කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තබා ගැනීමට ගිනි අවි 3475ක් නිකුත් කර ඇතත් අද (20) කළ පරීක්ෂාවේ දී හමුවූයේ ගිනි අවි 151ක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒ අනුව අවි 3322ක් එහි නොවූ බවත්, ඒවා විවිධ රාජකාරි සඳහා නිකුත් කර ඇති බව එම සමාගමේ නිලධාරීන් පොලිසියට දැන්වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
නිකුත් කර ඇති ගිනි අවි හා පතුරම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව ද ඔහු කියයි.
එම ගබඩාවේ නීති විරෝධී අවි ඇතැයි ජාතික හෙළ උරුමයේ කොට්ටේ නාගරික මන්ත්‍රී ලියනගමගේ දයාරත්න මහතා පොලිසියට කළ දැනුම් දීමක් අනුව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා සහ කුරුඳුවත්ත ප්‍රධාන පොලිස් පරීඛ්ෂක දෙල්ගහපිටිය මහතා ඇරතුළු කණ්ඩායමක් අවි ගබඩාවට සීල් තැබීය.
අද අධිකරණ නියෝග මත එය විවෘත කර කළ පරීක්ෂා කිරීමේ දී ටීපනස් හය ගිනි අවි 44ක්, 84-එස් ගිනි අවි 35ක්, අල්ජීඑම් 32, බෝර 12 රිපීටර 29 ඇතුළු ගිනි අවි 151ක් හමු විය.
ටී පනස් හය ගිනි අවි 2300ක්, 84 එස් - 670ක්, එල්ජීඑම් 385ක්, බෝර 12 රිපීරට 79ක් ඇතුළු ආයුධ 3473ක් එහි තබා ගැනීමට අවසර ලබා දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සමාගම් වල අයිතිකාරයෝ කවුද? (නි)
මේකත් අර ගොඨාබය නමින් තිබුන ගිණුම වගෙ පුස්සක් ,ලංකවෙ විශ්‍රාමික සෙබළුන් සේවය කර න මුහුදු ආරක්ෂක සේවයට මෙම ගබඩාව හිමි . ඔ්කෙ කිසිවක් තිබුනොත් .පිළි ගනිමු . (අ)
නිලන්ත ලෝකයට යන පුංචි රට ගැන මොනවාද දන්නෙ. (අ)
රක්නා ලංකා කියන්නේ ත්‍රිවිද හමුදාවේ විශ්‍රාමික හා වසර 12න් ඉවත් වූ සන්නද්ධ අංශ සාමාජිකයින් සදහා රැකියා අවස්ථා සැපයු ආයතනයක්. මේ ආයතනයට දේශපාලනිකව අඩත්තේට්ටම් කරන්න හදන්නේ දහස් සංඛ්‍යාත හිටපු හමුදා සාමාජිකයින් නිත්‍යානුකුල අන්දමින් සිය ජීවනෝපාය සලසා ගත් රැකියා මාර්ග අනතුරේ දාල. එ්කේ ප්‍රතිවිපාක බොහොම ඉක්මනින් යහපාලනයේ පිවිතුරු හෙටට ලැබේවි. (නදී)
නිලන්ත, ඔබ කිසිම දෙයක් නොදන්නා බව නම් තේරෙනවා. ජාත්‍යන්‍තර මුහුදේ අවි ආයුධ භාවිතා කරන්නේ නාවික හමුදා යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගිය හෝ වසර 12න් සේවයෙන් නියම විදියට විශ්‍රාම ගිය අය විතරයි. එක්සත් ජාතීන්ගේ පවා පැසසුමට ලක් උන මේ වැඩ පිළිවෙල නිසා පසු ගිය කාලේ මුහුදු කොල්ල කරුවන්ගෙන් කරදර උනේ ගොඩක් අඩුවෙන්. මේක රහසිගතව කරපු වැඩක්. නමුත් දැන් නම් ගොඩක් අය දන්නවා. මෙතනින් එහාට මේකෙන් වැඩක් වෙන එකක් නැහැ. මම සේවය කරන්නේ නැවක නිසා දන්නවා මේ විස්තර සේරම. (නදී)
රක්නා ලංකා කියන්නේ ආරක්ෂක සමාගමක්. ආරක්ෂක සමාගමක ආයුධ ගබඩාවේ තියන්න ඕනි කියල කොයි රටේද තියෙන්නේ. උපරිම ගිනි අවි ගානකට අවසර දීල තියෙන්නේ ඒව හැම වෙලේම ගබඩාවේ තියන්න කියල නෙමේ. (නදී)
මිලේනියම් සිටි එකේ අවි ආයුධ හොයා ගත්ත වෙලාවෙත් මේ වගේ නයට කහින අය හිටියා. මොනවා උනත් මේ එළිවෙන තොරතුරු එල්.ටී.ටී එකට ගොඩක් වටීවි. (නදී)
