රජයක් ලෙස නව නිර්මාණ කරුවන්ට සහාය ලබා දිය යුතු යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
නව නිපැයුම් කරුවකු සහ ගුවන් නියමුවකු වූ අභාවප්‍රාප්ත රේ විජේවර්ධන මහතා විසින් නිර්මාණය කරනලද 4ආර් රේ ගුවන්යානය රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ තැන්පත් කිරීම අද සිදු විය.
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයක තිබී එය සොයා ගැනිණි.
අභාවප්‍රාප්ත විද්‍යාජ්‍යෝති රේ විජයවර්ධන මහතා රෝද දෙකේ ට්‍රැක්ටරය ද නිර්මාණය කළේය.
මෙම සැහැල්ලු ගුවන් යානය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ චන්ද්‍රම් රත්නම් විසින් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට ලබා දී තිබිණි. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් සිදු කැරෙයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් එකක් හම්බ උනා.. කෝ ඡන්දෙට කලින් මේ ඩුබායි තිලක්ලා කියපු හෙලිකොප්ටර්. (ර)
ඉතා හොඳ වැඩක් මේවා ගෙවල් වල අරන් ගිය කාලෙකුත් තිබුණනේ මේවා දවසක කටු ගෙට ගනී ද දන්නෑ (ම)
කටු ගෙට සීමා නොකොට මෙවන් සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. (ර)
අපේ රටේම නිෂ්පාදයෙකු අහසට යැවූ මෙම සැහැල්ලු ගුවන් යානය රාජ්‍ය කෞතුකාගාරයක මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කිරීම ඉතාම වැදගත් තීරණයක් ! අරයගෙ මෙයාගේ ඕනෑ එපාකම් සඳහා මේ ඓතිහාසික ගුවන් යානය දුන්නා කිවුවත්, ඒ අය යානය නඩත්තු නොකර දුවිලි බැඳෙමින් මුල්ලක දමා තිබුන විදියටම තිබුනානම්, තව ටික කලකින් එකත් පරණ යකඩ කඩේට යන්නත් තිබුනා. (ර)