රාත‍්‍රි කාලයේ විදුලි පහන් ආපාත හෙවත් ”ඩිම්” නොකරන රියැදුරන් ඇල්ලීමට යයි. දඩය රුපියල් 3000 සිට 5000 දක්වා වන බව පොලිස් මූලස්ථානය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. මට නම් හරි සතුටුයි. අනතුරු වළක්වන්න හොද ක්‍රමයක්. (නි)
ඩිම් බදු ,ළිං බදු ,...නැවත තන බදු ,බලු බදු ඔහොම යං ඔහොම යං ..රට ආශ්ච්ර්යටම යන්න එපැයි. (ස)
කට්ටියක් ගොඩ තමයි දැන් (ස)
මෙය නීතියක් වශයෙන් නොව රියදුරුගේ සදාචාරමය වශයෙන් සිදුවිය යුතු දෙයක්. (නි)
කාලෝචිත පියවරක්. (නි)
මේකනම් අනිවාර්යයෙන්ම අනුමත කරන්න ඕනෑ වැඩක්. මමත් පෞද්ගලිකව අත්දකින දෙයක් තමයි ඔය. රෑකට ගමනක් යන්න පාරට බැස්සොත් මේ වගේ අය දෙතුන් දෙනෙක් නම් මුණ ගැහෙනවාමයි. මේකට ගොඩක් හේතුවෙලා ඇත්තේ ඒ ගැන එතරම් තැකීමක් නොකිරීම වෙන්න ඕනෑ. මෙහිදී වැඩිදෙනෙකුගේ අවධානයට ලක් නොවන අනෙකුත් කාරණයක් වන්නේ, රාත්‍රී කාලයේ ධාවනයේදී, අප ගමන් කරන දිශාවටම ගමන් කරන වෙනත් රථයක් හමුවන විට, අනිවාර්යයෙන්ම අප රථයේ ප්‍රධාන ලාම්පු “ඩිම්“ කළයුතු බවයි. මක් නිසාද යත්, අප ගමන් කරන රථයේ ප්‍රධාන ලාම්පු දල්වා ඇති විට, එකී ඉදිරියෙන් ධාවනය වන රථයේ පිටුපස බලන කණ්නාඩි මත එකී ආලෝකය ප්‍රක්ශේපණය වීමක් සිදුවිය හැක. එවිට එම ආලෝකය එම රථයේ රියදුරු මහතාගේ මුහුණ මතට වැටීමෙන් හරියාකාරව මාර්ගය දර්ශනය නොවීම නිසා, කිසියම් අනතුරකට ලක්වීමක් සිදුවිය හැක. (නි)
නිකන් ලොකු කට්ටිය දැක්කහම ඇඹරෙන්නෙ නැතුව හැමෝටම පොදු දඩුවම් දෙන්න. (නි)
ඩිම් කරගෙනම යන්න ඔනේද? නැතිනම් ඉදිරියෙන් වහනයක් එන විට විතරද ? (ස)
ප්‍රමාද වෙලා හරි ගත්තු තීරණය අගය කළ යුතුයි. (නි)
ඊට කලින් පාරවල් වලට ලයිට් දැම්මොත් නරකද? අපි කවුරුවත් කැමැත්තෙන් ඩිම් නොකර යන්නේ නෑ. ප්‍රධාන පාරවල් වල පවා ලයිට් නැති නිසා තමයි මිනිස්සු මෙහෙම යන්නේ. ඩිම් කරගෙන ගිහිල්ලා මිනිස්සු යට කරගෙන යනවට මෙතන කවුරුත් කැමතිද? ඉස්සර නම් හැම පාරකම රෑට ලයිට් දාලා තිබ්බා. දැන් ඉතින් සංවර්ධනේ වැඩි නිසා පාරේ ලයිටුත් නෑ. (ස)
පොලිසියට කල්ල මරේ (ස)
පොලිසියේ කට්ටියට තමයි වාසි වෙන්නේ. (නි)
ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක් ඩිම් නොකරන රියදුරන් නිසා ඉදිරියෙන් එන වාහන වල අයට අවධානම ඉතා වැඩියි (ස)
ශ්රී ලංකා පොලිසියේ ඇස් මෙසේ ඇරුණූ එක ගැන ඉතාම සතුටුයි. (නි)
ත්‍රීවිල්, පෞද්ගලික බස් සහ දේශපාලුවන් තමයි වැඩිපුරම මාර්ග නීති කඩන්නේ. (නි)
