IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


යෝෂිත ළඟ තිබූ යානය හැදුවේ රේ විජයවර්ධනලු

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලීසිය විසින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය රේ විජයවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන විට තමා කාර්මික ශිල්පියෙකු ලෙස ඊට දායකත්වය දුන් බව හලාවත, බංගදෙණිය, දෙමටපිටියේ පදිංචි හැම්ලට් මාටිස්ට් මහතා සදහන් කරයි.

දැන් එම යානයේ හිමිකරු හිටපු ජනපති පුත් යෝෂිතයි. චිත්‍රපට නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් එය ඔහුට දුන් බව කියයි.

මාටිස්ට් මහතා මෙසේද පැවසීය.

‘‘මම ඒ දවස් වල වැඩ කළේ රේ විජයවර්ධන මහතා ළඟ. එතුමා අලුත් දේවල් කරන්න කැමතියි. අපි විවිධ දේවල් හැදුවා. පිටරටින් ගෙනාපු කොටස් සහ මෙරටින් සොයා ගත් විවිධ කොටස් යොදා තමයි ලිහිනියා ගුවන් යානය අපි නිෂ්පාදනය කළේ.

මෙම යානයේ ඇන්ජිම අශ්ව බල 64 ක ධාරිතාවයකින් යුක්තයි. ඉන්ධන ලීටර් 35 ක් මෙම යානයට යොදන්න පුළුවන්.මෙම යානය මුහුදු මට්ටමේ සිට අඩි 5800 ක් ඉහළ නංවන්න පුළුවන්. දෙන්නෙකුට තමයි මෙම යානයේ ගමන් කළ හැකි වන්නේ. අපි එක් අවස්ථාවක ඊටත් වඩා ටිකක් ඉහළට ගුවන් ගත කළා. නමුත් උෂ්ණත්වය ඊට හරස් වුණා.

පැයට සැතපුම් 80 ක පමණ වේගයෙන් මෙම යානය පදවන්න පුළුවන්.රේ විජේවර්ධන මහතා සමග මම මෙම ගුවන් යානයෙන් හලාවත - කළුතර වැනි ප්‍රදේශ වලට ගිහිං තියනවා.

රේ විජේවර්ධන මහතාට අයත් එක් සැහැල්ලු ගුවන් යානයක් ඒ කාලයේ හලාවත - ඉරණවිල ප්‍රදේශයට කඩාගෙන වැටුණා. මෙම ගුවන් යානා විජේවර්ධන මහතා නිෂ්පාදනය කළේ විනෝදයට මිසක් වෙනත් කටයුත්තකට නෙමෙයි.

පසුව අපේ රටේ යුද්ධය පටන් ගත්තට පස්සේ පෞද්ගලික ගුවන් යානා ගුවන් ගත කිරීම රජය විසින් තහනම් කළා. මෙම ගුවන් යානය තිබුනේ රේ විජේවර්ධන මහතාගේ ගෙදර.එතුමා කිව්වේ මෙම ගුවන් යානය ගුවන් පුහුණු අභ්‍යාස ආයතනකට දෙන්න කැමැත්තෙන් හිටියා කියලයි.

මම දවසක් කිව්වා මේ ගුවන් යානය කෞතුක වස්තුවක් ලෙස තියා ගන්න මට දෙන්න කියලා.ඒත් එතුමා දුන්නේ නැහැ.මෙම ගුවන් යානය නැවත ගුවන් ගත කරන්න හැකි ආකාරයට සකස් කරන්න මට පුළුවන්.මොකද මේ යානයේ තියන සෑම කොටසක් ගැනම මම දන්න නිසා.

මට දැනුම තියනවා. කිසියම් කෙනෙකු මට සහාය දෙනවා නම් මේ වාගේ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. අද මම පෞද්ගලික කටයුතු කරගෙන පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මම  කියන්නේ මේ ලිහිණියා සැහැල්ලු යානය තමයි අපේ රටේ නිෂ්පාදනය කරපු පළමු වන ගුවන් යානය. ඒක සංරක්ෂණය කරන වැඩක් අපි කළ යුතුයි කියලයි.

