IMG-LOGO

රංගනයන් හා නිරූපණය යන දෙකෙන්ම ඉදිරියට යන්න කැමතියි

2016-08-11-ent-76

සූරූපී රූ සපුවකින් හෙබී ඇය නිරූපිකාවක ලෙස අත්පොත තබා ඇත්තේ 2012 වසරේදීය. සෙමින් ගමනක් යන ඇය මේ වනවිට රංගනයටද පිඹුරු පත් සකසා ඇති නමින් මේකලා ශ්‍රී ලන්කේෂ්වර ඇගේ කලා කටයුතු පිළිබඳ දිගහැරුමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-11-ent-71මං මේකලා ශ්‍රී ලන්කේෂ්වර. ඉන්නේ මහනුවර

 

මොකද කරන්නේ?

නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව රූප රචනාවලට දායක වෙනවා.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එකතු වුණේ කොයි කාලේද?

ටික කාලයක් වෙනවා. ඒ 2012 වර්ෂයේදී

 

ඒ කියන්නේ දැන් වෘත්තීමය මට්ටමේ නිරූපිකාවක්ද?

ඔව්. එහෙම කියන්න පුළුවන්

 

මේ වනවිට දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?

ගොඩක්ම මම කැමති මනාලියන් දැක්මවලට. ඒකට තමා මුල් තැන. ඊට අමතරව මියුසික් වීඩියෝ 02ක් කළා. තව වෙළෙඳ දැන්වීම් එකක් සහ ‍ටෙලිනාට්‍යයකට දායක වෙලා තියෙනවා.

 

ඒ කියන්නේ නිරූපිකාවකට අමතරව රංගනයෙන් යෙදෙනවා?

ඔව්. අහම්බෙන් වගේ අවස්ථාවක් ලැබුණා.

 

ඒ අවස්ථාව ගැන කිව්වොත්?

මගේ ඥාති සහෝදරයෙක් වන අකලංක මල්ලව අයියා නිසා තමා ඒ අවස්ථාව හම්බුණේ. එතැනින් සිදුවුණු හඳුනා ගැනීමකින් දෙවැනි නාට්‍යට අවස්ථාවක් ලැබුණා.

 

රංගනයෙන් දායක වෙලා ඇති ටෙලිනාට්‍ය කුමක්ද?

ඒක හිරු නාළිකාවේ විකාශයන වුණු නාට්‍යක් වන "සයිබර් ක්‍රයිම්" කියලා. අනිත් නාට්‍ය ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. එය නම් කරලා තියෙන්නේ %සඳ ඔබ මගේ^ කියලයි.

 

ඉදිරි කටයුතු මොනවාද?

නිරූපණයෙන් වගේම රංගන කටයුතුවලින් ඉදිරියට යන්න තමයි.

 

මේ තරම් දුර එන්න කවුරුහරි උදව් කරපු පිරිසක් ඉන්නවාද?

ඔව්, මගේ හැමදෙයකට මගේ ළඟින් ඉන්න මගේ මහත්තයා වගේම මගේ අම්මා, තාත්තා, අකලංක අයියා වගේම මගේ ඥාතී හැමෝමයි. තව මම සම්බන්ධ වෙලා කරන මොඩල් බෑන්ක් එකේ සුරංජන් පොල්කොටුව අයියා, තව මගේ හොඳම යාළුවා ප්‍රසාධි අක්කිවයි මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-08-11-ent-77
2016-08-11-ent-75
2016-08-11-ent-73
2016-08-11-ent-72



අදහස් (0)

රංගනයන් හා නිරූපණය යන දෙකෙන්ම ඉදිරියට යන්න කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 298 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 474 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site