අන්තර් ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ 38 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේදී පසුගියදා පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ අපරාජිතව සිටිමින් එම තරගාවලියේ ශූරතාව දිනාගැනීම නිසා ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවිය.
එම තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ ශ්‍රේණිගත කිරීමේ 44 වැනි ස්ථානයේ පසු විය.
මෙම තරගාවලියේදී කසකස්තානය (49-18), තායිලන්තය (45-7), චීන තායිපේ (39-8) යන කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ශ්‍රී ලංකාවට 2015 රග්බි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ද උදාවී තිබේ.
2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ ශී‍්‍ර ලංකාව පියවර 6 ක් ඉදිරියට
මාලක Wednesday, 10 April 2013 02:15 PM
නියමයි. හැම රටකටම වගේ ක්‍රිකෙට් වලට අමතරව තව දෙයක් තියනවා. (ස)