මේක ආරක්ෂක සමාගමක්. ඉතින් එ්කේ ආයුධ ඒ ගොල්ලෝ ආරක්ෂක කටයුතු කරන තැන් වල ඇති. මොකක්ද මේ බොරු සද්දේ? මෙච්චර කල් කරපු බොරු චෝදනා එකක් වත් හරියට ඔප්පු කරගන්න බැරි උනා. මහින්දගේ ගෙදර ලැම්බෝගිනි හෙව්වා. ගෝඨාභයගේ ගිණුමක් ගැන බොරු කතාවක් හැදුවා. රාජපක්ෂලා ගැන හොයන්න පුදුම උනන්දුවක්. දැන් අර එතනෝල් කුඩු ගැන මොකුත් කතාවක් නැහැ. මිනිස්සු වැඩියෙන් ඡන්දෙ දුන්නේ බඩු මිල අඩුකරන්නයි කුඩු එතනෝල් වලට විරුද්ධවයි. නැතුව මහින්දගේ ගෙදර ලම්බෝගිනි තියෙනවද කියල හොයන්න නෙමෙයි (නදී)
එතකොට මේගොල්ල මෙතරම් අවි තියාගෙන ඉඳල තියෙන්නේ කොටි ප්‍රහාර වලට ලැහැස්ති වෙන්න ඕන නිසාද ලියනගේ ? එහෙම නම් මේ රටේ ත්‍රිවිධ හමුදාවක් තියෙන්නේ මොනවටද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද ? (නදී)
රක්නා ලංකා කියන්නේ මුහුදු මංකොල්ල කරුවන්ගේ අවදානමක් ඇති මුහුදු කලාප හරහා යාත්‍රා කරන වෙළඳ නෞකාවන්ට ආරක්ෂාව සපයන ශ්‍රී ලංකික ආරක්ෂක ආයතනයක්. අපේ රටේ විශ්‍රාමික සෙබළුන්ට බොහෝ රැකියා අවස්ථා ලබාදුන් ආයතනයක්. වෙළඳ නාවික නිලදරියෙකු වන මා එය හොදින්ම දන්නා කරුණක්. එමෙන්ම මෙම ආයතනය බොහෝ රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසකට සේවය සපයන බව බොහෝ දෙනා දන්නා කරුණක්. එමෙන්ම වෙනත් රටවල වෙළඳ නාවික ආරක්ෂක ආයතන පවා රක්නා ලංකා ආයතනය හරහා අපේ විශ්‍රාමික සෙබළුන්ගේ සේවය සහ අවශ්‍ය අවි ආයුද ලබාගැනීම නිසා විශාල විදේශ විනිමයක් ලංකාවට මෙම ආයතනය හරහා ලැබුනා. එවන් ආයතනයකට අයත් ගබඩාවක අවි ආයුද තිබීම සාමාන්‍ය දෙයක්. (ර)
මම මේ වනතුරු දැනගෙන හිටියේ ශ්‍රි ලංකාවේ යුද,නාවික ,ගුවන් කියන හමුදා තුන පමණයි. ඒත් ඊට අමතරව නිල නොවන හමුදාවක් තිබිලා තියෙනවා නේද? නැත්නම් මේ වගේ ආයුධ ගොඩක්?? (නි)
නිලන්ත, පෞද්‍ගලික ආරක්‍ෂක ආයතනයක තොරතුරු නෙවේ එල්‍ටීටීඊ එකට වැදගත්. බී.එම්.අයි.සී.එච් වගේ නිතර ප්‍රභූන් යන එන තැනක ආයුධ ගබඩාවක් තියෙනව කියන එක හෙළි උන එක නම් බොහොම වැදගත් වේවි. අතීතය අමතක කරන්න එපා. අනික ජාත්‍යන්තර මුහුදේ යන නැව් අපේ සේවාව ලබා ගන්නේ නිලන්ත කඩෙන් හාල් තුන පහ ගන්න විදිහට නෙවෙයි. විහිලු කතා නොකිය මේ වෙබ් එකට ගිහින් බලන්න, www.rallsecurity.com (නදී)
මේකේ අවුලක් නැහැ. කේ.පී ගෙන් ඉගනගත්ත ජාවාරම. දැන් ගෝඨා කරගෙන යන්නෙත් එ්ක තමයි. (නදී)
මොකක්ද මේ සෙල්ලම. රාජපක්ෂවරුන් මොකක්ද මේ කරන්න ගිහින් තියෙන්නේ. අපේ රටට හමුදාව, පොලිසිය අවශ්‍ය නෑනේ. එල්.එම්.ජි එහේම ඕන වේලා තියෙන්නේ යුද්ධ කරන්නද. හමුදා කෑම්ප් එකක වත් නෑ මේ තරම් අවි. හොද වේලාවට ආණ්ඩුව පෙරලුනේ. නැත්නම් අපිට වහා තමයි කන්න වෙන්නේ. (නදී)
අහන්න රාජපක්ෂ පවුලෙන් (නදී)
කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ ලම්බෝගිනි ටයර් එහෙම තියනවද දන්නේ නැහැ. (නදී)
