IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රේගුව යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් දීලා

(අංජුල මහික වීරරත්න)

පරීක්ෂාවකින් තොරව  වරායෙන් නිදහස් කළ බහාලූම් 323 හි තිබුනේ මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ රේගුවෙන් විමසීමක් කළත් ලැබුණේ යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඇසූ ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට ඔවුන් ජනවාරි 29 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක පිටපතක් සහ " ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි" යන සටහන පමණක් ඒවා තිබු බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මේ බව කීවේ කොළඹදී අද (27)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පරීක්ෂා නොකර පිටත් කළ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ  යැවීමට නිර්දේශ කළාද? බහාලුම් කීයක් තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද?යනුවෙන් තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට රේගුවේ ලිපි ලේඛන නැතැයි පැවසීම අස්වාභාවික තත්ත්වයක් බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.මේ අනුව රේගුව යම් දෙයක් සඟවන්නට හදන බව පැහැදිලි යැයිද ගම්මන්පිල  මහතා සඳහන් කළේය.



අදහස් (9)

රේගුව යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් දීලා

අරවින්ද මොණරවිල Tuesday, 27 May 2025 04:14 PM

පිස්සෙක්ට උත්තර දෙන්න රේගුවට උවමනාවක් නැතුව ඇති.

:       56       57

වලේසුදා Tuesday, 27 May 2025 04:28 PM

ඕවා එළිවෙන්න ආණ්ඩු මාරු වෙන්න ඕන.

:       11       59

pradeep Tuesday, 27 May 2025 04:38 PM

ඔක්කොම දන්නවා රේගුවේ තිබුණු තදබදය නිසා මේවා යැව්වා කියලා... මොවුන්ට ඕනෑවෙලා තියෙන්නේ... කොහොම හරි කරලා රට අවුල් කරන්න. මොනවා හරි නීතිවිරෝධී දේවල් තිබුණා කියලා දන්නවා නම් බොරුවට රඟන්නේ නැතිව පැමිණිලි කරපල්ලා.

:       19       23

sachith Tuesday, 27 May 2025 04:41 PM

මේ යන විදිහට නම් ඉතින් එල්ලෙන්න කන්ටේනර් පෙට්ටියක් වත් තියෙන එක ගැන සතුටු වෙන්න.

:       9       19

ගුණරත්න Tuesday, 27 May 2025 05:23 PM

මොවුන් මෙච්චර හංගන්නේ මොකද? මොකක් හරි තහනම් ද්‍රව්‍යයක් මේ කන්ටේනර් වලින් ගෙනාවාද?

:       25       23

චතුරි Tuesday, 27 May 2025 08:03 PM

ගොබ්බයෝ ආන්ඩුව කරන කාලේ. සේරම වසවිස කන්ටේනර් පිටින් පාස් කෙරුවේ මෝඩ හැතිකරේ... අසරණ ජනතාව දැන් කොයිතරම් ලෙඩදුක්වලින් මිදෙනවාද? තරුණයින් මත්වෙලා මේ සේරම කෝටි ගණන් පගාවට කරපු දෙවල්. ලන්කාව දැන් නරකාදියක්. මේ මල පේරේත ගොබ්බ රෑන නිසා. අවංකව වැඩ කරන මාලිමාවේ වැරැදි හොයනවා. නාකිමයිනයි, ගොබ්බයයි පිනා රනිල් වැඩකරන කාලේ නැට්ට අකුලන් හිටියේ. ඕනම වැරැදි වැඩක් දැක්කේ නැහැ වගේ හිටියේ... මොවුන්ට හිතුවට හොරාකන්න ජනතාවගේ මුදල් බුක්ති විඳින්න. ඔය ලොකු ගොබ්බයෝ තුන් දෙනා. ඉඩ දුන්න නිසා...

:       13       19

ගුණරත්න Tuesday, 27 May 2025 11:34 PM

චතුරි නෝනෝ මේ ආණ්ඩුවත් කන්ටේනර් 323ක් පැන්නුවා... ඒවායේ ගෙනාපු දේ මොනවාද කියලා රේගුවේවත් විස්තර නැහැ කියලා තමා ප්‍රවෘත්තිය, ඉතින් ඔබතුමී කියන ගොබ්බයෝ මේ ආණ්ඩුවේම අය නේද? ටිකක් කල්පනා කරලා බලන්න...

:       2       1

ChathuriWednesday, 28 May 2025 04:54 PM

ළඟ හිටියා වගේ කියන්නේ. කන්ටේනර් පාස් කෙරුවා කියලා. මේ වගේ ලොකු දෙයක් වෙනවා දැක්කානම්. මොවුන්ට කඩේ යන කෙනෙක් එතැන හිටියා නම්... ඉන්න ඇති. ඒ වේලේම පොලිසියට කෝල් කරලා අල්ලා දෙන්න තිබුණානේ. බිත්තර කේස් එකක් නෙමේනේ ලොකු කන්ටේනර්... කොහොමත් මේ අඩි හතරක් උස නැති සතපහ, මයිනා ඉන්නකොට. කටින් බෝම්බ පත්තු කරපු කෙනෙක්. මේ වගේ අයගේ කතා පෙරලා... රොඩ්ඩත් නැවත කොටලා හලලා. ගන්න ඕනෑ. ළඟින් ගියොත් ඇහැක් නැහැ. කට ඇරියොත් මුළු පළාතම ගඳයි.

:       0       1

Nishan Wednesday, 28 May 2025 05:15 AM

මේකෙන් ගැලවෙන්න නම් බැරි වෙනවා මාලිමා ආණ්ඩුවේ නායකයන්ට අවුරුදු 50 ක් ගියත්.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site