ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු තුනක් පිට පිට දවා ගනිමින් හැට්‍රික් වාර්තාවක් තැබීමට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අද (5) සමත්විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ඔහු කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලංකාවේ පළමු දඟ පන්දු යවන්නා බවටද පත්වූ අතර ටෙස්ට් තරගයකදී මෙවැනි දස්කමක් කළ ලංකාවේ දෙවැනි පන්දු යවන්නා බවටද ඔහු පත්විය. මීට පෙර 1999 වසරේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එම දස්කම දක්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඔහොම යන්. මගේ සුබපැතුම් (ම)
සතුටුදායක පුවතක්. උණුසුම් සුබ පැතුම් ! (ම)
මා දන්නා තරමට නුවන් ගේ වාර්තාව ලෝක වාර්තාවක්. නමුත් විදුලිය බිඳ වැටීමක් නිසා එම වාර්තාව බලන්න වාසනාවක් නැ. (ම)
නියමයි,නියමයි,ටෙස්ට් තරගයක මෙිවගේ දෙයක් කරපු එක ගැන බොහොම සන්තෝෂයි.රංගනට අපෙන් සුභපැතුම්! (ම)
ආඩම්බර හිතෙනවා , කුරුණෑගල කොල්ලෙක් . ශ්‍රී ලාංකිකයෙක් (ම)
තවම වැඩකරු ....නියමයි සුබ පැතුම් (ම)
අපේ කොල්ලෝ දක්ෂයි නියමයි සුබ පැතුම් (ම)
අපේ සුභ පැතුම් සහ තවත් හොඳ දස්කම් දැක්වීමට ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා (බ)
අපේ සුබ පැතුම්! (නි)