01 02 03 04 06 17 20

 

ඡායරූප හා වීඩියෝ - ජූඩ් සමන්ත



අදහස් (0)

යෝෂිත ළඟ තිබූ යානය හැදුවේ රේ විජයවර්ධනලු

ජයවර්ධන Thursday, 15 January 2015 04:52 AM

හිටපු ජනාධිපතිතුමාගේ දරුවන්ට මඩ ගහන්න ඔන්න පටන් අරන්. ඇත්ත කරුණාකර හොයා බලන්න. (බ)

:       0       0

තිලක් කුවේට් Thursday, 15 January 2015 04:52 AM

මෙය නිෂ්පාදනය කළ අයට දඬුවම් කිරීමට වඩා ඔවුන්ගේ දැනුම ප්‍රයෝජනයට අරගෙන රටේ සංවර්ධනයට සම්බන්ධ කර ගැනීම සුදුසුයි. (බ)

:       0       0

තරිඳු Thursday, 15 January 2015 05:07 AM

හොඳයි මේ වගේ අයට මෛත්‍රීගේ ආන්ඩුවෙන් වත් තැනක් දෙන්න ඕනා. (නදී)

:       0       0

ජයනන්ද පුෂ්පකුමාර Thursday, 15 January 2015 03:40 PM

අපේ රටේ මිනිස්සුන්ගේ දැනුමට දැන්වත් තැනක් දීල රට දියුණු කරමු (අ)

:       0       0

චන්දිම Thursday, 15 January 2015 05:39 AM

60 දශකයේදී ලෝකයට අත් ටැක්ටරය නිර්මානය කර දුන්නේ රේවත විජයවර්ධන නම් වු එම විශිෂ්ට ඉංජනේරුවරයාය.(හේ)

:       0       0

ධම්මික ගමගේ Thursday, 15 January 2015 06:04 AM

මේ වගේ මිනිස්සුන්ගෙන් ලංකාවට වැඩක් ගන්න ඕන.(හේ)

:       0       0

ආනන්ද Thursday, 15 January 2015 06:13 AM

තරිඳු, එතකොට මේක හොර වැඩක් කියල ජන මාධ්‍යයෙන් පෙන්නුම් කරන්න උත්සහා ගන්නවනේද ? (බ)

:       0       0

රසික Thursday, 15 January 2015 06:15 AM

අපතේ ගිය ලාංකිකයින් සතු වූ මෙවන් දැනුමක්...(බ)

:       0       0

අමා Thursday, 15 January 2015 06:24 AM

මේවා බල බල හිටිය මිසක් වැඩක් අරන් විදේශ විනිමය ගේන ක්‍රම කල්පනා කලානම්. (ර)

:       0       0

බණ්ඩාර බුලත්සිංහල Thursday, 15 January 2015 07:03 AM

මෙය ජාතියට අයත් කෞතුක වස්තුවක් බලවතුන්ගේ පොව්ද්ගලික බූදලයක් නොවේ .බලය අයුතු ලෙස භාවිත කළ මානසික රෝගීන්ගෙන් මේවා මුදවාගෙන දැන්වත් සංරක්ෂණය කළ යුතුය (බ)

:       0       0

උයන්ගොඩ Thursday, 15 January 2015 07:26 AM

නව රජය යටතේ , චම්පික මහතාගේ සහයත් සමග මෙවැනි දේවල් ඉදිරියටත් කරන්නට ලාංකිකයන්ට ඉඩ පහසු කම් රජයෙන් ලබා දිය යුතුය.(හේ)

:       0       0

නිත්‍යානන්ද Thursday, 15 January 2015 07:36 AM

මොහුට රජයේ අවධානය යොමු විය යුතුය (බ)

:       0       0

කුමාර් Thursday, 15 January 2015 08:39 AM

රේ විජයවර්ධන, කියන්නේ ලංකාවෙන් බිහිවූ රත්තරන් මොලයක්, ඔහු ගේ නිපැයුම් අද මුළු ලෝකයම පාවිච්චි කරනවා. එයින් එකක් තමා, රෝද දෙකේ අත් ට්‍රැක්ටරය. (ර)

:       0       0

රොහාන් Thursday, 15 January 2015 09:12 AM

අපි ඔහුට උදවූ කල හැකි නම් එය කල යතුයි. (ර)

:       0       0

අසෝකා Thursday, 15 January 2015 09:13 AM

අපේ රටේ මේ වගේ දේශීය නිෂ්පාදනය හොද තත්වයෙන් කරගෙන යන්න පුළුවන් එයට රජයෙන් සහයක් දෙනවනම්. අපේ ආර්ථිකය වගේම දක්ෂ කමත් ඉහල නංවන්න පුළුවන්.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site