රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද විවෘත කැරිණි.
සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ මෙම ගබඩාව තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සෝදිසි වරෙන්තුවක් අනුව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා ඇතුළු පිරිසක් සීල් තබා තිබූ එම කාමරය විවෘත කළහ.
පෙරවරු 10ට අවි ගබඩාව විවෘත කිරීමට නියමිතව තිබුණත් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරියා නොපැමිණීම නිසා පොලිස් නිලධාරීන්ට මාධ්‍යවේදීන්ට පැය එකහමාරක් පමණ එහි ගත කරන්නට සිදු විය.
එය විවෘත කරන ස්ථානායට රක්නා ලංකා ආරක්ෂක සේවයේ ප්‍රධානීහු කිහිප දෙනෙක් ද සහභාගී වූහ. ටී පනස් හය අවි සහ අවි ඇතැයි සැකකරන පෙට්ටි එහි විය.
උසස් පොලිස් නිලධාරියකු කීවේ සියලු අවි ගණන් කර ඒ ගැන පසුව විස්තරයක් ලබා දෙන බවයි.
එම ආරක්ෂක සේවයේ අවි ගබඩාවේ අවිවල අඩුවක් ඇති බවට කුරුදුවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. ජනපතිවරණ සමයේ බෙදා දීම සඳහා ගෙන ආ නොයෙකුත් භාණ්ඩද තිබිය හැකි බව පොලීසිය අධිකරණයට දැන්වීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටත් නැති ආයුධ ඇයි මේ විදියට ගබඩාකර තිබෙන්නේ? (නි)
මෙම පාවෙන අවි ගබඩාවේ මෙහෙයුම් කටයුතු කල ඇවන්ගාඞ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා පවසන්නේ අවි ගබඩාවේ පරිපාලන කටයුතු පමණක් තම ආයතනය විසින් සිදු කරන බවත් එය ශ්‍රී ලංකා නාවුක හමුදාව හා එක්ව සිදු කරන පුර්ණ නීතයානුකූල ව්‍යාපාරයක් බවත්ය. මෙම නෞකා ආරක්ෂක සේවය ආරම්භ වූයේ ඉන්දීය සගරයේ සෝමාලියා මුහුදු කොල්ල කරුවන් මැඞීමේ අරමුණින් වන අතර මේ හේතුවෙන් වානිජ නැව් ආරක්ෂා සහිතව ලංකාව අවට මුහුදේ ගමන් කරමින් සිටී.(නදී)
මේ සමාගමේ ප්‍රධාන උපදේශකයා හිටපු නාවික හමුදාපතිතුමානේ. දැන් එයා ගේ මල්ලි – සෝමරත්ත දිසානායක රූපවාහිනි සංස්ථාවේ සභාපති. මේ අයියලා මල්ලිලාට එකතුවෙලා රූපවාහිනියෙන්ම මේකේ ඇත්ත නැත්ත ජනතාවට තේරුම්කරලා දෙන්න පුළුවන්නේ. (නදී)
මෙම ආයුධ රාජසන්තක කරන්න නොහැකිද. (බ)
මොනවා කියන්නද ? (නදී)
යුද්ධය ඉවර වෙලත් ඇයි මෙච්චර අවි.(හේ)
තව ටික කාලයක් මෙහෙම ගියානම් "තරු පන්තියේ සුපිරි හෝටල් වලත්" ගබඩා කරපු අවි හොයා ගන්න තිබබා !.(හේ)
මිලේනියම් සිටි 2 වගේ මතකනේ අපේ බුද්ධි අංශයට වුන දේ.(හේ)