ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ද ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු වශයෙන් පත්කිරීමට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද හා හිටපු අගවිනිසුරුවරියට එරෙහි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා තින්දුව අහෝසි කරමින් දුන් රීට් ආඥාවට එරෙහිව විශේෂ අභියාචන පෙත්සමක් ද සලකා බැලීම සදහා නව පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගහරුවාදා පෙවරු 9.30ට රැස්විමට නියමිතය.
සලීම් මර්ෂුක් , ශිරානි තිලකවර්ධන ,නිමල් ගාමිණි අමරතුංග,කේ.ශ්‍රී පවාන් ,පී.ඒ රත්නායක, චන්ද්‍රා ඒකනායක ,සත්‍යා හෙට්ටිගේ,ප්‍රියසාද් ඩේප් හා ඊවා වනසුන්දර එහි සාමාජිකයෝය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එකොළොස් දෙනාගෙන් අග විනිසුරු හැර සෙසු සියලු විනිසුරුවරු මෙම මඩුල්ලට අයත් වෙති.
එස්.අයි. ඉමාම් විනිසුරු විශ්‍රාම ගොසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධන විභාගය පැවැති 1987 පසු විනිසුරුවරුන් නව දෙනකු පත් කළ මුල්ම අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු රජ වුණත් නීතියේ ගෞරවාන්විත බව රකිනවා නම් එච්චරයි (නි)
ඇත්තටම් මම හිතුවා ඉවරයි කියලා (දී)
මේ ඔක්කොම අපේ කටිටියද?(නදී)
රජ කමිටුව (දී)
අනේ මන්දා (දී)
ඒකාධිපති පාලනයට එරෙහිව සාදාරන තීන්දුවක් දෙන්න.(නදී)
තවම ඉවර නැහැ වගේ (දී)