(ඉන්දිකා රාමනායක)
විවාහක රූ රැජින .තරගයේ දී කිරුළ නැවත උදුරා ගැනීමේ නිරතවු කැරොලින් ජුලීගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ඇමැරිකාවේ පිහිටි ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දුන් බව ලංකාවේ ප‍්‍රථම ලෝක විවාහක රූ රැජින සහ කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය ඒ මහත්මියගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය මේ බව ප‍්‍රකාශ කළාය.
ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින කිරුළ පළන්ඳවා එය බලහත් කාරයෙන් ගැලවීම කැරොලින් ජුරි ට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැති බවත් ඇය සිදුකර ඇත්තේ රටට විශාල රටට අපකීර්තියක් මෙන්ම, රූ රැජිනක් වශයෙන් කිසිවකු නොකරන පිළිකුල් සහගත කි‍්‍රයාවක් බවද සේනානායක මහත්මිය කියා සිටියාය
මෙම තරඟය ජාත්‍යන්තර තරගාවලියක් බැවින් ලොව පුරා එම ප‍්‍රචාරය වන බවත්, අපේ රට මෙන්ම ලෝක විවාහක රූ රැජින තරඟවලියේ ඇමැරිකාවේ සංවිධායක මණ්ඩලය ද අපහසුතාවයට පත් වන බැවින් තමන් මෙලෙස ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බවද සේනානායක මහත්මිය පැවසුවාය.
පුෂ්පිකා ද සිල්වා සම්බන්ධයෙන් ගැටළුවක් තිබේනම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇයට ඕනා තරම් කාලයක් තිබු බවත් එසේ සිදුනොකර ඇය සිදුකළ මෙම අශෝභන කි‍්‍රයාව කාන්තාවක් වශයෙන් කිසිසේත් අනුමත නොකරන නින්දිත කි‍්‍රයාවක් බවද ඒ මහත්මිය පැවසුවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත සිය කණගාටුව පල කරන බවද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ දැවෙන ප්රශ්නය රූ රැජින හබයද?
මෙය හරිම නරක ආදර්ශයක්.
අපිට නම් ගාණක් වත් නෑ
පුෂ්පිකා ද සිල්වා මහත්මියට වුණ අපහාසය වෙනුවෙන් කැරොලින් ජුරිගේ කිරුල පුෂ්පිකා ද සිල්වාට පළදන ලෙස අදාළ පුද්ගලයින් දැනුවත් කරන්න. එය තමයි කැරොලින්ට දෙන හොඳම දඬුවම
ඔය කලබලේ අස්සේ කලුපාට තඩි සමනලයෙකුත් වේදිකාවට නගිනවා මම දැක්කා.
රටට මහත් අපකීර්තියක් දුන්නා. මැයට විරුද්ධව ගත හැකි සෑම දෙයක්ම කළ යුතුයි. ඇයගේ කිරුල වහාම අවලංගු කළ යුතුයි.
පුෂ්පිකා ද තරග නීති ඉතාම නරක විදියට කඩ කරලා තියෙන්නේ දික්කසාද නඩුවක් තියෙද්දී ඇයි බොරු කලේ කැරොලිනුත් වැරදි.
ඉස්සර වෙලා රටේ ප්‍රශ්න විසඳුමකින් පස්සේ නේද අනිත් ප්‍රශ්නවලට උත්තර සපයන්නේ..? හරියට කියතොත් වැසිකිළි ගියාට පස්සේ නේද සෝදන්නේ? ඉස්සරවෙලා සෝදලා වැඩක් නැහැ. කල්පනා කරන්නැතිව වැඩකරන එකේ කිසිම තේරුමක් නැහැ.
එයාලාට කියන්න ප්‍රමිතිය බලන්න කියලා..
රටේ ජනතාව කොරෝනාවෙන් බැටකන අතරේ මෙවැනි රූප රාජිණියන් තේරීම වැනි අනවශ්‍ය උත්සව තහනම් කළ යුතුය.