( නිමන්ති රණසිංහ )
‘ජනාධිපතිතුමාට කියන්න අපිත් කුඩු අල්ලලා, වෙඩි කාලා ඇතුලේ ඉන්නේ කියලා‘ යැයි වැලිකඩ රැදවියන් ඝාතනය වීමේ අදාල සිද්ධියට අදාලව රක්ෂිත බාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද(18) අලුත් කඩේ අධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාල නඩුව අද අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව නඩුව අවසන් වී නැවත සැකකරුවන් බන්ධනාගාරය වෙත රැගෙන යද්දී හිටපු පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ප්‍රකාශ කළේය.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන යන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අවනතව රාජකාරිය කරන එක තමන්ට අයිති දෙයක් වුණාට .. නීතියට විරුද්ධව වැරදි වැඩ කරන එක තමන්ට අයිති දෙයක් නොවෙයි .. අර හිටපු පාලකයෝත් කියන්නේ රට බේරගත්ත කියල එ්ගොලන්ට රටේ ඕනෑම දෙයක් හොරකම් කරන්න ඔවුන්ට අයිතිය තිබේ කියලයි...........
දැන් ඉන්න පාලකයෝත් කියන්නේ රට බේරගන්න කිසිම දෙයක් නොකළ කකුලෙන් ඇද්ද නිසාම එ්ගොලන්ට රටේ ඕනෑම දෙයක් හොරකම් කරන්න ඔවුන්ට අයිතිය තිබේ කියලයි...
කොහොම උනත් දක්ෂයෙක්. හැබැයි මොහුට වෙලා තියෙන්නේ " ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තෝ නාසි" වැඩක්. ඔඩ්ර්ස් ක්‍රියාත්මක කරලා. ඔඩ්ර්ස් දීපු කට්ටිය? - දෙයියෝ දනියි මං නොදනියි.
මෙතුමා වෙඩිත් කෑවා රෑකියාවත් කරා ඈත්ත ප්‍රස්නේ කෝටි ගනන් දේපොල ලෑබුනේ කොහොමද කියන එකයි.
මුලින්ම සොයා බැලුව යුත්තේ රැදවියන් ඝාතනය කිරීමට නියෝග දුන්නේ කවුද කියා.
අපේ රටේ අවංක පොලිස් නිලධාරීන්ට රැකියාව කරන්න හරිම අපහසුයි. හේතුව දේශපාලකයින් සහ සමහර ලොකු තනතුරු දරන පොලිස් නිලධාරීන් ඉන්නේ පාතලයන්ගේ, කුඩු කාරයන්ගේ සාක්කුවල... හොඳ නිලධාරින් කී දෙනෙක් පාතාලය අතින් මැරුම්කෑවාද? මේවා නිකම්ම වුනා නෙමෙයිනේ. පොලිසියෙන්ම දෙන තොරතුරු වලින්නේ වෙන්නේ...