(   සිතුම් චතුරංග)

යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩා සංකීර්ණයේ  අද(10) අලුයම ඇතිවූ ගින්නක් හේතුවෙන් ඖෂධ ගබඩාව සම්පූර්ණයෙන් විනාශවී ඇතැයි යාපනය පොලිසිය කියයි.

පැය පහකට අධික කාලයක් ගින්න පැවති අතර ගුවන් හමුදාව , යුද හමුදාව , නගර සභා ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවාදමනු ලැබීය.

ඖෂධ ශීතකරතබන ස්ථානයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් රෝහලේ ඖෂධ ගබඩාව සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශවී ඇති අතර ඖෂධ වර්ග කිහිපයක් පමණක් රෝහලේ සේවකයින් විසින් පිටතට රැගෙනවිත් ආරක්ෂිතව ගබඩා කොට ඇති බවත් පොලිසිය පැවසීය.

ගින්න හටගන්නා අවස්ථාවේ ඖෂධ ගබඩාවේ තිබූ ඇසිට් සහ ගිනිගන්නා සුළු ද්‍රව්‍යන් හේතුවෙන් ගින්න විශාල ලෙස පැතිරී ගොස් තිබූ බවත් පොලිසිය පැවසීය.