ජනතා විමුක්ති පෙරමුණේ ”ජන පෙළ ගැස්ම” පේදුරුතුඩුවට යන ගමන් අද වවුනියාවේදී රජයට එරෙහි උද්ඝෝෂණයක යෙදුණේය.
ජීවන වියදම, අපරාධ රැල්ල, ළමා හා ස්ත‍්‍රී දූෂණ මැඩ නොපවත්වා රජය ඒකාධිපතියකු ලෙස රට පාලනය කරතියි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.
ඔහු ඇතුළු පක්‍ෂ ප‍්‍රධානියෝ වවුනියා ජනතාව අතර අත් පත‍්‍රිකා ද බෙදූහ.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්, බුදුන් බලන්නෙත් ස්වභාවිකව ජීවත් වෙන අයට ස්වභාවිකව කරදරයක් වුණොත් පමණයි. (නි)
මිනිසුන් ජාතිවාදී නොවී ජාත්‍යන්තරවාදී විය යුතුයි. ජය වේවා! (නි)
යහපාලනයට උතුරත් දකුණත් එක්කරනවා කියන්නේ, ඇයි දැන් උතුරත් දකුණත් වෙන් වෙලාද තියෙන්නේ? (නි)
අනේ අපිට 1971 තවම මතකයි. (නි)
හොදයි.ආඩම්බරයි. (නි)
කුරිරු ත්‍රස්තවාදය පරාජය වීමත් සමග උතුරත් දකුණත් එක් වෙලානෙ තියෙන්නේ. තවත් මොනවා එක් කරන්නද? දැන් තියෙන්නේ ආර්ථික යුද්ධය ජයගන්න. එය ටිකක් අමාරු දෙයක් වුණාට එය කිරිමට අප සැම රජයට සහයෝගය දැක්විය යුතුයි. ඔය කාර්වලින් ගිහිල්ලා කොඩියක් දෙකක් වනලා පත්‍රිකාවක් බෙදුවට එහෙම නැතිනම් පොළට ගිහිල්ලා අල කීයද? බතල කීයද?වැටකොළු කීයද?කියලා ඇහුවට ඔය කියන දේවල් හිස් බස් විතරයි.ඒ අය කොළඹ ඇවිත් පුවත් පත් වලට ප්‍රකාශයක් නිකුත් කරනවා අපේ උද්ඝෝෂණය සාර්ථකයි, ජනතාවට සෑහෙන්න දැණුනා ...එච්චරයි. ආපහු තවකාලෙකින් තවත් උද්ඝෝෂණයක් සංවිධානය කරයි. උද්ඝෝෂණ.උද්ඝෝෂණ.උද්ඝෝෂණ.උද්ඝෝෂණ.......... (නි)
මනුෂ්‍යයා තමයි දේවත්වයට යන්නෙත්, බුද්ධත්වයට යන්නේත්, තිරිසන් වන්නෙත්. මේ ලෝකයේ තියෙනවා ලෝක තුනක්. ඒවා තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සහ තිරිසන් ලෝක ( දිව්‍ය ලෝක යටතට වැටෙනවා බ්‍රහ්ම ලෝකත්) මනුෂ්‍යයා මැරුණට පස්සෙ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි මනුෂ්‍යයා කළ පිං , පව් අනුව ස‍්වභාවිකව මේ ලෝක තුනෙන් එකකට ගිහින් ආත්ම භවයක් ලබන්නෙ. මෙලෙස ස්වභාව ධර්මය ආරක්ෂා වෙලා තිබෙන කම් පමණයි මනුෂ්‍යයන්ට ඕනම පවක් ස්වභාවිකව බේරා ගන්න පුළුවන් වන්නේත්, සංසාරයේ ස්වභාවිකව ගමන් කරන්නට සහ ජීවත් වෙන්නට පුළුවන් වන්නෙත්. මේ සෑම දේකටම මනුෂ්‍යයා ස්වභාවිකව ජීවත් වෙලා ස්වභාව ධර්මය රැකගත යුතුයි. (නි)
සියල්ලන්ටම නිදහසේ සමගියෙන් ජීවත් විය හැකි දේශයක් ගොඩ නගමු. (නි)
අනේ, ප්‍රේමදාස මහත්තයා හිටියා නම්............ (නි)
