IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රක්නා ලංකා අවි ගබඩාව අරී

රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද විවෘත කැරිණි.

සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ මෙම ගබඩාව තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සෝදිසි වරෙන්තුවක් අනුව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා ඇතුළු පිරිසක් සීල් තබා තිබූ එම කාමරය විවෘත කළහ.

පෙරවරු 10ට අවි ගබඩාව විවෘත කිරීමට නියමිතව තිබුණත් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරියා නොපැමිණීම නිසා පොලිස් නිලධාරීන්ට මාධ්‍යවේදීන්ට පැය එකහමාරක් පමණ එහි ගත කරන්නට සිදු විය.

එය විවෘත කරන ස්ථානායට රක්නා ලංකා ආරක්ෂක සේවයේ ප්‍රධානීහු කිහිප දෙනෙක් ද සහභාගී වූහ. ටී පනස් හය අවි සහ අවි ඇතැයි සැකකරන පෙට්ටි එහි විය.

උසස් පොලිස් නිලධාරියකු කීවේ සියලු අවි ගණන් කර ඒ ගැන පසුව විස්තරයක් ලබා දෙන බවයි.

එම ආරක්ෂක සේවයේ අවි ගබඩාවේ අවිවල අඩුවක් ඇති බවට කුරුදුවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. ජනපතිවරණ සමයේ බෙදා දීම සඳහා ගෙන ආ  නොයෙකුත්  භාණ්ඩද තිබිය හැකි බව පොලීසිය අධිකරණයට දැන්වීය.

_DSC0009 _DSC0022 _DSC0030 _DSC0035 _DSC0038 _DSC0060 _DSC0065 _DSC0074 _DSC0075



අදහස් (0)

රක්නා ලංකා අවි ගබඩාව අරී

හේතුක Tuesday, 20 January 2015 07:11 AM

පොලිසියටත් නැති ආයුධ ඇයි මේ විදියට ගබඩාකර තිබෙන්නේ? (නි)

:       0       0

රසිකා Tuesday, 20 January 2015 08:12 AM

මෙම පාවෙන අවි ගබඩාවේ මෙහෙයුම් කටයුතු කල ඇවන්ගාඞ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා පවසන්නේ අවි ගබඩාවේ පරිපාලන කටයුතු පමණක් තම ආයතනය විසින් සිදු කරන බවත් එය ශ්‍රී ලංකා නාවුක හමුදාව හා එක්ව සිදු කරන පුර්ණ නීතයානුකූල ව්‍යාපාරයක් බවත්ය. මෙම නෞකා ආරක්ෂක සේවය ආරම්භ වූයේ ඉන්දීය සගරයේ සෝමාලියා මුහුදු කොල්ල කරුවන් මැඞීමේ අරමුණින් වන අතර මේ හේතුවෙන් වානිජ නැව් ආරක්ෂා සහිතව ලංකාව අවට මුහුදේ ගමන් කරමින් සිටී.(නදී)

:       0       0

රසිකා Tuesday, 20 January 2015 08:13 AM

මේ සමාගමේ ප්‍රධාන උපදේශකයා හිටපු නාවික හමුදාපතිතුමානේ. දැන් එයා ගේ මල්ලි – සෝමරත්ත දිසානායක රූපවාහිනි සංස්ථාවේ සභාපති. මේ අයියලා මල්ලිලාට එකතුවෙලා රූපවාහිනියෙන්ම මේකේ ඇත්ත නැත්ත ජනතාවට තේරුම්කරලා දෙන්න පුළුවන්නේ. (නදී)

:       0       0

ජයසේන Tuesday, 20 January 2015 09:19 AM

මෙම ආයුධ රාජසන්තක කරන්න නොහැකිද. (බ)

:       0       0

තිස්ස තිලකරත්න Tuesday, 20 January 2015 10:03 AM

මොනවා කියන්නද ? (නදී)

:       0       0

සාලීය Tuesday, 20 January 2015 10:32 AM

යුද්ධය ඉවර වෙලත් ඇයි මෙච්චර අවි.(හේ)

:       0       0

නන්දලාල් Tuesday, 20 January 2015 10:40 AM

තව ටික කාලයක් මෙහෙම ගියානම් "තරු පන්තියේ සුපිරි හෝටල් වලත්" ගබඩා කරපු අවි හොයා ගන්න තිබබා !.(හේ)

:       0       0

සුරාජ් Tuesday, 20 January 2015 10:41 AM

මිලේනියම් සිටි 2 වගේ මතකනේ අපේ බුද්ධි අංශයට වුන දේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site