රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමය අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
තමන්ට හැකි ඉක්මනින් රැකියා ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලූහ.
මුදල් අමාත්‍යංශයට පා ගමණින් යන්නට ගියත් අතර මඟ බැරියර් දමා තිබූ නිසා නියෝජිතයන් පස් දෙනක් පමණක් මුදල් අමාත්‍යංශයට ගොස් සංදේශයක් බාර දුන්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාධීන රැකියා කොමිෂමක් ඉල්ලන්න. (නදී)
මෙයාලව අවුරුදු දෙකකට වියලි කලාපෙට යවන්න කුඹුරු කොටන්න. එතකොට තමා නියම දැනුම එන්නේ. නැතිනම් ඔය කොළ කෑල්ල අරගෙන මොනවාද කරන්න පුළුවන්? (නදී)
උපාදීධාරීයාගෙන් වැඩක් ගන්න දන්නේ නැති කෙනා කියනවා උපාදීධාරීයා මුකුත් දන්නේ නැහැ කියලා. (ර)
ලංකාවේ නීතියේ හරි ව්‍යවස්ථාවේ හරි තියනවද උපාධි ධාරීන්ට රජයේ රැකියා දිය යුතුයි කියලා? (ර)
ලෝකයේ කිසිම රටක ආණ්ඩුව උපාධිදාරින්ට රැකියා සපයා දෙන්න ඕන කියලා නීතියක් නැහැ. වෙනත් දියුණු රටවල උපාධිදාරීන් කම්කරු රැකියාකර පසුව හොඳ රැකියා කර වැඩ කරලා ලැබූ අත්දැකීම් අනුව තමන්ම සොයා ගන්නවා. (ම)
ඉගෙන ගන්න කාලයේ සිට බලාපොරොත්තු වෙන්නේ නේවාසිකාගාරයේ බෙඩ් ෂිට් එකේ ඉඳලා ආණ්ඩුව සපයා දෙන්න ඕන කියලා. මේගොල්ලන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා බෝයි ෆ්‍රෙන්ඩ්ස් ලා සොයා ගන්න හරි ලේසියි . එත් රස්සාවක් සොයා ගන්න හරි අමාරුයිලු .(ම)
වැඩ ගන්න පුළුවන්. වැඩ දන්නවා නම්. ගිය සතියේ කාර්යාලයේ අලුත් උපාධිදාරියෙකු අන්තිම අනතුරු ඇඟවීම දුන්න පිට පිට පරක්කු වෙලා වැඩට ඇවිත් . ඊට පස්සේ බොස් එක්ක කට ගහගෙනත් ආවා. (ම)
රස්සාව දුන්නාට පසුව කියාවි පරස්තාවටත් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන කියලා . (ර)
විජයබාහු, ඔව් හිටියෙ නෑ තමයි. බහුතරය ඒක තමන්ගෙ අයිතිවාසිකමක් කියලා තමා හිතාගෙන ඉන්නෙ. (ර)
ඔක්කොම අතට පයට දෙන්නකෝ. රස්සාවක් දුන්නොත් බලන්නේ එතන අදාළ වැඩ ටික ඉගෙන ගන්න නෙවෙයි. හෙට වෙනකොට පඩිය වැඩි කර ගන්න සහ ලේසියෙන් ඊළඟ උසස් වීම ගන්නා ක්‍රමය. (ර)
පොඩි රැකියාවක් දීලාත් මදි. මහ ඒජන්ත කමට එහා එකක් මිසක් මෙහා එකක් බැහැ. මොකද මේ කට්ටිය විතරයි සියල්ල දත් (නදී)
අවරුදු 35 වැඩි උපාදීධාරින්ට යන කල මොකක්ද වයස 35 ට සිමා කිරීම අසාධාරනයි. (ර)
එහෙනම් මොකටද කලා අංශයක් තියෙන්නේ කැම්පස් වල, ඇයි සිලබස් අලුතින් සකස් කරන්නේ නැත්තේ? (ස)
පිනට දෙන අධ්‍යාපනය නිසා විශ්ව විද්‍යාලයේ ඉන්නාතුරු අන්තරේ පස්සේ වැටිලා උද්ඝෝෂණ කළා. එතනින් පිටවෙලා රස්සාවල් නැහැ දැනීමක් නැතිකමට. එකම දැනීම හැමදේටම උද්ඝෝෂණය කරන එක විතරයි. පුද්ගලික අංශය කොහොමත් බාරගන්නේ නැහැ. එකම පිහිට රජයේ රැකියාවක්. (නි)
ඡන්දය දවස් වල පෝස්ටර් අලවන්ට එහෙම ගියේ නැත්නම් කොහොමද රැකියාවක් දීම ගැන සලකා බලන්නේ? (ර)
උපාධිය තිබුනට වෙන මුකුත් දන්නේ නැති නිසා ජොබ් නැහැ. (ර)
මේ අය කාලයක් හිටියේ නැ නේද.? (ර)
රස්සාවල් හොයාගන්න ඉතින්. අපිත් හොයාගත්තේ. ඕවා කරාට රටේ රස්සාවල් මැවෙන්නේ නැහැනේ. (ර)
මේගොල්ලෝ වැඩියෙන්ම කලා උපදී කාරයෝ. රාජ්‍ය සේවයට අරන් මොනවා කරන්නද? (ර)
බහුතරයකට රැකියාවකට අත්‍යාවශ්‍ය කුසලතාවත් නැහැ. සාමුහිකව වැඩ කිරීමේ හැකියාව, පාරිභෝගිකයාට විනීතව කතා බස් කරන හැටි ඉංග්‍රීසියෙන් ඉතා සරල ඊ මේල් එකක් යවා ගන්නවත් බැහැ. ඉතින් මෙහෙම උදවියට මොන ආණ්ඩුවටවත් රැකියා සපයන්න අමාරුයි. (ර)