වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය වඳ පිදී ඇති බවත් ආර්ථිකය වඳ පීදෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිමෙන් පලක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.
රටේ ආර්ථිකය මෙහෙවන මහ බැංකුව , රේගු දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට තවමත් දේශපාලන අත පෙවීම් සිදුවීම හේතුවෙන් ද ආර්ථිකයට දැඩි බලපෑම් සිදුවන බව කී මන්ත්‍රී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීම පිටුපස ද දේශපාලන බලපෑම් ඇති බව හෙළි වී තිබෙන්නේ යැයි සඳහන් කළේය.
වත්මන් රජය බලයට පත් වි මාස පහකට ආසන්න කාලයක් ගත වුවත් රටේ ආර්ථික සංවර්ධනයට අදාළ කිසිම යෝජනාවක් අණ පනතක් තවමත් සම්මත කර ගෙන නැතැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණූ මුලස්ථානයේ දී අද (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට තේරුනේ දැන්ද?? අපිට ඕක තේරුනේ ඡන්දයටත් පෙර. කිසිම පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැතුව යහපාලන ආණ්ඩුව මිනිසුන්ගෙන් ඡන්දය ගත්තේ. කෝ අර හාමුදුරුවෝ? (නි)
රටේ හෙට කබලෙන් ලිපට (බ)
ඔබතුමාලා බලයට ගෙනාපු ආණ්ඩුව ගැන ඔබතුමාලම ඔහොම කියද්දී ඡන්දෙ දුන්න අපි කොහොම කියන්න ඕනිද...(ම)
ඔයාල කිව්ව අපි ඇහුවා. දැන් ඔයාල නැවත වෙන දෙයක් කියනවා. අපි අහන්නේ නැහැ. මේවා ඡන්ද දායකයෝ කරපු වැරදිද ?(ම)
පිවිතුරු යහපාල, ලස්සනට ගොඩනැඟී ආවේ කුමක්ද යන්න රටේ බුද්ධිමත් ජනතාව හොඳින් තේරුම් ගෙන ඇත. කළගුණ වෙනුවෙන් හඬා වැළපෙන අයට ඒවා දැනෙන්නේ නැත. කවුරුත් එකමුතු වුණේ කුමකටද යන්නත් සමහරුන්ට තේරුම් ගැනීමට නොහැකිවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
මෙයාල කළ බොරුව කට්ටියට තේරුනොත් හොඳයි (ම)
මෙයාලව විශ්වාස අපි දුන්න ඡන්දෙ වතුරේ ගියා. ආයෙත් අපි අහන්නේ නෑ. කාටද වැඩක් කරන්න පුළුවන් කාටද බැරි කියලා අපි දැන් හොදට දන්නවා. (ම)
විජයබාහු, ටවමේ ඡන්දක්කේ අවේ නෑනේ, අලුත් පාර්ලිමේන්තුවක් ඕනේ.(ම)
මේ මහත්තයට දොස් එපා අපි වැරදි .ඉන්න කට්ටිය දිගටම ඉන්න බලනව විරුද්ධ කට්ටිය බලය ගන්න බලනවා අවුරුදු 67 වුනේ ඕකතමයි අපි ආකල්ප වෙනස් කරගන්න ඕන ඇත්ත තේරුම්ගන්න (බ)
දන්නා කෙනෙක් කියනවද රටම යන්න කියල බල කරන සිංගප්පුරුවෙන් ආනයනය කරන ලද මහා බැංකු අධිපති තාමත් පුටුවේ සිටිද්දී, රටට මෙහෙයක් කරපු කීර්තිමත් රෙගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණු හේතුව කුමක්ද කියල?(ම)
මේ රටට වැඩිම හානියක් කළ පක්ෂය ජේවීපිය. එල්ටීටීඊ ත්‍රස්තවාදයට පූර්වාදර්ශ 1971 දී ලබා දී 1976 දොරේඅප්පාගෙන් පටන්ගෙන ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ අවසන් ගමන් යනතෙක් පැවති කුරිරු යුද්ධයට මේ අයත් වගකියන්න ඕන. 1988 සහ 1989 ඝාතනය වූ තරුණ ජීවිතවලට වගේම අද පවත්නා ආර්ථික කඩාවැටීම්වලට පවා මේ අයගේ දේශපාලනය එක් ප්‍රධාන හේතුවක්. (බ)
යහපාලනය ජවිපෙ එකත් වගකිව යුතුයි (ම)
කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. හොඳට හිතන්න.(ම)
අපි දන්නවා මේ දේ වෙන බව, ජවිපෙත් වග කියන්න ඕනෑ, කෝ යහපාලනය? (බ)
තොපිට ඔහොම වෙලා මදි. (බ)
කතාවේ ඇත්තකුත් තියෙනවා තමයි ඒත් ඔය කටින්ම එදා යහපාලනයට මෙයාලා ආවැඩුවේ මන්ද මානසික තත්වයක ඉඳලද? (බ)
මේ අය කරන්නේ දෙපැත්ටටම බැන බැන තමන්ට ඡන්ද ටික කඩා ගන්න එක. (හේ)
කිසිම ප්‍රයෝගිකත්වයක් නැති , එහෙත් කථිකත්වය පමණක් ඇති ඔබලාව කෙසේ විශ්වාස කරන්නද ! ජනතාව මේ තරම් විහිලුවට ගන්න එපා.(ම)
අපිටනම් ඕක තේරුනේ ජනවාරි 9 වැනිදා.....ලස්සනට ගොඩ නැගීගෙන ආපු රට මුන් ඔක්කොම එකතුවෙලා බොරු මවල මඩ ගහල මිනිස්සුන්ව අන්දලා එදා කණපිට හැරෙව්වා..ආපු ගමන මේ අවුරුදු පහත් ගියානම් මේ රට හිතාගන්නවත් බැරි වෙනසකට දියුණුවකට ලක්වෙනවා..(බ)
ලස්සනට ගොඩනැඟීගෙන එන්නේ යුද්ධයෙන් තොර බෙදුම්වාදය බව බුද්ධිමත් ජනතාවට පසක්වී ඇත. (හේ)
ඔය යහපාලන ගහ හිටෙවුවේ කවුද? පෝර දැම්මේ කවුද? දැන් කියනවා ආර්ථිකේ මල් වඳ පීදිලා කියල. ඡන්දයක් ළංවෙන කොට කොහෙට හරි හේත්තු වෙනවා ඊට පස්සේ බොරු කියා කියා ඇවිදිනවා. මේ පාර ජ.වී.පෙ කිසිකෙනෙක් දියවන්නාවට යන්නේ නැති බව විශ්වාසයි. (බ)
ඕක තමා අපි කිවුවේ! (නි)