
( තිළිණි ද සිල්වා )
සතීෂාන් රත්නායකගේ 'මැණිකේ මගේ හිතේ '' ප්‍රති නිර්මාණ ගීතය ගායනා කිරීම නිසා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සිය ප්‍රථම බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට අද (28) සිට පිවිසියාය.
ඉන්දියාවේ ප්‍රකට සංගීත හා බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වූ ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කළ , චිත්‍රපට අධ්‍යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ''ෂිද්දත්' හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් ඇය මෙලෙස බොලිවඩු චිත්‍රපට ගායනයට එක්වූවාය.
ඇය සිදු කළ ගායන සහිත වීඩියෝව යූ ටියුබ් ඔස්සේ අන්තර්ජාලයේ එළි දැක්වූ අතර මෙම ගීතයේ නිල පසුබිම් ගායකයා වශයෙන් ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරනු ලබයි.
ගායිකා යොහානි ද සිල්වා මිලියන 2.53 ක ග්‍රාහකයින් සිටින සිය යූ ටියුබ් චැනලය හරහා අද (28) දහවල් මෙම හින්දි චිත්‍රපට පසුබිම් ගීතය එළ දැක්වූ අතර එම ගීතය පැය 3 ක් ගතවීම මත්තෙන් ප්‍රෙක්ෂකයින් එක් ලක්ෂ හැත්තෑ හතර දහසකට වැඩි පිරිසක් යූ ටියුබ් ඔස්සේ මෙම ගීතය නරඹා තිබීමද විශේෂත්වයකි.
යොහානි ගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කෙරෙනු ඇත.
මෑත කාලීනව බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයට රංගනයෙන් ලාංකික සම්භවයෙන් යුතු ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ට පසුව බොලිවුට් චිත්‍රපට කර්මාන්තයට සංගීත හා ගායනා අංශයෙන් ඉදිරිපත් වූ මෑත කාලයේ ගායන ශිල්පිණිය වන්නේද යොහානි ය.
ඊට අමතරව යොහානි ගායනා කරන මෙම ෂිද්දත් හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතය ටී සිරීස් ආයතනය ද සිය නිල යූ ටියුබ් චැනල ඔස්සේ ඒළි දක්වා තිබුණි.ටී සීරිස් ආයතනය ඉදිරියේදී යොහානි ද සිල්වා සමග නව සංගීත නිර්මාණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන් සිටින බවද සදහන් වේ.
ඉන්දියාවේ කොටිපති ව්‍යාපාරික භූෂන් කුමාර් හිමිකාරීත්වය දරණ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි. ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාළිකාවක හිමිකාරත්වය ඇත.
කෝටි 12.9 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇත.
ඒ අනුව හෙට( 30 ) සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව යොහානි ද සිල්වා කියා සිටින්නීය.
30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය ගැන සතුටු අතර ලාංකිකත්වය රැකගෙන, ඇයත් රැකී දිගු ගමනක් යන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමු...
කිසිම නවකයෙක්ට සහයෝගය දෙන්නේ නැති ගුරුමුශ්ටියෙන් අනූන වූ අපේ ප්‍රවීන ප්රබුද්ධ විශාරද ගායකයෝ මාස්ටර්ලා කෝ..... ? නිකන්වත් සුභපතන්න හිතෙන්නෙම නැද්ද?
ඉන්දියාවේ දැවැන්ත සංගීත කර්මාන්තය ලංකාවෙ යොහානිව ඉහලින්ම අගය කිරීම ගැන හුඟක් සතුටුයි. ඒකටත් එක්ක අපේ සෙට් එක !
දැලිපිහියෙන් කිරි කනවා වැනි ප්‍රවේශමෙන් කලයුතු මේ වැඩේ මේ දරුවාට සාර්ථකව කරගෙන යාමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමු. ඇවිදින්න පටන්ගන්නටත් කලින් දුවන්න ගත්තොත් සෝඩා බෝතලේ කැඩුවා වගේ වෙන්නත් බැරි නැහැ. ජයවේවා.
යොහානි මෙතරම්ම ජනප්‍රිය උනේ ඉන්දියාව නිසයි. ඉන්දියාව සමග දිගටම අත්වැල් බැඳගෙන කටයුතු කරන්න ඔබට වරදින්නේ නැහැ. ඔබගේ ජනප්‍රියකම පාවිච්චියට අරගෙන ගොඩයන්න උත්සහ කරන ලාංකිකයින්ගෙන් පරිස්සම් වෙන්න.
යොහානිගේ පෙර පිනට මේ ජනප්‍රියත්වය ආවේ. මේවාට කවුරුවත් ඉරිසියා කරන්න එපා. අනේ කොච්චර දෙයක්ද ඇයට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..!