නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලීසිය විසින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය රේ විජයවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන විට තමා කාර්මික ශිල්පියෙකු ලෙස ඊට දායකත්වය දුන් බව හලාවත, බංගදෙණිය, දෙමටපිටියේ පදිංචි හැම්ලට් මාටිස්ට් මහතා සදහන් කරයි.
දැන් එම යානයේ හිමිකරු හිටපු ජනපති පුත් යෝෂිතයි. චිත්‍රපට නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් එය ඔහුට දුන් බව කියයි.
මාටිස්ට් මහතා මෙසේද පැවසීය.
‘‘මම ඒ දවස් වල වැඩ කළේ රේ විජයවර්ධන මහතා ළඟ. එතුමා අලුත් දේවල් කරන්න කැමතියි. අපි විවිධ දේවල් හැදුවා. පිටරටින් ගෙනාපු කොටස් සහ මෙරටින් සොයා ගත් විවිධ කොටස් යොදා තමයි ලිහිනියා ගුවන් යානය අපි නිෂ්පාදනය කළේ.
මෙම යානයේ ඇන්ජිම අශ්ව බල 64 ක ධාරිතාවයකින් යුක්තයි. ඉන්ධන ලීටර් 35 ක් මෙම යානයට යොදන්න පුළුවන්.මෙම යානය මුහුදු මට්ටමේ සිට අඩි 5800 ක් ඉහළ නංවන්න පුළුවන්. දෙන්නෙකුට තමයි මෙම යානයේ ගමන් කළ හැකි වන්නේ. අපි එක් අවස්ථාවක ඊටත් වඩා ටිකක් ඉහළට ගුවන් ගත කළා. නමුත් උෂ්ණත්වය ඊට හරස් වුණා.
පැයට සැතපුම් 80 ක පමණ වේගයෙන් මෙම යානය පදවන්න පුළුවන්.රේ විජේවර්ධන මහතා සමග මම මෙම ගුවන් යානයෙන් හලාවත - කළුතර වැනි ප්‍රදේශ වලට ගිහිං තියනවා.
රේ විජේවර්ධන මහතාට අයත් එක් සැහැල්ලු ගුවන් යානයක් ඒ කාලයේ හලාවත - ඉරණවිල ප්‍රදේශයට කඩාගෙන වැටුණා. මෙම ගුවන් යානා විජේවර්ධන මහතා නිෂ්පාදනය කළේ විනෝදයට මිසක් වෙනත් කටයුත්තකට නෙමෙයි.
පසුව අපේ රටේ යුද්ධය පටන් ගත්තට පස්සේ පෞද්ගලික ගුවන් යානා ගුවන් ගත කිරීම රජය විසින් තහනම් කළා. මෙම ගුවන් යානය තිබුනේ රේ විජේවර්ධන මහතාගේ ගෙදර.එතුමා කිව්වේ මෙම ගුවන් යානය ගුවන් පුහුණු අභ්‍යාස ආයතනකට දෙන්න කැමැත්තෙන් හිටියා කියලයි.
මම දවසක් කිව්වා මේ ගුවන් යානය කෞතුක වස්තුවක් ලෙස තියා ගන්න මට දෙන්න කියලා.ඒත් එතුමා දුන්නේ නැහැ.මෙම ගුවන් යානය නැවත ගුවන් ගත කරන්න හැකි ආකාරයට සකස් කරන්න මට පුළුවන්.මොකද මේ යානයේ තියන සෑම කොටසක් ගැනම මම දන්න නිසා.
මට දැනුම තියනවා. කිසියම් කෙනෙකු මට සහාය දෙනවා නම් මේ වාගේ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. අද මම පෞද්ගලික කටයුතු කරගෙන පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මම කියන්නේ මේ ලිහිණියා සැහැල්ලු යානය තමයි අපේ රටේ නිෂ්පාදනය කරපු පළමු වන ගුවන් යානය. ඒක සංරක්ෂණය කරන වැඩක් අපි කළ යුතුයි කියලයි.
ඡායරූප හා වීඩියෝ - ජූඩ් සමන්ත







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිතුමාගේ දරුවන්ට මඩ ගහන්න ඔන්න පටන් අරන්. ඇත්ත කරුණාකර හොයා බලන්න. (බ)
මෙය නිෂ්පාදනය කළ අයට දඬුවම් කිරීමට වඩා ඔවුන්ගේ දැනුම ප්‍රයෝජනයට අරගෙන රටේ සංවර්ධනයට සම්බන්ධ කර ගැනීම සුදුසුයි. (බ)
හොඳයි මේ වගේ අයට මෛත්‍රීගේ ආන්ඩුවෙන් වත් තැනක් දෙන්න ඕනා. (නදී)
අපේ රටේ මිනිස්සුන්ගේ දැනුමට දැන්වත් තැනක් දීල රට දියුණු කරමු (අ)
60 දශකයේදී ලෝකයට අත් ටැක්ටරය නිර්මානය කර දුන්නේ රේවත විජයවර්ධන නම් වු එම විශිෂ්ට ඉංජනේරුවරයාය.(හේ)
මේ වගේ මිනිස්සුන්ගෙන් ලංකාවට වැඩක් ගන්න ඕන.(හේ)
තරිඳු, එතකොට මේක හොර වැඩක් කියල ජන මාධ්‍යයෙන් පෙන්නුම් කරන්න උත්සහා ගන්නවනේද ? (බ)
අපතේ ගිය ලාංකිකයින් සතු වූ මෙවන් දැනුමක්...(බ)
මේවා බල බල හිටිය මිසක් වැඩක් අරන් විදේශ විනිමය ගේන ක්‍රම කල්පනා කලානම්. (ර)
මෙය ජාතියට අයත් කෞතුක වස්තුවක් බලවතුන්ගේ පොව්ද්ගලික බූදලයක් නොවේ .බලය අයුතු ලෙස භාවිත කළ මානසික රෝගීන්ගෙන් මේවා මුදවාගෙන දැන්වත් සංරක්ෂණය කළ යුතුය (බ)
නව රජය යටතේ , චම්පික මහතාගේ සහයත් සමග මෙවැනි දේවල් ඉදිරියටත් කරන්නට ලාංකිකයන්ට ඉඩ පහසු කම් රජයෙන් ලබා දිය යුතුය.(හේ)
මොහුට රජයේ අවධානය යොමු විය යුතුය (බ)
රේ විජයවර්ධන, කියන්නේ ලංකාවෙන් බිහිවූ රත්තරන් මොලයක්, ඔහු ගේ නිපැයුම් අද මුළු ලෝකයම පාවිච්චි කරනවා. එයින් එකක් තමා, රෝද දෙකේ අත් ට්‍රැක්ටරය. (ර)
අපි ඔහුට උදවූ කල හැකි නම් එය කල යතුයි. (ර)
අපේ රටේ මේ වගේ දේශීය නිෂ්පාදනය හොද තත්වයෙන් කරගෙන යන්න පුළුවන් එයට රජයෙන් සහයක් දෙනවනම්. අපේ ආර්ථිකය වගේම දක්ෂ කමත් ඉහල නංවන්න පුළුවන්.! (ර)