බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තිබී සොයාගත් රක්නා ලංකා ආයතනය නිකුත් කළ අවිවලින් 300කට වැඩි ප්‍රමාණයක් සොයාගත නොහැකිවී ඇතැයි උසාවි අවසරයෙන් එම ගබඩාව පරීක්ෂා කළ පොලිසිය කියයි. අවි 473ක් නිකුත් කර ඇතත් අවි 156ක් පමණක් සොයාගත් බව පොලිසිය පවසයි. ටී56 අවි 46ක්ද ටී85 අවි 35ක්ද එහි තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් අවිආයුධ තොගයක් පෞද්ගලික ආරක්ෂක ආයතනයකට තබා ගැනීමට අවසරදීමම විශාල ගැටළුවක් වේ (නි)
මහරජ තුමාගේ දෑත ශක්තිමත් කරන්න වන්දිබට්ටයෝ ආයුධ ගෙනියන්න ඇති .(හේ)
එක දෙයක් කිව හැකිය. බොරුවට වැඩිකල් ආයුෂ නැත. යුද්ධය දිනු මහින්ද ගෙදර යැවූ පිරිස ඊළඟට හැරෙන්නේ මෙවැනි බොරු ෂෝ දාන දේශපාලුවෝ ගෙදර යැවීමටයි. (බ)
පැහැදිලි කඩේ යාමක් (නදී)
කවුද මේවාට වගකියන්නේ? (නි)
මම හිතන්නෙ පොලිසිය මීට වඩා වගකීමකින් වැඩ කළයුතුයි. පුවත්පත් වලත්, රූපවාහිනී නාලිකා වලත් සඳහන් වුණ පරිදි, මෙම ආයෝජන වලින් රටට ඉතා හොඳ විදේශ විනිමයක් උපයනවා. මීට ඉහතදී, ආණ්ඩු මාරුවුණ වෙලාවේදි විවිධ සංදර්ශන නිසා අපේ බුද්ධි අංශ වලට වුණ හානිය අපට තවම මතකයි. (නි)
රටට විදේශ විනිමය උපයන්න තමයි මෙය නාවුක හමුදාව යටතේ ස්ථාපිත කළේ . නමුත් මෙය පුද්ගලික අංශයට දීල කළේ කොටසක් සාක්කුවට දමා ගැනීම. 50% පුද්ගලික අංශයේ (අ)
මේක තවත් දේශපාලන අවශ්‍යතාවයකට පොලීසිය කඩේ යැවීමක් බව පෙනීයනවා. යහපාලනයේ දී මෙවැනි කඩේ යැවීම සිදු නොවිය යුතු බව තමයි මගේ අදහස. (නදී) මීට වඩා නිවැරදිව පරීක්ෂණ අවසන් වුවාට පසු මාධ්‍යට කරුණු ප්‍රසිද්ධ කිරීම උචිත යයි සිතමි. මොකද අපට මෙවැනි අවස්ථාවාදී පොලිස් යොදවා ගැනීම් ගැන අවාසනාවන්ත අතීත මතකයන් තිබේ.
අනේ අපිට නම් පුදුමයක් නැහැ. දැන් ඔක්කොම කට්ටිය මාර්ගඵල ලබා හොඳ වෙලානේ. ආයුධ ටිකත් රහත් වෙන්න ඇති. (නි)