මනුෂ්‍යයන් වන අපට නිදහසේ තමන්ගෙ කැමැත්තට අනුව, ආගමක් හෝ ධර්මයක් ඇදහීමට සම්පුර්ණ නිදහස තිබිය යුතුයි.එහෙත්, ඒ ආගම අදහන මනුෂ්‍යයාගේ කැමැත්තට අනුව එය සොභාවිකව විය යුතුයි. එය තම තමන්ගේ දැනුම අනුව තමයි සිදුවන්නේ. එහෙත් සමහරු කිසිම ආගමක් නොඅදහයි. එයට හේතුව නම් ඒ ඒ පුද්ගලයන්ට මේ සමාජය තේරුම් යන හැටියට, කොටින්ම කියනවා නම් ඒ ඒ පුද්ගලයා ලබා උපන් හැටියට තමයි සියල්ල සිදුවන්නේ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්තට සිදුවන දෙයක්. බුදුදහම කියන්නේ මනුෂ්‍යයාගේ අතින් පිනුත් කෙරෙනවා, පවුත් කෙරෙනවා කියලයි. ඒක තමයි අප මහ ගෞතම බුදුරජාණන් අප සියලු සත්වයට බුදුදහම දීල පිරිනිවන් පෑවේ. වැඩි ගෞරවය භක්තිය විනාසෙට මුලයි. මනුෂ්‍යයන් වන අප බුදුදහම අනුව ජිවත් වෙලා, අපේ ආරක්ෂාව අපිම සොයාගන්න ඕනේ. නැතිනම් අපි බුදුදහම ආරක්ෂා කරන්න ගියහොත් එතන මහා විනාශයක් වේවි. ඒ නිසා අපි, අපිම ආරක්ෂා වෙමු. (නි)
මේ ලොකයේ සෑම රටකම, රට ආරක්ෂා කරන්න හරි සුදුසු පාලකයෙක් නැතිනම් රටේ හැම පවුලක්ම කළ යුත්තේ , රටේ කිසිම පාලකයෙකුට ජන්දය නොදී තම තමන්ගේ පවුල් ආරක්ෂා කරගැනීමයි එහෙම කළාම, ඉබේටම නැතිනම් කෙටියෙන් කියනවා නම් රටේ ආරක්ෂාවත් විසදෙනවා, ඒ වහේම ස්වභාව ධර්මයත් ආරක්ෂා වී, රටක ජාතික අස්වාභික බේද බින්න නැතිවී යනවා. ආගම් බේද නැති වෙනවා. පක්ෂ බේද නැති වෙනවා, ඇති වන්නේ මනුෂ්‍යයා අතර ඇති වෙන ස්වභාවිකව ඇති වන බේද පමණයි. අස්වාභික පටලවා ගත්තු අවුල් ලිහෙන අතර ලෝකය ස්වභාවික වෙන්නට පටන් ගන්නවා. (නි)
මා මෙය ලියන්නේ මාගේ පියාණන්ට ගෞරවයක් වශයෙනි. මගේ තාත්තා මියගියේ 1989 අගෝස්තු මාසයේ 25 වෙනිදා, ජේ . වී . පී එකේ ක්‍රියාකාරකම් නිසයි. ඒ දිනවල ආරෝග්‍යශාලා දින දහයක් වසා දැම්මා. තාත්තා මැරුණේ බෙහෙත් නැතුව. එයාලා මෙතෙක් කල් කළේ සිංහල ජාතියම වැනසෙන වැඩ. ඒ නිසා වහාම සිංහල ජාතිය කෙළෙසන වැඩ නවතා මනුෂ්‍යකම රැකගෙන තම පවුල් සමග ජීවත් වෙන්න, සිංහල පවුල් අවුල් නොකර. මම මෙම ලිපිය ලිව්වේ ලෙඩා මැරුණට පස්සේ දොස්තර මහතා බෙහෙත් ලියලා වැඩක් නැතිනිසා. (නි)
1971 ඉදලා අපේ රටේ දියුණුවට බාධාවක් වුණෙත් මේ කට්ටියම තමයි. (නි)
ඉතා හොදයි. තවත් ජනතාව දැන්වත් කරන්න. (නි)
මැර දුෂිත හොර දේශපාලු කල්ලීන් පළවා හැර, යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක් ගොඩනැගීමට හැකියාව බුද්ධිය කැපවීම ඔබලා සතු බව අපි දනිමු. ඔබ යන ගමනට ශක්තිය හා ධෛර්ය නොඅඩුවම ලැබේවා. අවිඥානක ජනතාව සවිඥානක වේවා! (නි)
ඉස්සර ඉදන්ම ඕක යා කරන්න හැදුවට තාමත් බැරිවුණානේ. මේවා කවදාවත් නොවෙන වැඩ. (නි)