මෙරට රජ සමයටද, ඕලන්ද, ලංදේසි යුගවලට අයත් ඉපැරණි කාසි 157 ක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික තරුණයෙකු කටුනායනදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
වයස අවුරුදු 28 ක් වූ සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි රෙදිපිලි සහ ජංගම දුරකතන ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුට ගනු ලැබූ කාසි අතර විදේශීය පැරණි කාසි කිහිපයක්ද තිබණි.
මෙම කාසි හිතවත් පුද්ගලයෙකුගෙන් ලබා ගත් බවත් ඉන්දියාවට ගෙන ගොස් විකිනීම සඳහා මෙසේ රැගෙන යාමට උත්සහ කළ බව සැකකරු රේගුවට පවසා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂනය යටතේ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී සී.විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එස්.එම්.ඞී.එච් ධර්මසිරි, ජෙ.සී අබේවර්ධන, ඞී.එස්.පී තිලකරත්න, චූලා විජේසුන්දර සහ සහකාර රේගු අධිකාරී සහන් ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.එස්.කේ දි සිල්වා මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුනි.
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජ කාලේ කාසි තොගය අල්ලයි
ශාන් Sunday, 31 March 2013 10:52 PM
අනේ අනේ මේ පොඩි පොඩි දේවල් අල්ලලා නිකන් කාලේ නාස්ති කරන්න එපා (ස)
දිනේෂ් Sunday, 31 March 2013 11:09 PM
අපරාදේ තමිල්නාඩුවට යන්න දෙන්න තිබුණේ. එහේ ගියානම් මෙයාට දඩුවම් නොමිලයේම ලැබෙනවා. (ස)
සුජානි Monday, 01 April 2013 12:05 AM
ඔන්න මහත්තයෝ කාසි ඇල්ලුවට කමක් නැහැ හැබැයි සාක්කුවට එහෙම දාගන්නව නොවෙයි හොදද(ස)
සම්පත් Monday, 01 April 2013 10:46 AM
ෂුවර් එකටම මේකට අර කණ් ගැට්ටව සම්බන්ධ ඇති. (ස)
දිනේෂ් Monday, 01 April 2013 01:04 AM
මේ වගේ අයට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම්. ජාතික උරුමයන් විකුණන් කන අයටනම් හොඳක් සිද්ද වෙන්න එපා. (ස)
සේනක Monday, 01 April 2013 01:33 AM
මෙතන තියෙක කාසි වලින් වැඩි හරියක් ඉතාම මෑත යුගයට අයත් ඒවනේ. (ස)
බණ්ඩාර Monday, 01 April 2013 01:44 AM
ඒක හොදයි (දී)
රණසිංහ Monday, 01 April 2013 01:44 AM
අපේ උරුමය සුරකින්න එකතු වෙන්න මිනිසුනේ (දී)
දිනූෂා Monday, 01 April 2013 01:47 AM
සමන්, චන්ද්‍රා, ලංකාවේ ජාතික උරුමය බැකෝ වලින් හාරද්දී දෙන්න ඕනෑ දඩුවම මොකක්ද? (නි)
ප්‍රියන්ත Monday, 01 April 2013 11:21 AM
ඇත්තටම ජාතික උරුමය විකුණා කන මෝඩ රැලකට මොන දඬුවම්ද ? (ස)
සමන්තා Monday, 01 April 2013 02:35 AM
දියුණු වෙන්න මේ මිනිස්සුන්ට වෙන කරන්නම දෙයක් නැද්ද? උසාවි දැම්මත් කෝ නිසි දඩුවම්. (නි)
සෙන්තිල් Monday, 01 April 2013 02:33 AM
සමන්, පිටිගල, මේ සුළු දේකට මෙච්චර බොරුවට කෑගහන්නේ ඇයි? (නි)
නවීන් Monday, 01 April 2013 03:47 AM
පැරණි දේවල් හොරකම් කිරීම පොඩි දෙයක්ද? (නි)
ප්‍රසන්න Monday, 01 April 2013 06:48 AM
ශාන්, මේවා පොඩි දේවල් වෙන්නෙ කොහොමද? ජාතික උරුමයක වටිනාකම පේන්නෙ ජාතික කැක්කුමක් තියෙන අයෙකුට විතරයි! (නි)
අමිල කටුනායක Monday, 01 April 2013 06:50 AM
ඒවා කටුගෙට යවන්න. (නි)
හිරාන් Monday, 01 April 2013 08:01 AM
කටුගෙයින් ගත්ත ඒවාද දන්නෙ නැහැ. (නි)
පාලිත Monday, 01 April 2013 08:41 AM
සෙන්තිල්, ඇයි අපරාධකාරයගේ නම සදහන් නොකරන්නේ? පුළුවන් නම් කියන්න. (නි)
ඉලේපෙරුම Sunday, 31 March 2013 07:45 PM
ජයලලිතා දැන ගත්තා නම් වහාම තහනම් කරනවා (නි)
චන්ද්‍රා-ඇමරිකාව Sunday, 31 March 2013 07:52 PM
මෙයා පැරණි දේවලට කැමති කෙනෙක්. කලින් කළ වරදක් ඇත්නමි හොයලා රජකාලේ පැරණි දඩුවම් වලින්ම නියම කළ යුතුයි.(නදී)
සමන් Sunday, 31 March 2013 07:58 PM
ආරක්ෂක ලේකම් තුමනි, මොහුට රජකාලේ දඩුවම් දෙන්න. රටේ ජාතික උරුමයන් විකුනන් කන්න හැදුවට.(නදී)
උජිත Monday, 01 April 2013 09:29 AM
පැරණි කෙසේ වෙතත් සවුදි රියාල් කාසි, ඉන්දියානු කාසි තියෙනවා හරියට බැලුවොත් (ස)
පිටිගල-මිලානෝ Sunday, 31 March 2013 08:17 PM
කාසිවලට අමතරව කමිල් නාඩුවට යන්න දරපු එකට ටෙනම හිරේ දාන්න ඕනේ.(නදී)
අචිනි Monday, 01 April 2013 09:34 AM
සමන් ඉන්නේ ලංකාවේද, කාගෙන්ද ඔය සාදාරණ නීතියක් බලාපොරොත්තු වන්නේ (ස)
චන්ද්‍රා-ඇමරිකාව Monday, 01 April 2013 09:41 AM
දිනූෂ, බැකෝ කාරයන්ටත් මේ හැන්දෙන්ම තමයි දෙන්න ඕනේ.(නදී)