(නිමල කොඩිතුවක්කු)
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ප්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා පැවසීය.
උපාධිය ලබා ගැනීමේ සිටම මෙම වැඩපිලිවෙළ සකස් විය යුතු බවත් ප්‍රායෝගික රැකියාවේ භාවිතයට අවශ්‍ය කුසලතාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩපිළිවෙලක් ලෙස එය දියුණු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය අද (20) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මනුල පෙරේරා මහතා මෙසේද කීය.
‘‘ප්‍රායෝගික රැකියාවේ භාවිතයට අවශ්‍ය කුසලතාවය වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණු වැඩපිළිවෙලක් ලෙස මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ උපාධිය අත්පත් කර ගැනීම සකස් විය යුතු බවට අපි යෝජනා කර සිටිනවා. දැනුම කුසලතාවය යාවත්කාලීනව පවත්වාගෙන යන පුහුණු වැඩසටහනකට අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
වර්ෂ 03 ක් 04 ක් 05 ක් වැනි කාලයක් ගත කර උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට වසරක පුහුණුවක් ප්‍රමාණවත්. වසර දෙකක් ලබා දිය යුතු සංවර්ධන නිලධාරී තනතුරේ ඉටු කළ යුතු කාර්යභාරයට සරිලන පුහුණුව කුමක් ද යන්න අපි විමසා සිටිනවා.
බඳවා ගන්නා ක්‍රමවේදයේ දී උපාධිය ලබාගත් වර්ෂය මත පමණක් පදනම්ව බඳවා ගැනීම නොකළ යුතුයි. ඒ සඳහා ලබා ඇති උපාධිය, අදාල විෂයයන්, විශේෂවේදී උපාධිය, පන්ති සාමාර්ථ සැලකිල්ලට ගත යුතුයි. ලබා ඇති උපාධියට අදාල වූ අමාත්‍යංශ දෙපාර්තමේන්තු ආයතනවලට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වනවා.
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගෙන පුහුණු කිරීම හා උපාධිධාරීන්ගේ සේවය නිසි පරිදි රාජ්‍ය සේවයට ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ආයතන ප්‍රධානීන් හා කළමනාකරුවන් මට්ටමේ නිළධාරීන්ට නිසි පුහුණුවක් අවබෝධයක් ලබා දීමට කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය වන බවද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලටම පෙර මෙම උපාධිදාරින්ට, සේවය ලබා ගැනීමට එන මහජනයාට ආචාරශීලිව කතා කරන අයුරු පුහුණුවක් දිය යුතුයි. තමන් පමණක් උගත් යයි සිතාගෙන ඉහ නිකට පැහුණු වැඩිහිටියන්ගේ පවා ඇඟට ගොඩවෙන පත්වීම් නම් නැතිවට කාරි නැහැ. මහජන සේවයේදී ආචාරශීලිව සුහදව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ කාරණාවද රැකියාවකට අත්‍යාවශ්‍ය කුසලතාවක් බව උපාධිදාරීන් වටහා ගත යුතුයි.
මේ උපාධිධාරී බඳවා ගැනීම නම් රජය තනිකර අච්චාරුවක් කරගෙන තියෙන්නේ. සංවර්ධන නිලධාරී සේවය (බඳවා ගැනීම, මාරු කිරීම්, උසස් කිරීම් ඇතුලත්ව) අයත් වන්නේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයට... අයැදුම්පත් කැඳවන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්, සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන්... අයැදුම්පත් කැඳවන්නේ අවු 1ක පුහුණු කාලයක් කියලා. සම්මුඛ පරීක්ෂණයේදී අවු 2ක පුහුණු කාලයක් වෙලා. කලින්ට වඩා වෙනස්ම විදියකට සංවර්ධන නිලධාරීන්ට ලකුණු දෙන ක්‍රමවේදය හැදුනේ කොහොමද? මේවා එකක් කළත් නුසුදුස්සෙක් වෙනවා රැකියාව ලබන්න. අවුරුදු ගාණක් කිසිම දෙයක් නොකර පිනට ජොබ් එක ලැබෙනකන් උඩ බලන් හිටිය අයට විතරයි ජොබ් එක ලැබෙන්නේ. උත්සාහයෙන් ගාමන්ට් ජොබ් එකක්හරි කල කෙනාට හුළං...
