොවුන්ගේ මයිල් ගහක්වත් හෙලවෙන්නේ නැහැ කියලා. කෝ මේ ජොනියා? 

:       0       3

චන්දිම Thursday, 14 December 2023 11:50 PM

රටේ ඉන්න මිනිස්සුන්ට දැන්වත් මොලේ පැදෙයිද මන්දා...? තේරුම් ගන්න මේ පොහොට්ටු පක්ෂේ නාමයෝජනා අරන් දේශපාලනයට එන්නෙම රටේ සංස්කෘතියක්, ඉතිහාසයක්, සාරධර්මයක් කියන කිසිම වටිනාකමක් ගැන මෙලෝ හසරක් නැති අමන, රස්තියාදු කාරයින් රංචුවක් කියන එක. ඉතින් මේ වගේ අමනයින් තෝරපු රාජපක්ෂේ අයියලා මල්ලිලා ඇතුළු සෙට් එකේම ඉන්නෙත් ඒවාටම හරියන අය තමයි. මහා තැනට අමනයෙක් පත් වුණාම ඊට පහළට පත්කර ගන්නෙත් සුදුස්සෝ වෙනුවට අමන නායකයාට හරි යන අමන රැලක්ම තමයි.

:       0       4

Iran Friday, 15 December 2023 12:09 AM

වන්දි ගෙවපු සල්ලි ආපු විදිහත් හොයමුද?

:       0       7

CHANDIMA Friday, 15 December 2023 12:32 AM

බුවනෙකබාහු රජ්ජුරුවන්ට වැඩියෙන් දැන් ඉන්න රජ්ජුරුවෝ බලවත් නේ .එයත් තව ටික දවසකින් කමිටුවක් දාලා ශේප් කරලා දෙයි .චන්දෙත් ලඟයි නේ

:       1       5

C.K.Lankaputhra Friday, 15 December 2023 06:41 AM

කෝ දැන් තමුසෙගේ අර මයිල් ආරක්ශකයා? තමුසෙලා වගේ උන්ට කියන්න හොද නමක් තියනවා, ඒක මේකෙ ලියන්න බෑ.

:       0       5

සෞභාග්‍යයේ රට පෙරට Friday, 15 December 2023 07:06 AM

ගරු අධිකරණය සාධාරණ තීන්දුවක් දීලා තියෙනවා. තුෂාර කියන ආකාරයට බුවනෙකබාහු රජතුමා තමයි මාර්ගය අවහිර වෙන ලෙසට අනවසර ඉදිකිරීම් කර තියෙන්නේ. හිටපු නාගරික කොමසාරිස් කොන්දක් නැති මුග්ධයෙක් නිසා හිරේට ගියා රජයේ නිලධාරියෙක් වෙලත් ඇත්ත යුත්ත පෙන්වා දෙන්න ඔහුට නොහැකි නම් රට හදන්නේ කොහොමද? දැන් ඉතින් මයිලකටවත් අත උස්සන්න කාටවත් දෙන්නේ නැහැ කියපු කෙනා මොනවා කරයිද බලමුකෝ...! සෞභාග්‍යයේ රට පෙරට. අද පැවැත්වෙන පොහොට්ටුවේ සමුලුවට පෙර මෙහෙම වුණා කියන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට පහරක් කියන්න පුළුවන් නේද?

:       0       6

අතුකෝරල Friday, 15 December 2023 07:40 AM

මොනා වුණත් රනිල් සර් යටතේ රටේ නීතිය ශක්තිමත් රාජපක්ෂලාට වඩා...

:       1       4

පැරකුම් Friday, 15 December 2023 07:54 AM

මෑතකදී අධිකරණය මගින් ලබාදුන් ආදර්ශමත් විශිෂ්ඨ තීන්දුවක්. කෙසේවෙතත් පසුපසින් සිට ඔවුන් උසිගැන්වූ අයට දඬුවම් නැද්ද?

:       0       2

Deepal Nirosh Friday, 15 December 2023 08:24 AM

ඉතා නිවැරදි කාලීන පරමාදර්ශී නඩු තීන්දුවක්.

:       0       6

CHINTHANA Friday, 15 December 2023 09:11 AM

දඩ මුදල ගෙවන්න තරම් සල්ලි ලැබුනෙ කෙසේද කියා විමසිය යුතුයි.

:       0       9

Chinthaka Friday, 15 December 2023 09:14 AM

දේශපාලන හයිය පෙන්වාගෙන ඉන්න මේ වාගේ අයට නිසි දඩුවම ලැබිලා ,

:       0       8

dasun Friday, 15 December 2023 09:34 AM

ඉතිහාසයෙත් මෙ වගෙ තීන්දු දුන්නනම් මෙ රට හැදිල

:       0       12

Ajantha Chandrasiri Friday, 15 December 2023 10:44 AM

ජෝක් නේ බන්

:       2       3

Kazi Shajahan Friday, 15 December 2023 11:23 AM

නගරාධිපතියා ජෝනියගේ ලනුවක් කෑවා .දැන් කෝ ජොනී 03 ටපල ඇවිල්ලාවත් මනුස්සයෙක් වෙයන් කාටවත් කොන්ද නවන්නේ නැතුව

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරයක් ඉන්දීය සමාගමකට
2024 මැයි මස 07 257 0

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 මැයි මස 07 249 0

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්,ඔවුන්ගේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 1


වතුර නැතිව නුවරඑළියේ ජනයා පීඩාවට
2024 මැයි මස 07 262 0

නුවරඑළිය මහ නගර සභාවේ පාලන බල ප්‍රදේශයට අයත් ලවර්ස්ලීප් විනායකපුරම් හා නවගංගොඩ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පසුගිය දින 21ක් පුරාවට බීමට , වැසිකිලි භාවිතය


ජාතික ගුරු සභාවට කැබිනට් අනුමැතිය
2024 මැයි මස 07 183 0

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතය


නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට
2024 මැයි මස 07 318 1

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


කෝටියකට අධික අයිස් සමඟ ජාවරම්කරුවෙක් මාට්ටු
2024 මැයි මස 07 370 0

මිය ගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් මාකොල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 529 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1984 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1758 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site