කොට්ටේ අස්සේ මන්නයක් සඟවාගෙන පොල්ගස්ඕවිට වෑතර රෝහලට ආ පුද්ගලයකු වෛද්‍යවරියකට හා රෝහල් සේවකයනට මන්නය එල්ල කරද්දී ඔවුන් දිව ගොස් බේරුණු බවත් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොල්ගස්ඕවිට පොලිසිය කියයි. දුවද්දී වෛද්‍යවරිය ඇද වැටී තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. අසනීපයෙන් පසුවන බවත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට අවශ්‍ය බවත් කියමින් රෝහලට ආ සැකකරු එකවරම කෝට්ටයෙන් මන්නයක් එළියට ඇද පහර දෙන්නට උත්සහ කර ඇතැයි රෝහල් ආරංචි කියයි. රෝහලට ස්ථිර පොලිස් මුර පොළක් දෙන ලෙස එහි සේවකයෝ බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි රෝහලකට වගේ ඇවිත් තියෙන්නේ . මානසික රෝහලකට මොහුව යවන්න (ස)
වඩා වැදගත් මේ සිද්ධිය හොදින් අධ්‍යයනය කරලා මේ සමාජ විපර්යාසය යහපත් තත්ත්වයට ගැනීමයි. (නි)
මට වෙලාවකට හිතෙනවා දැන් දැන් අපේ රටේ මිනිස්සු කන කෑම වලින්වත් මොනවාහරි වෙලාද කියලා මේ මිනිස්සුන්ට (ස)
මේ අයන හැටියට හැම ගෙදරකටම පොලිස් නිලධාරියෙක් දාන්න වෙයිද? (ස)
රෝහල් ගත වන නවතම ක්‍රමය (දී)
ඒ ඉල්ලීම 100% සාධාරනයි (දී)
පොල්ගස්ඕවිටට පොලීසියක් නෑ (ස)
මටත් තියෙනවා මෙවැනි අද්දැකීමක් (දී)
පොල්ගස්ඕවිට පොලිසියක් නෑ (ස)
කවුද දන්නේ මන්නෙට උණ ගැනිලද කියලා (ස)
සමහර දොස්තරලට ගහන්න ඔන මන්නෙන් නොවෙයි පරමාණු බෝම්බෙන් (අ)
මේ මනුස්සයා කියලා තියෙන්නේ රෝහලට ඇතුලත් කර ගන්න කියලාලු, මොකද්ද ඊට හේතුව (දී)
අද කාලේ දොස්තරවරුන්ටත් ගොඩක් වෙලාවට වරදිනවා (නි)
මානසික රෝගියෙක් වෙන්න ඇති. නැත්නම් කොස් කපන්න ආවද දන්නේ නෑ (ස)
දැන් මේකට වර්ජනයක් කරන්නෙ නැද්ද? (නි)
රෝහල් සාත්තුසේවක/ සේවිකාවන් කතා කරන විදියට නම් මන්නයක් අවශ්‍යයි (ස)
දොස්තර නෝනව වැටිලා තියෙන්නෙ ඇයි? (නි)
ත්‍රීවිල් එකයි අරක්කු බෝතලෙයි කොහෙන්ද ? (ස)
ටෙලි නාට්‍යයක් වගෙයි. (නි)
වෑතර මොකද, මාතර මොකද, දැන් දැන් අහන්න ලැබෙන දේවල හැටියට රෝහල් ගත වෙන කොට රෝගීන්ගෙ ආත්මාරක්ෂාවට යමක් ළඟ තබා ගැනීම වරදක්ම නෙවෙයි. (ස)
ඇයි බයවෙන්නේ , සැත්කමක් කරන්නනේ අවේ (ස)
අද කණගාටුවට කරුණ කවුරුත් කතා කරන්නෙ සේවක අයිතිවාසිකම් ගැන පමනයි. මම තාම දැකලා නැහැ කිසිම සේවකයෙක්වත් දොස්තර මහතෙක්වත් සේවක යුතුකම් හරියට වෙන්නෙ නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. කිසිකෙනෙක් මන්නවත් චීනපටස්වත් රෝහලට ගෙනෙන්නේ නැහැ සේවය හරියට වෙනවා නම්. (නි)
ඔය ලෙඩා මාතර රෝහලට යන්න හිටපු කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
ආරක්ෂක නිලධාරීන් නැද්ද ඒ රෝහලට (දී)
යවන්න තිබුණේ මෙයාව අංගොඩට. (නි)
පුදුම මනුස්සයෙක් තමයි (දී)