අන්තර් ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ 38 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේදී පසුගියදා පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ අපරාජිතව සිටිමින් එම තරගාවලියේ ශූරතාව දිනාගැනීම නිසා ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවිය.
එම තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ ශ්‍රේණිගත කිරීමේ 44 වැනි ස්ථානයේ පසු විය.
මෙම තරගාවලියේදී කසකස්තානය (49-18), තායිලන්තය (45-7), චීන තායිපේ (39-8) යන කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ශ්‍රී ලංකාවට 2015 රග්බි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ද උදාවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. හැම රටකටම වගේ ක්‍රිකෙට් වලට අමතරව තව දෙයක් තියනවා. (ස)