IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රෝගියාගේ කොට්ටයෙන් මන්නයක් එළියට අදී

කොට්ටේ අස්සේ මන්නයක් සඟවාගෙන පොල්ගස්ඕවිට වෑතර රෝහලට ආ පුද්ගලයකු වෛද්‍යවරියකට හා රෝහල් සේවකයනට මන්නය එල්ල කරද්දී ඔවුන් දිව ගොස් බේරුණු බවත් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොල්ගස්ඕවිට පොලිසිය කියයි. දුවද්දී වෛද්‍යවරිය ඇද වැටී තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. අසනීපයෙන් පසුවන බවත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වීමට අවශ්‍ය බවත් කියමින් රෝහලට ආ සැකකරු එකවරම කෝට්ටයෙන් මන්නයක් එළියට ඇද පහර දෙන්නට උත්සහ කර ඇතැයි රෝහල් ආරංචි කියයි. රෝහලට ස්ථිර පොලිස් මුර පොළක් දෙන ලෙස එහි සේවකයෝ බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

රෝගියාගේ කොට්ටයෙන් මන්නයක් එළියට අදී

ලලිත් Saturday, 09 March 2013 11:57 AM

වැරදි රෝහලකට වගේ ඇවිත් තියෙන්නේ . මානසික රෝහලකට මොහුව යවන්න (ස)

:       0       0

අරුණ Saturday, 09 March 2013 07:19 PM

වඩා වැදගත් මේ සිද්ධිය හොදින් අධ්‍යයනය කරලා මේ සමාජ විපර්යාසය යහපත් තත්ත්වයට ගැනීමයි. (නි)

:       0       0

ශීලා Saturday, 09 March 2013 11:59 AM

මට වෙලාවකට හිතෙනවා දැන් දැන් අපේ රටේ මිනිස්සු කන කෑම වලින්වත් මොනවාහරි වෙලාද කියලා මේ මිනිස්සුන්ට (ස)

:       0       0

කමල් Saturday, 09 March 2013 12:16 PM

මේ අයන හැටියට හැම ගෙදරකටම පොලිස් නිලධාරියෙක් දාන්න වෙයිද? (ස)

:       0       0

ලසන්ත Saturday, 09 March 2013 12:36 PM

රෝහල් ගත වන නවතම ක්‍රමය (දී)

:       0       0

නුවන් Sunday, 10 March 2013 10:52 AM

ඒ ඉල්ලීම 100% සාධාරනයි (දී)

:       0       0

ජයා Saturday, 09 March 2013 12:38 PM

පොල්ගස්ඕවිටට පොලීසියක් නෑ (ස)

:       0       0

අකිල Sunday, 10 March 2013 10:56 AM

මටත් තියෙනවා මෙවැනි අද්දැකීමක් (දී)

:       0       0

ජයරත්න Saturday, 09 March 2013 12:47 PM

පොල්ගස්ඕවිට පොලිසියක් නෑ (ස)

:       0       0

ගුණවර්ධන Saturday, 09 March 2013 01:19 PM

කවුද දන්නේ මන්නෙට උණ ගැනිලද කියලා (ස)

:       0       0

ජයසේන Saturday, 09 March 2013 09:49 PM

සමහර දොස්තරලට ගහන්න ඔන මන්නෙන් නොවෙයි පරමාණු බෝම්බෙන් (අ)

:       0       0

ලාල් Saturday, 09 March 2013 02:04 PM

මේ මනුස්සයා කියලා තියෙන්නේ රෝහලට ඇතුලත් කර ගන්න කියලාලු, මොකද්ද ඊට හේතුව (දී)

:       0       0

රොෂාන් Sunday, 10 March 2013 01:41 AM

අද කාලේ දොස්තරවරුන්ටත් ගොඩක් වෙලාවට වරදිනවා (නි)

:       0       0

අනුර Saturday, 09 March 2013 02:37 PM

මානසික රෝගියෙක් වෙන්න ඇති. නැත්නම් කොස් කපන්න ආවද දන්නේ නෑ (ස)

:       0       0

ජයනෙත්ති Sunday, 10 March 2013 02:40 PM

දැන් මේකට වර්ජනයක් කරන්නෙ නැද්ද? (නි)

:       0       0

පිටිගල Saturday, 09 March 2013 02:43 PM

රෝහල් සාත්තුසේවක/ සේවිකාවන් කතා කරන විදියට නම් මන්නයක් අවශ්‍යයි (ස)

:       0       0

හිල්මි Sunday, 10 March 2013 03:50 AM

දොස්තර නෝනව වැටිලා තියෙන්නෙ ඇයි? (නි)

:       0       0

කුරුවිට Saturday, 09 March 2013 03:10 PM

ත්‍රීවිල් එකයි අරක්කු බෝතලෙයි කොහෙන්ද ? (ස)

:       0       0

ලංකාසිරි Sunday, 10 March 2013 05:48 AM

ටෙලි නාට්‍යයක් වගෙයි. (නි)

:       0       0

සිරි Saturday, 09 March 2013 03:36 PM

වෑතර මොකද, මාතර මොකද, දැන් දැන් අහන්න ලැබෙන දේවල හැටියට රෝහල් ගත වෙන කොට රෝගීන්ගෙ ආත්මාරක්ෂාවට යමක් ළඟ තබා ගැනීම වරදක්ම නෙවෙයි. (ස)

:       0       0

සේනානායක Saturday, 09 March 2013 03:49 PM

ඇයි බයවෙන්නේ , සැත්කමක් කරන්නනේ අවේ (ස)

:       0       0

ජෝයි Sunday, 10 March 2013 06:39 AM

අද කණගාටුවට කරුණ කවුරුත් කතා කරන්නෙ සේවක අයිතිවාසිකම් ගැන පමනයි. මම තාම දැකලා නැහැ කිසිම සේවකයෙක්වත් දොස්තර මහතෙක්වත් සේවක යුතුකම් හරියට වෙන්නෙ නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. කිසිකෙනෙක් මන්නවත් චීනපටස්වත් රෝහලට ගෙනෙන්නේ නැහැ සේවය හරියට වෙනවා නම්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 10 March 2013 07:52 AM

ඔය ලෙඩා මාතර රෝහලට යන්න හිටපු කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 09 March 2013 05:45 PM

ආරක්ෂක නිලධාරීන් නැද්ද ඒ රෝහලට (දී)

:       0       0

හේමසර හිමි Saturday, 09 March 2013 05:55 PM

යවන්න තිබුණේ මෙයාව අංගොඩට. (නි)

:       0       0

පද්මිණි Sunday, 10 March 2013 10:03 AM

පුදුම මනුස්සයෙක් තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site