මොස්කව්හිදීය/ඩැමැස්කස්හිදීය (රොයිටර්)
බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.
ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල කරමින් නව ආර්ථික සම්බාධක පනවන බවට නිවේදනය කර තිබෙන මොහොතක රුසියා ජනාධිපතිවරයා මෙලෙස අනතුරු අඟවා තිබේ.
රුසියානු ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රොව්හානි සමඟ දුරකතන සංවාදය යෙදීමෙන් අනතුරුව ක්‍රෙම්ලීනය පුටින් ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඒ බව සඳහන් කර තිබේ.
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිරියාවට එල්ල කරන ප්‍රහාරයෙන් සත් අවුරුදු සිවිල් යුද්ධයකින් පීඩා විඳින සිරියාවට සාමය සහ දේශපාලනික විසඳුමක් ගෙන ඒමට තිබූ අවස්ථාවට හානි සිදු වූ බව නායකයන් දෙදෙනාම ප්‍රකාශ කර ඇතැයි ද ක්‍රෙම්ලීනය සඳහන් කළේය.
“බටහිර රටවල් එල්ල කරන ප්‍රහාරයෙන් එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති උල්ලංඝණය වෙනවා. ඔවුන් නැවත නැවත එලෙස ප්‍රහාර එල්ල කළහොත් ජාත්‍යන්තර සමබඳතා දැඩි අර්බුදයකට යනවා.” යැයි පුටින් ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව ජෝජියාවට ගහලා ඒකේ කොටසක් යටත් කරගන්න කොට හොඳයි, යුක්රේනයේ බෙදුම්වාදීන්ට උදව් කරලා ඒකේ කෑල්ලක් යටත් කරගන්න කොට ඒකත් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුකුලයි. බටහිර රටක් ඒ දෙයම කලොත් ඒක වැරදි. ඔක්කොම බලවත් රටවල් එකයි. තමන්ගේ වාසියට මිනි මරනකොට හොඳයි. අනුන් මිනි මරනකොට වැරදියි.
පුටින් ට්‍රම්ප්ව ඇමරිකාවේ ඡනාධිපති කරලා අද ඉල්ලගෙන කනවා වගේ. ට්‍රම්ප් කාවවත් විශ්වාස කරන්නේ නැති කාටවත් විශ්වාස කරන්න බැරි අරුම පුදුම දේශපාලකයෙක්...
මෙයා ලැජ්ජාවට කට මැත දොඩවනවා.
මේ රටවල් දෙකේ ආර්ථික ශක්තිය අහසට පොලොව වගේ . රටේ ජනතාවට කන්න දෙන්න බැරුව ලෝකෙට ගහන්න හදනවා රුසියාවට කරන්න පුළුවන් දෙයක් නැහැ.
ට්‍රම්ප්ව මෙල්ල කරන්ට පුටින්ට බැහැ.
හරියට හරි පුටින් මහතා කලොත් අන්න වැඩේ. ඔබලා සමග චීනය, ඉරානය සහ උතුරු කොරියාව එකතුවන බව අනිවාර්යයි. ඇමරිකාවට රුසියාව 2025 දක්වා සපයන්න පොරොන්දු වී ඇති R - 180 රොකට් එන්ජින් සැපයීමත් නවතිනවාද? ලෝකයේ හොඳම රොකට් එන්ජින් නිපදවීම රුසියාවේ බව අපි දන්නවා ඒවා ඇමරිකාව මිලට ගන්න බවත් අපි දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්නවානම් අන්තර්ජාලයට ගොස් කියවන්න
ගෝලීය අර්බුදයක් කියන කොට මාර සතුටක් එනවා.
ඇයි අපේ ට්‍රම්ප්..සිරිපාල... කාවවත් විශ්වාස කරන්නේ නැති කාටවත් විශ්වාස කරන්න බැරි අරුම පුදුම දේශපාලකයෙක්...!!
රුසියාව සහ ඇමරිකාව යුදමය වශයෙන් බලවත් රටවල් දෙකක්. හැබැයි ලෝකයේ බලවතා වීමට එය ප්‍රමාණවත් නොවේ. ආර්ථික වශයෙන් බලවත් වුවහොත් පමණයි ලෝක බලවතා වීමට හැක්කේ...ගල්ෆ් කලාපය(මුස්ලිම් රටවල්) තමයි මුදල්මය වශයෙන් බලවත් වන්නේ ලෝකයේ. එම රටවල්වල පාලන තන්ත්රය අවුල් කරමින් තමන් විසින්ම නිර්මාණය කරන ත්‍රස්තවාදී කණ්ඩායම් යොදා ලෝකෙට වැරදි රූපයක් පෙන්වීම තුළින් එම රටවල්වල පාලනය තමන්ට නතු පාලකයන් පත් කිරීමට මේ බලවත් රටවල් දෙකම උත්සාහ කරමින් සිටිනවා.
මේ අය කුළල් කාගෙන තවත් කට්ටිය කට වැඩේ කරන්න දීලා යයි. බොරුනම් බලන්න. මොකද ? ඔය දොඩවන අර්බුධයට මේ අයත් අයිති නිසා
ලෝකෙට ලොක්කා වෙන්න පුටින්ටත් ඕන වෙලා වගෙයි! බය වෙන්න එපා ට්‍රම්ප් මහත්තයෝ, රුසියාවටත් උණ ගැනෙන්න ගහන්න.. ඉශ්රායෙල් සපෝර්ට් එකත් තියනවනේ...
පුටින්ව වරද්ද ගත්තොත් ඔය කොයි ලොක්කාටත් වරදිනවා
ගෝලීය අර්බුදයක් කියනකොටම මාර ජොලියක් හිතට එනවා. ට්‍රම්ප් මහතා ඔබට ඊශ්‍රායල් සපෝට් එක තිබෙනවා කව්දෝ කියනවා ඇසුනා. එයාට මතක් කොරන්න කැමතී රුසියාවට සපෝට් කරන්න උතුරු කොරියාව, චීනය, ඉරානය එළිපිටම ලෑස්තියි. චීනෙන් ඇමරිකාවට හම්බවෙන්නේ ආර්ථික ඇටැක් එකක්.