ඕනෑම රැකියාවක් දිය යුත්තේ තිබෙන නියමිත ස්ථානයට නියමිත පුරප්පාඩු සංඛ්‍යාව, තනතුරේ ස්වභාවය අනුව අවශ්‍ය සුදුසුකම් තිබේද, බලා නිවැරදි කාලයේදී පමණයි. මේ විදියට උපාධියක් තිබෙන නිසා අනිවාර්යයෙන්ම රැකියාවක් දිය යුතුයි යන මානසිකත්වය නිසා නිකම්ම නිකම් පින්පඩි දීමකින් රජයට බරක් වීම තමයි වෙන්නේ.
ගෙදර නිකම් එන්නේ නැතිව කුසලතාවය වර්ධනය කර ගත්තා නම් වැඩේ හොඳයි.
අදාළ පුරප්පාඩුවට සරිලන අත්‍යාවශ්‍ය රැකියා කුසලතා, රැකියාව ඉල්ලුම් කරන විටම තිබේද බලන්න. අනෙක ඒවා පුහුණු කරන්න කියමින් අවුරුදු ගණන් පඩි ගෙවන්නේ මහජන බදු මුදල් වලින් නේද? මෙතන නිකම් නාස්ති කරන්න මුදල් හෝ කාලයක් නැහැ. රටේ ආර්ථිකය අමාරුවේ වැටිලා තිබෙද්දී මොකද මේ පුද්ගලික අංශයේ රැකියාවකට යන්නේ නැත්තේ? ඒවායේ අයිස් ගහන්නයි, වැඩ පෙන්වන්නේ නැතිව ප්රතිලාභ ගන්නයි බැහැනේ.!
උපාධියක් තිබුණු පලියට රස්සාවේ සිට පරස්ථාව වෙනකම් මහජන මුදලින් ගෙවනවා නම් හොඳයි තමයි. මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවාව නිසා රට වැටිලා තිබෙන අගාධය තවමත් පෙන්නේ නැති හැටි! එක පුද්ගලයෙකුට කරන්න හැකි වැඩකට කිසිම වැඩකට නැති පස් දෙනෙකු පත් කර, සේවක අතිරික්තයක් හදලා තව අමාරුවේ වැටෙනවා.
උපාධිය තිබූ පමණින් රජයේ රැකියාවක් දිය යුතුයි යන්න කිසිම දියුණු රටක භාවිතයේ නැති ක්‍රියා පටිපාටියකි. ඇතැම් උපාධිදාරීන්ට රැකියාවට අත්‍යවශ්‍ය කුසලතා කිසිවක් නැතිඅතර එ්කට වන්දි ගෙවන්නේ ඔවුන්ගෙන් රාජකාරියක් කරවා ගැනීමට පැමිණෙන ජනතාවයි.
මොවුන්ගේ ගොඩ දෙනෙක් පුද්ගලික ආයතන වල වැඩ කරන බව ඔබ දන්නවද? ඔවුන් ඒවා දාලා ගියාම පුද්ගලික ආයතන බොහොමයක් අනාථ වෙනවා. මේ පත්වීම්වලට විරෝධතා දක්වන්න කැමති අයටත් ඊට ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්ද?
මේ අයට රැකියා ලබාදෙන්න රජය බැදී සිටින්නේ ඇයි. නැති පුරප්ප්පාඩු ඇති කර, රජයේ ආයතන බංකොලොත් කරන්න එපා. හෝඩියේ පටන් විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දී, තව දුරටත් ඔවුන්ගේ වගකීම් බාරගන්න කිසිම රජයක් බැදී සිටින්නේ නෑ.
නිදහස් අධ්‍යාපනය පටන් ගත්තු කාලේනේ ඕක කරන්න තිබුනේ.