මෙරට රජ සමයටද, ඕලන්ද, ලංදේසි යුගවලට අයත් ඉපැරණි කාසි 157 ක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික තරුණයෙකු කටුනායනදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
වයස අවුරුදු 28 ක් වූ සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි රෙදිපිලි සහ ජංගම දුරකතන ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුට ගනු ලැබූ කාසි අතර විදේශීය පැරණි කාසි කිහිපයක්ද තිබණි.
මෙම කාසි හිතවත් පුද්ගලයෙකුගෙන් ලබා ගත් බවත් ඉන්දියාවට ගෙන ගොස් විකිනීම සඳහා මෙසේ රැගෙන යාමට උත්සහ කළ බව සැකකරු රේගුවට පවසා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂනය යටතේ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී සී.විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එස්.එම්.ඞී.එච් ධර්මසිරි, ජෙ.සී අබේවර්ධන, ඞී.එස්.පී තිලකරත්න, චූලා විජේසුන්දර සහ සහකාර රේගු අධිකාරී සහන් ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.එස්.කේ දි සිල්වා මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ මේ පොඩි පොඩි දේවල් අල්ලලා නිකන් කාලේ නාස්ති කරන්න එපා (ස)
අපරාදේ තමිල්නාඩුවට යන්න දෙන්න තිබුණේ. එහේ ගියානම් මෙයාට දඩුවම් නොමිලයේම ලැබෙනවා. (ස)
ඔන්න මහත්තයෝ කාසි ඇල්ලුවට කමක් නැහැ හැබැයි සාක්කුවට එහෙම දාගන්නව නොවෙයි හොදද(ස)
ෂුවර් එකටම මේකට අර කණ් ගැට්ටව සම්බන්ධ ඇති. (ස)
මේ වගේ අයට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම්. ජාතික උරුමයන් විකුණන් කන අයටනම් හොඳක් සිද්ද වෙන්න එපා. (ස)
මෙතන තියෙක කාසි වලින් වැඩි හරියක් ඉතාම මෑත යුගයට අයත් ඒවනේ. (ස)
ඒක හොදයි (දී)
අපේ උරුමය සුරකින්න එකතු වෙන්න මිනිසුනේ (දී)
සමන්, චන්ද්‍රා, ලංකාවේ ජාතික උරුමය බැකෝ වලින් හාරද්දී දෙන්න ඕනෑ දඩුවම මොකක්ද? (නි)
ඇත්තටම ජාතික උරුමය විකුණා කන මෝඩ රැලකට මොන දඬුවම්ද ? (ස)
දියුණු වෙන්න මේ මිනිස්සුන්ට වෙන කරන්නම දෙයක් නැද්ද? උසාවි දැම්මත් කෝ නිසි දඩුවම්. (නි)
සමන්, පිටිගල, මේ සුළු දේකට මෙච්චර බොරුවට කෑගහන්නේ ඇයි? (නි)
පැරණි දේවල් හොරකම් කිරීම පොඩි දෙයක්ද? (නි)
ශාන්, මේවා පොඩි දේවල් වෙන්නෙ කොහොමද? ජාතික උරුමයක වටිනාකම පේන්නෙ ජාතික කැක්කුමක් තියෙන අයෙකුට විතරයි! (නි)
ඒවා කටුගෙට යවන්න. (නි)
කටුගෙයින් ගත්ත ඒවාද දන්නෙ නැහැ. (නි)
සෙන්තිල්, ඇයි අපරාධකාරයගේ නම සදහන් නොකරන්නේ? පුළුවන් නම් කියන්න. (නි)
ජයලලිතා දැන ගත්තා නම් වහාම තහනම් කරනවා (නි)
මෙයා පැරණි දේවලට කැමති කෙනෙක්. කලින් කළ වරදක් ඇත්නමි හොයලා රජකාලේ පැරණි දඩුවම් වලින්ම නියම කළ යුතුයි.(නදී)
ආරක්ෂක ලේකම් තුමනි, මොහුට රජකාලේ දඩුවම් දෙන්න. රටේ ජාතික උරුමයන් විකුනන් කන්න හැදුවට.(නදී)
පැරණි කෙසේ වෙතත් සවුදි රියාල් කාසි, ඉන්දියානු කාසි තියෙනවා හරියට බැලුවොත් (ස)
කාසිවලට අමතරව කමිල් නාඩුවට යන්න දරපු එකට ටෙනම හිරේ දාන්න ඕනේ.(නදී)
සමන් ඉන්නේ ලංකාවේද, කාගෙන්ද ඔය සාදාරණ නීතියක් බලාපොරොත්තු වන්නේ (ස)
දිනූෂ, බැකෝ කාරයන්ටත් මේ හැන්දෙන්ම තමයි දෙන්න ඕනේ.(නදී)