ඇත්තටම හොදයි. (නි)
වැනේසියා, ඉතාලි නීතිය තව මෙයට එකතු කලයුතුයි. ඉදිරියෙන් වාහනයක් යනව නම් පිටුපසින් යන වාහනය ආලෝකය පහත දැමිය යුතුයි.මෙයද අනිවාර්යය කළ යුතුයි. (ස)
මෙන්ම මුදල් සොයන්න නියම ක්‍රමයක්, අපේ අහවල් කට්ටියට (නි)
ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක්. ඩිම් නොකරන රියදුරන් නිසා ඉදිරියෙන් එන වාහන වල අයටයි අවදානම.... (නි)
මේකේ අදහස් දාපු සමහර මෝඩ මිනිස්සු වාහන වල ගිහින් වත් නෑ වගේ. පාරේ ලයිට් තිබුනම ඔය කියන විදියට වාහන වලට ලයිට් ඕනෑම නැහැනේ.. අනෙක දැවැන්ත විදුලි අර්බුදයක ඉන්න රටේ හැම පාරක් ගානෙම ලයිට් දෙන්න නම් විකල්ප බලශක්තියක් ගේන විදියකුත් ඔය ඉස්තරම් මොළ වලින් හොයලා කියන්නකෝ.. (ස)
ජනතාවට බදු ගහලා දඩ ගහලා ඒවා ගසාකනවා. (ස)
ඕක නම් විදුලිබල ඇමතිතුමාගේ වැඩක් වෙන්න ඕනි (ස)
තරින්ද හරි. පාරේ ලයිට් තියෙනවානම් ඈත පේනවනේ (ස)
ට්‍රැපික් පීසීලා ගොඩ තමයි. (නි)
පොලිසිය ගොඩ... (නි)
තරින්ඳ හරි. ලයිට් ඩිම් කර රිය පදවනවිට පාර හරහා යන අය හා පාපැදි අනතුරු සිදුවේ.
ඒකනම් බොහොම හොදයි. මෝටර්බයික්, ත්‍රීවිල් වගේ පොඩි වාහන අනතුරට පත්වීම් ගොඩක් වෙන්නේ ඔය හින්දා තමයි. බොහොම හොද වැඩක්. ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්. (නි)
පගා ගන්න තව හොඳ ක්‍රමයක්. (නි)
මේක නම් නියමයි. අඩුගාණෙ රෑට පාරක ඇවිදගෙනවත් යන්න බැහැ. (නි)
තරින්ද, ඩිම් කරනවා කියන්නේ ලයිට් නිවාගෙන යන එකට නොවේ. අඩුගානේ මෝටර් බයික් එකක් තියෙන යාලුවෙක් වත් නැද්ද ඔයාට මේ වගේ දෙයක් අහගන්න? නොදන්නා දේට කට දාන්න කලින්... (ස)
තරින්ද වගේ කවදාකවත් වාහනයක් පදවපු අත්දැකීමක් නැති අය තමයි මේකට බැණලා තියෙන්නේ. මේ නීතිය කවදා ඒවිද කියාලා තමයි මම නම් බලාගෙන හිටියේ. අපේ රටේ නොහික්මුණ අවිනීත රියදුරන්ට මේක හරියට ක්‍රියාත්මක වුණොත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මම නම් කියන්නේ ලොකු අය අල්ලන්න පොලීසියට පන මදිනම් පොඩි අයගෙන්වත් පටන් ගන්න එකයි තියෙන්නේ. අපි යන පාරවල් වල නම් පැජරෝ කාරයෝ එක් කෙනෙක් හමුවෙද්දී මෝටර් බයික් කාරයෝ සහ අලුතෙන් එන ලයිට් දෙකේ ත්‍රීවීල් කාරයෝ සීයකට වඩා හමුවෙනවා. එයාලගෙන් තමයි වැඩියම කරදර. විශේෂයෙන් මේ ගැන ඉතාම නොසැළකිලිමත් වන්නේ අඩු අධ්‍යාපන මට්ටමක් ඇති රියදුරන්. ඒක මම නොබියව කියනවා. මෙහි මීට පක්ෂව හා විපක්ෂව පළකර ඇති අදහස් බැලීමෙන් ඔබට මේ බව පැහැදිලි වනු ඇති. (නි)
