(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලට පිවිසෙන ප‍්‍රධාන දොරටු දෙක අතරින් ජයිකා ගොඩනැගිල්ල අසලින් ඇති දොරටුවෙන් රෝගීන් ඇතුළත් කිරීම රෝහල් ආරක්ෂකයින් විසින් තහනම් කරනු ලැබීම හේතුවෙන් රෝගී ජීවිතවලට දැඩි අවදානමක් පවතින බවට රෝගීහු චෝදනා කරති.
මෙම දොරටුවෙන් රෝගීන් ඇතුළත් කිරීම තහනම් කර තිබුණද එම දොරටුව වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට දවසේ පැය විසි හතර පුරාම විවෘතව පවතී.
මීට ආසන්නතම සිදධිය නම් යතුරු පැදි අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබූවකු රෝහලට ඇතුළත් කිරීමට ගෙන ආ අවස්ථාවයි.
යුද හමුදා මේජර් නාමල් තිලකරත්න මහතා විසින් අදාළ රෝගියා රෝහලට ඇතුළත් කිරීම සඳහා එම රෝහලට පිවිසෙන ආසන්නතම ප‍්‍රධාන දොරටුව (ජයිකා ගොඩනැගිල්ල අසල) වෙත රැගෙන පැමිණ තිබිණි.
එම දොරටුවෙන් රෝගියා ඇතුළත් කිරීමට උත්සහ කළද රෝහල් ආරක්ෂකයින් හමුදා මේජර්වරයාට ඊට ඉඩ ලබාදි නොමැත.
මේජර්වරයා සහ අසල සිටි සෙසු රෝගීන් ආරක්ෂකයින්ගේ මෙම ක‍්‍රියාවට දැඩි විරෝධය පළ කර රෝගියා ඇතුළත් කිරීමට උත්සහ දැරුවද ආරක්ෂකයින් දොරටුව විවෘත කර දී නැත.
දොරටුව විවෘත කර රෝගියා ඇතුළත් කිරීමට ඉඩ ලබා දෙන ලෙස වෛද්‍යවරියකද ආරක්ෂකයින්ට දනුම් දී ඇතත් එම ඉල්ලීමද ආරක්ෂකයින් තරයේ ප‍්‍රතික්ෂේප කර තිබිණි.
පසුව මහත් පරිශ‍්‍රමයක් දරා වෙනත් පුද්ගලයකු මගින් දොරටුව විවෘත කර රෝගියා රෝහල් ගත කිරිමට මේජර්වරයා කටයුතු කර ඇත.
රෝහල් ආරක්ෂකයින් විසින් ගෙන යන මෙම අවදානම් සහිත ක්‍රියාව පිළිබඳ තිලකරත්න මහතා උසස් සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන්ට පැමිණිලි කිරීමටද කටයුතු කරගෙන යන බව වාර්තා වේ.
රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන රෝගීන් ‘අහවල් දොරටුවෙන් ඇතුළත් කරන්න‘ යැයි පවසමින් ප‍්‍රමාද කිරීමට සහ අදාළ රෝගියාගේ රෝගී තත්ත්වය ගැන නිශ්චය කිරීමට ආරක්ෂයින්ට ඇති සුදුසුකම කුමක් දැයි ජනතාව ප‍්‍රශ්න කරති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා පැවසූවේ ගිලන් රථ සහ සෙසු බාහිර රෝගීන් ඇතුළත් කිරිමට විවෘතව පවතින්නේ පී ඞී කාර්යාලය ඉදිරිපිටින් ඇති දොරටුව බවයි.
අනෙක් දොරටුවෙන් (ජයිකා ගොඩනැගිල්ල අසල) රෝගීන් ඇතුළත් කිරිමට ඉඩ ලබා නොදීමෙන් රෝගී ජීවිතවලට අවදානමක් ඇති නොවන්නේදැයි විමසු විට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ ප‍්‍රමාදයකින් තොරව රෝගින් ඇතුළත් කළ හැක්කේ පී ඞී කාර්යාලය ඉදිරිපිට දොරටුවෙන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේ ආරක්ෂකයින් කරන්නේ බලධාරීන් දෙන නියෝග ක්‍රියාත්මක කරන එක පමණයි.
අනුරාධපුරේ රෝහල් ආරක්ෂකයන්ගේ හැසිරීම මිනිස් කමට කිසිසේත්ම නොවටී නමුත් ත්‍රීවීල් සදහා ඔහුන්ගේ පුදුම අනුකම්පාවක් තිබෙන්නේ.............
කුස්සියෙන් ඇතුලුවෙලා සාලෙ හොයාගන්නවට වඩා ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුළු වෙන එක ලෙසී කියන එක අපෙ අපට තේරෙන්නෙ නැ.. ගේට්ටුවෙන් නෙමෙ වැටෙන් හරි පනිනව..
රෝහලකට හදිසි ලෙඩුන් සහ ගිලන්රථ සඳහා තිබිය යුත්තේ එක ගේට්ටුවකුයි . රෝහල් සේවකයින්ට ඒ ගේට්ටුවෙන් ඇතුළු වන්නන් කෙරේ අවධානයෙන් සිටිය හැකි අතර රෝගියා රැගෙන එන්නේ මේජර්ද කර්නල්ද කියන එක වැදගත් නැහැ . පාර්ලිමේන්තුවට බෝම්බගහපු වෙලාවේ ඇතුලත්මුදලි මහතාව පස්සා දොරෙන් ජයවර්ධනපුරට ඇතුල් කරන්න ගියාට ඉඩ දුන්නේ නැති බවත් නැවතත් ප‍්‍රධාන දොරටුවෙන් ඇතුල් වී රෝහලට ඇතුලත් කල බවත් දන්නෝ තවමත් ඉන්නවා. නියම ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට පරක්කු වෙලා ලෙඩා මැරෙනවා කියලා කියන උදවියට කියන්න තියෙන්නේ රෝහලට පස්ස දොරෙන් රිංගලා ප්‍රතිකාර ගන්න පුරුද්ද දැන්වත් අතහරින්න කියලයි
01. ආරක්ෂකයින් කරනු ලබන්නේ ඉහලින් පැමිනෙන නියෝග පමණයි. 02. ආරක්ෂකයින්ට තමන්ගේ රැකියාව මිනිස් ජීවිතයකට වඩා වටිනා දෙයක් පමණි. 03. අනුරාධපුර ජීවත් නොවන ඕනෑම පුද්ගලයෙක් දන්නේ අනුරාධපුර රෝහලට ප‍්‍රධාන මාර්ග දෙකකින් සම්බන්ද වීමට හැකි බවයි. 04. රැකියා විරහිතයන් සිටින ලංකාවේ. රෝගීන් රෝහලට ඇතුලත් කරගැනීම පහසු කර ගැනීමට නව ඒකකයක් අරම්භ කිරීම. රජයේ මුදල් අපතේ යැවීමක්ද?