IMG-LOGO

රඟපාන්න මම කැමති නැහැ

2016-08-08-ent-52වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනාවල නිතර දකින ප්‍රශානි පෙරේරා සමගින් මෙවර 'සාරවිට' තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. ඉතා කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණ ප්‍රශානි, වර්තමානය වනවිට බොහෝ පිරිසකගේ අවධානය දිනා සිටින යොවුන් නිරූපිකාවක්ද වේ. අපි ඇයගෙන් මෙසේ ඉදිරි කලා කටයුතු පිළිබඳව තොරතුරු විමසුවෙමු.

 

2016-08-08-ent-56ප්‍රශානි මේ දවස්වල ටිකක් කාර්යබහුලයි නේද?

ඔව්, මේ දිනවල 'බ්‍රයිඩ්ල් ෂෝ' කිහිපයකටම දායක වුණා. ඒ නිසා ටිකක් විතර කාර්යබහුල වෙන්න සිදුවුණා. ඊට අමතරව අලුත් ගායකයන් කිහිප දෙනෙකුගේම 'මියුසික් වීඩියෝ' සඳහා රංගනයෙන් දායක වෙන්නත් පසුගිය දවස්වල අවස්ථාව ලැබුණා.

 

ප්‍රශානි කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

නැහැ, මම කැමති නැහැ මාව නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වනවට. මොකද මේ මගේ වෘත්තීය නෙමෙයි. මම නිරූපිකාවක් විදිහට වැඩ කරන්නේ විනෝදයට.

 

හැබැයි පුංචි කාලේ හීනේ වුණේ වෙන වෘත්තියක් නේද?

ඔව්. මම පුංචි කාලේ හීන මැව්වේ 'ෆැෂන් ඩිසයිනර්' කෙනෙක් වෙන්න. නමුත්, ඒ පැතත්ට යොමු වෙනන් බැරිවුණා. හැබැයි තාමත් මම කැමතියි 'ෆැෂන් ඩිසයිනර්' කෙනෙක් විදිහට වැඩ කරන්න. නමුත්, නිරූපිකාවක් විදිහට තියෙන වැඩ එක්ක ඒ පැත්තට යොමු වෙන්න කාලයක් වෙන්කරන්න අපහසුයි. ඒ එක්කම ඒ අදහස මගේ හිතෙන් ඈත් වුණා.

 

ප්‍රශානි ගීත රූප රචනා වගේම වෙළෙඳ දැන්වීම්වල නිතර දකිනවා?

මම ඒ වගේ කලා නිර්මාණවලට කැමතියි. මොකද, මට කාලය ඉතිරි කරගන්න ඒ වැඩවලදී පුළුවන්. වැඩත් එක්ක ඒකාකාරී වෙන්න මම කැමති නැහැ. මට නිදහසත් අවශ්‍යයි. මොකද කලින් කිව්වා වගේ මම මේක කරන්නේ විනෝදයට නිසා.

 

ප්‍රශානි රසිකයන් අතරට ගියේ?

'සිංගර්', 'චන්ද්‍රාලේප', 'සිග්නල්', 'පීසා හට්‘, ‘ජාතික ලොතරැයි මණ්ඩලයේ‘, ‘චවිකාන්ති‘, ‘පෑන් ඒෂියා ඉන්ෂුරන්ස්“, 'වැස්ලින්' වෙළෙඳ දැන්වීම් හරහා. ඊට අමතරව මියුසික් වීඩියෝ බොහොමයක් හරහා මට රසිකයන් අතරට යන්න පුළුවන් වුණා.

 

නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට ඔබේ ඉදිරිය?

එහෙම ලොකු ඉලක්ක මට නැහැ. නිරූපිකාවක් විදිහට සාමාන්‍ය මේ ගෙවන විදිහටම ගෙවෙයි. රඟපාන්න මගේ අදහසක් නැහැ. ඒ හින්දා නිරූපිකාවක් විදිහට පුළුවන් කාලයක් මම වැඩ කරයි.

 

ක්ෂේත්‍රයේදී උදව් කළ අය මතක් කළොත්?

විශේෂයෙන්ම මගේ අම්මා හා තාත්තා දෙන්නා. තව දිලුම්, තිලංක, බියුමාල්, අශාන්, අජන්ත, සමීර යන අයියලාව මතක් කරන්න ඕන. 

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද

2016-08-08-ent-59 2016-08-08-ent-54 2016-08-08-ent-58 2016-08-08-ent-57 2016-08-08-ent-55 2016-08-08-ent-53



අදහස් (0)

රඟපාන්න මම කැමති නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site