මෙහෙම දේකුත් තියෙනවා ..දැන් අළුතින් ගෙන්වන බ්‍රෑන්ඩ් නිව් වාහන වල සුදු පාට ලයිට් තියෙන්නේ...ඒවා ඩිම් කලත් ඩිම් කලේ නෑ වගේ..ඒවා නම් ඇහැට හරිම අමාරුයි. ඒවටත් විසදුමක් ගත්තොත් හොදයි. නැත්තම් පොඩි වාහන වල යන මිනිහට තමයි ඒකෙනුත් අසාධාරනේ වෙන්නේ. (ස)
ඒකනම් ගොඩාක් වටිනා දෙයක් (ස)
තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ලඟදීම (ස)
ඒක නම් ගොඩක් හොදයි..!(නු)
වාහනයකට ඉස්සර කරන්නවත් හෙඩ් ලයිට් ගහන්න බැරිද?(නු)
හොදයි සමහර රියදුරන් කිසිම ගානක් නැතිව යන්නේ.. ඉස්සරහට එන වාහන ගැන හිතන්නෙවත් නැතිව..!(නු)
මොලේ ඇති වැඩක් කළාමද කොහෙද (නු)
රාළහාමිලට දවසකට එක්කෙනෙක් අල්ලගත්තත් ඇති (නු)
හොද අදහසක් නමුත් අපේ වෙලාව තමයි නරක මට පේන්නේ..!(නු)
මෙම දඩ මුදල පස්සේ අඩු කරන්න එපා. මෙච්චර කල් ආසන පටි නීතිය වගේ ඒවා හරියට ක්‍රියාත්මක උනේ වැඩි දඩ මුදල් නිසයි.. නමුත් ඒක පාර්ලිමේන්තුවෙන් අඩු කලා කියලා දැනගන්න ලැබුණා..!(නු)
ගොඩක් හොදයි දඩය ලොකු නිසා මාසයක් විතර යනකොට කට්ටිය හැදෙයි.. නැත්නම් වාහන උගස් වෙයි..!(නු)
ඒක හොදයි. නැත්න්ම අපේ ඇස් කඩාගන්නයි වෙන්නේ. (නි)
නියම වැඩක් ..(නු)
කියලා වඩක් නැහැ නියමයි. පරක්කුවෙලා හරි නීතිය දැම්මට ගොඩක් ස්තුතියි..!(නු)
මේකනම් හොද ආදර්ශයක්.. සමහර විට හෙඩ් ලයිට් ඕන කමට දන්නෙ නැහැ.. සමහර විට ඩිම් මදි නිසා හෙඩ් එක පාවිච්චි කරනවා..!(නු)
අයියෝ අපේ සුන්දර කාලය..!(නු)
තවත් පොලිසියට හොදට රාජකාරිය කරන්න පොටක් තමයි.. නියමයිනේ නීති දාන්න ඕන අපිට නෙමෙයි.. කිසිම නීතියක් නැතිව දුවන මැති ඇමතිගොල්ලන්ටයි එයාලාගේ ආරක්ෂක සේවා වලටයි.. ඒ අය දැක්කම නොදැක්කවගේ ඉන්නවා.. අපි දකිනවානේ යනකොට..(නු)
හරි එතකොට වාහනය කොහේ හරි හැපුනොත් වන්දි ගෙවන්නෙ කවුද? (නු)
දඩ මුදල් වැඩි නැද්ද? කමක් නැහැ රජයටනේ..!(නු)
යාන්තම් කාටහරි ඇස් ඇරිලා වගෙයි..!(නු)
විදුලිපහල් බද්දක් ගැහුවොත් හොදයි..!(නු)
ඔහොමම යං අපේ රට යන්නෙත් ඩිම් එකටනේ...!(නු)
පිටරටවල මීදුම තියෙන වෙලාවට විතරක් භාවිතාකරන අධිසැර ලයිට් අපේ අය තමන්ගේ වාහනේ තරම පෙනෙන්න දමාගෙන යනවා.. ඉදිරියෙන් යන කෙනා මොන විදියකට ගියත් ඒගොල්ලන්ට ප්‍රශ්ණයක් නැහැ.. ඒ වගේ අයට මේ නීතිය හුගක් වැදගත්.. ලංකාවට ජාත්‍යන්තර රටවල රථවාහන නීති ගෙන එන එකයි හොදම දේ..!(නු)
නියමයි නියමයි......?????
