ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට එක්විය.
අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ ඒ මහතා ජනපති ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරනු ලැබීය.
ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනපති අතින් පිළිගැන්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පැන්නේ මොනවා ශක්තිමත් කරන්නද දන්නේ නැහැ...
ගමනක අවසානය. හොරණ නම් දිනයි කියලා තමයි බය. හැබැයි ගාණක් හම්බවුණා නම් ඔහේ දිනුම් !!!
මේ යන ලෙසට ලොක්කත් ළඟදීම සහය පලකරන්න හිතුවොත් පුදුම වෙන්න දෙයක් නෑ. අර කාගේද මස් කාගේද පිටේ තියලා කපන කතාව මතක් වෙනවා.
මෙහෙම යනකොට රයිගමගේ පුතත්, ගම්පළගේ බෑනත් සහාය පලකලොත් පුදුමයක් නොවෙයි....කරත්ත රෝදේ පියත් අන්තිමට නවතින්නේ අලියාගේ නැට්ටේ එල්ලිලා....රෝදය කැරකෙයි- ඡන්දය ලඟ එයි....සිතු දෙය නොම වෙයි- නොසිතු දෙයක් වෙයි- පහ සමතුන් රජවෙනවා...
ඇමති කමක් ශුවර්...........
එහාට පනිනවා මෙහාට පනිනවා ඊට පස්සෙ අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් උන්ට වරප්‍රසාද දෙනවා මුළු ඉතිහාසයේම එහෙමයි ඒත් අපට ලැබුණු කෙංගඩියක් නෑ ..............අපේ වැරද්ද හදා ගනිමු ඡන්දය කල්පනාවෙන් නිවැරැදිව භාවිත කරමු.... අපේ මතෘ භූමියේ යහපත උදෙසා අපේ යුතුකම ඉටුකරමු..
මෙයත් රාජ්‍ය ඇමතිකමක් බලාපොරොත්තු වෙනවා ඇති.
රට මෙතරම් අගාදයකට වැටි තිබෙද්දිත් මේ කරනම් ගසන්නේ රට වෙනුවෙන්ද නැත්නම් තමන්ට ලැබුණ කුට්ටිය වෙනුවෙන්ද? එක දෙයක් මතක තබා ගත යුතුයි. මොවුන් කරනම් ගැසුවාට ජනතාව කරනම් නොගසන බවත් මේ ඡන්දයේදී අමතක නොවන පාඩමක් මොවුන් සියලු දෙනා ඉගෙන ගන්නා බවත් ..
මෙතන විශේෂ දෙයක් නැහැ............... මේ හැමෝම පිල් මාරු කරන්නෙ ප්‍රතිපත්තිමය ගැටළු මත නොවෙයි. දේශපාලන බලකාමය මත. නැතිනම් නෛතික ආරක්ෂාව පතා.
කලිනුත් හිටපු කෙනාට දෑත් ශක්තිමත් කරන්න කියලා පෝලිමේ කට්ටිය ආවා. ඒ ආපු අය හින්දම අන්තිමේ ලොක්කට ගෙදර යන්න වුනා.
මොකක්ද දෙන්න යන ඇමති පට්ටම..............
විදුර මහත්තයට මොකද වෙන්නේ?
තමන්ගේ වාසියට පමණක්ම පිණිස එහාට මෙහාට පනින, රටටවත්, ජනතාවටවත් සත පහක වැඩක් නැති මේ දේශපාලන ක්‍රමය අවසන් වන්නේ කවදාද?
මම හොරණ. මෙතුමගේ ගෙදර ලඟ. මෙතුමා පැන්නෙ කිසිම ප්‍රතිපත්තියක් නැති නිසා. සල්ලි මතමයි. විදුර වගේ කෙලින් වැඩ කරන මනුස්සයෙක් හොරණින් අයින් කලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාදයි හොරණින්. මෙතුමට තිබුණා කුහක කමක් විදුරට වඩා ඉහලට යන්න. පස්සෙදි මෙයාට වෙන්නෙ පස්ස බිම ඇනගන්න. වැරදිලාවත් විදුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැන්නොත් මෙයාට මොකද වෙන්නෙ. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. මෙවැනි අවස්ථාවාදීන් පරදවමු.
හොරණ ශ්‍රීලනිප සංවිධායකකම මෙතුමා අතට ගත්තා කියලා කවදාවත් මෙතුමාට හොරණ ආසනය ශ්රීලනිපය දිනවන්න බැහැ.. මන්ද හොරණ ශ්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් 90%ක්ම සිටිනුයේ විදුර වික්‍රමනායක මැතිතුමා වටා නිසාවෙන්.. මමනම් මෙය දකින්නේ තමාගේ වල තමා විසින්ම කපාගැනීමක් ලෙස.. මීළග මැතිවරණයේදී බලාගන්න පුලුවන් මම කියපු දේ හොරණ ආසනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙනකොට..
අපිට සහය පලකරන්න තමා කවුරුත් නැත්තේ.