(අංජුල මහික වීරරත්න)

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වාගෙන යනු ලබන හෝටල් පුහුණු පාසල් සඳහා නවක සිසුන් බඳවාගැනීම් ඇරැඹූ බව තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජූලි 01 වැනිදා ආරම්භ වීමට නියමිත ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභී නව පාඨමාලා සඳහා මෙලෙස  අයැදුම්පත් කැඳවීම දැන් අරඹා තිබේ.

මෙම පුහුණු පාඨමාලා දඹුල්ල, කතරගම සහ දිගම්පතහ යන හෝටල් පුහුණු පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. 

දඹුල්ල හෝටල් පුහුණු පාසල මගින් හෝටල් ගෘහපාලනය (NVQ 3), සහකාර බංගලාභාරකරු (NVQ 3), පිළිගැනීමේ අංශය (NVQ 4), ආහාරපාන සේවා සහයක (NVQ 4), වෘත්තීය සූපවේදය (NVQ 4), සහ පේස්ට්‍රි සහ බේකරි (NVQ 4) යන මාස 3 සහ 6 ක කාලයකින් යුත් පාඨමාලා ක්‍රියාත්මක කෙරේ.

එසේම, කතරගම සහ දිගම්පතහ හෝටල් පුහුණු පාසල් මගින් මාස 3ක හෝටල් ගෘහපාලනය (NVQ 3) පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත.

වයස අවුරුදු 18ත් 28ත් අතර, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් සමත් තරුණ තරුණියන්ට මේ සඳහා අයැදුම් කළ හැකිය.

පුහුණුව ලබන කාලය තුළ සිසුන් සඳහා ආහාරපාන, නවාතැන් පහසුකම්, ජාතික යොවුන් සේනාංක නිල ඇඳුම් සහ විශේෂ රක්ෂණාවරණයක් නොමිලේ හිමි වන බව අමාත්‍යාංශය කියයි.

පහසුකම් හා සේවා ගාස්තු ලෙස ජාතික යොවුන් සේනාංක අයදුම්කරුවන් සඳහා මාසිකව රු. 6,000/- ක් ද, බාහිර අයදුම්කරුවන් සඳහා රු. 10,000/- ක් ද අය කෙරේ.

මේ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ජුනි 03, 04, 05 සහ 09, 10 යන දිනවල පැවැත්වීමට නියමිතය. මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීම සඳහා ජාතික යොවුන් සේනාංකයේ නිල වෙබ් අඩවිය වන www.youthcorps.lk වෙත පිවිසීමෙන් හෝ අදාළ මාර්ගගත සබැඳිය හරහා අයැදුම් කළ හැක.

මාර්ගගත ලියාපදිංචිය සඳහා සබැඳිය: https://forms.gle/6f7LPctKQE92NijK9 වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක ඇමතිය හැකි බව අමාත්‍යංශය සඳහන් කරයි.

  • දඹුල්ල: 066-2286177
  • කතරගම: 071-5434322
  • දිගම්පතහ: 066-2225779