ඒක ඇත්තමට හොදයි මොකද හෙඩ් කරන එක අමාරුව දන්නෙ එක කරන කොනාට නෙමෙයි අනිත් පැත්තෙන් එන වාහනේටයි..!(නු)
මෙහෙමත් රටක ජීවත් වෙනවාට අපිට කීයක් හරි දෙන්න ඕන.. කවුරු කරපු පව්ද?(නු)
හෙඩ් ලයිට් සමහර වෙලාවට පාවිච්චි කරන්න ඕන ගම්බද ප්‍ර දෙශවලදී නගරවලදී මේක වෙනස් මේ ගැන දෙවරක් හිතල තීරණයක් ගත්තොත් හොදයි කියලා හිතෙනවා..!(නු)
දඩම ගහන්න ඉස්සෙල්ල,රියදුරන් දැනුවත් කරල හිටියොත් හොඳයි නේද.මොකද සමහර අයට හෙඩ් ලයිට් වලින් තියෙන අපහසුථාවය ගැන වැටහීමක් නෑ .තවත් සමහර අය ලයිට් මොකුත් නැතුවත් යනව.(නු)
වහනයක් පදවල තියෙන ඕනෑම කෙනෙක් දන්නවා රෑට ඉදිරියට එන වහනය හෙඩ් ලයිට් දීම නොකෙරුවොත් මුහුණපාන අපහසු තත්වය. වයස සමග මේ සර හෙඩ් ලයිට් වලට අස ඔරොත්තු දීම අඩුවෙනවා. එනිසා ප්‍රශ්නය තවත් අවදානම් වෙනවා. ලයිට් දැමීම නොකිරීම නිසා මුහුණ පාන අනතුරු එමටයි. හරියට මුහුණට දැඩි විදුලි පන්දමක් ඇල්ලුවා වගේ දෑස නිලංකාර වී රියැදුරා අසරණ වෙනවා , , මෙය අනතුරකට අතවැනීමක්. නීතිය හොදයි. සාමාන්‍යෙයන් මේක රියදුරු සදාචාරයක් සහ රීතියක්. නමුත් අදකාලේ ගොඩක් රියදුරන් අනෙකාගේ පහසුව, අයිතිය ගැන නොසලකා වැඩ කරන නිසා මේක නීතියක් වීමේ කණගාටුදායක තත්වයක් ඇතිවෙලා. ලංකාවේ වැස්ස වෙලාවට රිය පදවනකොටත් ඩීම කල ලාම්පු දැල්විය යුතුයි. මෙයත් නීතියක් කරන්න ඕන. මොකද වැස්ස වෙලාවට ඉදිරියට එන වාහනය ගැන දැකීමට ටිකක් අපහසු නිසාත් ඇතිවෙන අදුර නිසාත්, මෙය අනෙක් වාහන සහ පදිකයන්ට ආරක්ෂාවක්. මේ වගේ පොඩි නීති වලින් රැකෙන ජීවිත ගණන වැඩියි, සිදුවන අනතුරු අඩුවෙනවා. දියුණු රටවල් බොහොමයක වාහන වල 'Day time running light ' පාවිච්චි කරනවා මහා දවලෙත්. මේ නිසා ඕනෑම වාහනයක ඉතා ලා හෙඩ් ලිඝ්ට් දැල්වීමක් දකින්න පුළුවන් , හැමෝගෙම ආරක්ෂාවට එක හොදයි. (නු)
අගේ කළ යූතු හොද වැඩක්. හැබැයි ඒ වගේම පාපැදි වළටත් ඉදරිපස සහ පසූපස විදුලි පහන් අනිවාර්ය්‍ය කරන්න.....!!(නු)
නියම වැඩක් දඩය නම් මදි..!(නු)
කොච්චර හොද අදහසක් ද මේ ඇවිල්ල තියෙන්නේ , මම ජීවත් වෙන්නේ යුරෝපේ රටක , නිවාඩුවට ඇවිල්ලා වාහන එලවන්න ගහිල්ලා, තව පොඩ්ඩෙන් හැප්පෙනවා.. ,ඔය හේතුව නිසා අනේ පින්වත් මහතුනේ , මේ නිතිය ඉක්ක්මනට ගෙන්න , ගොඩක් ජීවිත් බේරගන්න පුළුවන් මගේ අද්දකිමෙන්ම තමා කියන්නේ(නු)
ඩම් ලයිට් කියන්නේ ඉදිරියෙන් එන වාහනවල රියදුරන්ට ඇස් පේන්නෙ නැතිව අනතුරු වැඩි වෙනවට තියන බිමට වදින ලයිට් එකයි... ඩිම් කලා කියලා කොහොමද අනතුරු වෙන්නෙ.. ඩිම් නොකලොත් තමයි අනතුරු වෙන්නෙ..!(නු)
හොඳ දෙයක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ වාහනේ යන පුද්ගලයා අනුව වීමයි. (අනෙක් නීති වගේම). කළ යුතු හොඳම දේ නම්, රටේ මිනිසුන්ට, නීතිය කියලා එකක් තියෙන බවත් එයට උඩින් යන්න රටේ ඉහළම තනතුරු දරන අයටවත් බැරි බවත් ඔප්පු කිරීමයි. එහෙම නැත්නම් මේවා බොරු වැඩ. (නි)
නිමල්ගේ අදහස් හරි. ප්‍රභූන්ට කිසිම මාර්ග නීතියක් නැහැ. (නි)
නීතිය හොඳයි. ඒත් ලොකු වාහන වල ඩිම් එකත් හෙඩ් වගේ තමයි වදින්නේ ඉස්සරහට එන වාහනේට.එතකොට මොකද කරන්නේ.පොලිසිය කියයි මේ මනුස්සයා හෙඩ් ගහගෙන ආව කියලා.නෑ කිව්වමත් දඞ ගහවි. (ස)