ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ටුං-ලායි මාග් මහතා හෙට (15) සිට පුරා දෙදිනක් උතුරු පළාතේ සංචාරයක නිරත වන බව එම යුරෝපා සංගම් තානාපති කාර්යාලය කියා සිටී. තානාපති මාග් මහතාගේ මෙම සංචාරයට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක ඌනා මැකෝලි මහත්මියද එක්වෙයි.
ඔවුන් දෙදෙනා හෙට (15 ) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා හමු වනු ඇති බවත්, අනතුරුව ඔවුන් දෙදෙනා යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික්ක සංවර්ධන වැඩසටහනෙහි (EU-SDDP) කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා වවුනියාව දිස්ත්‍රික්කය බලා ගමන් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පුදුම මේ අපේ රටද කියලයි. ඕනෑ පිට දේශක්කාරයෙකුට අපේ රටේ කටයුතු වලට ඇඟිලි ගහන්න පුළුවන් වුණාට, ඒ අයගේ රටවලට ඔය විදිහට කරන්නා දෙනවද කියලා ඒ අයගෙන්ම තමයි දැනගන්න ඕනෑ. (නි)
උතුරේ සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමය විසාල මුදලක් යොදවලා තියෙනවා පසුගිය වසර 15 ඇතුලත. ඒ වගේම 2009 යුද්දයෙන් පසුවව ලොකු මුදලක් වෙන් කෙරුවා යටිතල පහසුකම් වෙනුවෙන්. (ර)