මෙ ආයතනයෙන් සේවය ලැබෙන්නේ, සෝමාලි කැරලිකරුවන්ට එරෙහිව, අෆ්රිකා මහද්වීපයී විහිදී ගිය හොඳ ආරක්ෂක පද්ධතියක් මේ අය ක්‍රියාත්මක කරා. අපේ දක්ෂ නිලධාරින් සෝමාලි කැරලිකරුවන් මර්දනය කරා. (බ)
මෙයට අමතර 40A3 SniperRifle 02Zoom/ viewer 03 මොනවද උනේ ? 2010 පසු හමුදාවෙන් ඉවත් වු විශේෂ කාර්ය බලකාය ඇතුලු හමුදා සාමාජිකයන් කොපමණක් සිවිල් සමාජයේ සිටිනවද ? ඔවුන් ලංකාවේ සමහර ප්‍රබලයන් ගේ උවමනාවන් මුදලට ඉටුකරනවද? විදේශ වලට පිටත්කර අවශ්‍ය වෙලාවට ගෙන්වා ගැනිමට සිටින පිරිස මුදලට සේවය සපයන විදේශිය ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන්නේ නම් යහපත්ය (නදී)
මොකක්ද මේ අලුත්ම සෙල්ලම? (නි)
ආරක්ෂක ලේකම්වරයා හමුදාවේ අවි ආයුද හා සෙබළුන් පුද්ගලික කොම්පැනියක වැඩ වලට යොදා ගෙන නේද? රක්නා ලංකා පුද්ගලිකද රජයේද කියා හොයා ගන්න බැරුව හිටියේ. හමුදාව එහි වැඩ කරනවා දැක තිබෙනවා. මේ පුද්ගලික සමාගමේ අාදායම භාන්දගාරයටද ගෝඨාභයටද වෙනත් පුද්ගලයකුටද ගියේ. අනේ මන්දා ආරක්ෂක අමත්‍යංශයේ කිසිම විනයක් තිබිල නැහැ වගේ. (නදී)
මෙම යුද අවි මිලට ගත්තේ කුමන රටෙන් ද ? මා දන්නා හැටියට කිසිම සමාගමකට යුද අවි විකුනන්නේ නැහැ. රජයට පමණි යුද අවි මිලට ගත හැකි වන්නේ. ශ්‍රී ලංකා රජයට මිලට ගන්නා ආකාරයට වංචනිකව මෙම අවි මිලට ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. කරුණාකර සොයා බලන්න (නදී)
රක්න ලංකා කියන්නේ නිත්‍යානු කුලව හමුදා සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකට රැකියා මාර්ගයක් විවර කර දුන් ආයතනයක්. මේ ආයතනයේ විශේෂත්වය බොහෝ දුරට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය ආයතන වලට සන්නද්ධ ආරක්ෂාව සැපයීම. එය නිත්‍යානුකුල ආකාරයකින් සිදු වුවක්. මිලේනියම් සිටි පාවා දීම වගේ මේ හදන්නේ මේ ආයතනයට හිටපු ආරක්ෂක ලේකම්ගේ සම්බන්ධතාවය මත ආයතනය දේශපාලනික පළිගැනීමකට ලක් කර මෙහි රැකියා කරන විශාල පිරිසකගේ රැකියා අනතුරේ හෙලන්න. (නදී)
අඩු උනේ කොහොමද? එ්ක වෙන්න බෑ. ඡන්ද ප්‍රතිපල වගේ කීප සැරයක් ගණන් කරලා බලන්න. නැත්නම් ඒවා කොහේ හරි හංගලා ඇති කියා අපි විශ්වාස කරනවා. එහෙමත් නැත්නම් පහුගිය දවස්වල හම්බ උන සුපිරි වාහන වගේ දන්නා අඳුනන අය ළඟ ඇති පරෙස්සමට තියාගන්න දීලා. එතකොට, ඕන උනොත් ටක් ගාල ගන්න පුළුවන් නේ (නදී)
මොකද වුනේ කියලා හොයලා බලන්න.(හේ)
රක්න ලංකා කියන්නේ නිත්‍යානුකුලව හමුදා සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා සාජිකයින් විශාල පිරිසකට රැකියා මාර්ගයක් විවර කර දුන් ආයතනයක්..මේ ආයතනයේ විශේෂත්වය බොහෝ දුරට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය ආයතන වලට සන්නද්ධ ආරක්ෂාව සැපයීම..එය නිත්‍යානුකුල ආකාරයකින් සිදු වුවක්.මිලේනියම් සිටි පාවා දීම වගේ මේ හදන්නේ මේ ආයතනයට හිටපු ආරක්ෂක ලේකම්ගේ සම්බන්ධතාවය මත ආයතනය දේශපාලනික පළිගැනීමකට ලක් කර මෙහි රැකියා කරන විශාල පිරිසකගේ රැකියා අනතුරේ හෙලන්න.අයියලා ගියපාර වසර දෙකෙන් හොට බිම ඇනගත්තේ ..මේ පාර ඇන ගන්නේ දින 100න්.(හේ).
ඉන්දික, රටට කරලා තියෙන විනාශය ගැන තේරුමක් ඇත්තෙම නැද්ද ඔයාට? ඔයා තොත්ත බබෙක්ද ? වෙන කාගෙන්ද අහන්නේ බලය අනිසි ලෙස පාවිච්චි කළ අයගෙන් මිස? (නදී)
හරියටම අවි කෙචේචර අඩුයිද? මේ තරම් අවි තියෙනවා කියල දන්නේ පත්තරේ ගිය නිසානේ. බී.එම්.අයි.සී.එච් එකේ විතරක් මෙච්චර ආයුධ ප්‍රමාණයක් තියෙනවා කියල දැන් මුළු රටම දන්නවා. එල්.ටී.ටී.ඊ එකත් දන්නවා. රක්නා ලංකා කියන්නේ ගොඩබිම් ආරක්ෂක භටයෝ 4500ක් මුහුදු ආරක්ෂක භටයෝ 700ක් සේවයේ නියුතු ආයතනයක්. සෝමාලියා මුහුදු කලාපය හරහා ගමන් කරන නැව් බොහොමයක රක්නා ලංකා මුහුදු ආරක්ෂකයෝ අවිත් සමග ගමන් කරනවා. එල්.එම්.ජී වගේ ආධාරක බර අවි ඕනේ වෙන්නේ මුහුදු ආරක්ෂක භටයන්ට. (නදී)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අපේ සීයලා ආත්තම්මමලා කිවුවේ ඕකට තමයි. නීතිය උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනෑ දැන්, ඇඟට දැනෙන්න හැමෝගෙම. එතකොට තමයි ඔය නැතිවුණ මිනිස්කම් අමාරුවෙන් හරි නැවතත් පංචස්කන්ධයන් ඇතුළට රිංගාගන්නේ (නි)
පුද්ගලිකයි රහසිගතයි. ඒත් ඇත්තයි. මොනවද මේ වෙන්නේ? (නි)
ටී ජී ලියනගේ කියන විදිහට පෞද්‍ගලික ආරක්‍ෂක් ආයතනයක තොරතුරු එල්‍ටීටීඊ එකට ්‍රයෝජනවත් වෙන්‍නෙ කොහොමද? අනික එල්‍ටීටීඊ එක දැන් නෑ කියලනෙ හිටපු ජනපති ඡන්‍දෙ ඉල්‍ලුවේ. මෙයාල ජාත්‍යන්‍තර මුහුදේ අවි ආයුධ භාවිතා කරනකොට ඒවයේ වගකීම ගන්‍නෙ කවුද? ලංකාවද? ඒ ආයතනයද? මොන තරම් අවදානමක්‍ද? මේක නේවි එකෙන් අධීක්‍ෂණය වෙනවා, හැබැයි මෙහෙයුම් කරන්‍නෙ නේවි එකෙන් නෙමෙයි. එතකොට මෙයාල අතින් මොනව හරි වැරැද්‍දක් උනොත් ඒකෙ වගකීම ලංකවෙ ආන්‍ඩුවටත් ගන්‍න වෙනවා කිසිම ප්‍රතිලාභෙකුත් නැතුව. කරුණාකර මේ වගේ දේවල් අනුමත කරපු අය ගැන පරීක්‍ෂණයක් තියන්‍න. මේක මුළු ලංකාවම අවදානමක දාපු වයාපාරයක් (නදී)
ඔය ටික ඇති ආණ්ඩුව එක රැයින් පෙරලන්න. ඉල්ලන් කන්න තමයි ඔය හදන්නේ. ලයිට් මැෂින් ගන් 384ක් කියන්නේ උන බම්බු වෙඩි කියල හිතනවද? හොරා පොලිස් (නදී)