යුරෝපා-ශ්‍රී ලංකා ජාත්‍යන්තර කරාටේ දෝ සංවිධානය මෙහෙයවන විවෘත කරාටේ තරගාවලිය මේ මස 29 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 400 කට ආසන්න පිරිසක් සහභාගිවන මෙම තරගාවලියට විදෙස් රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන්ද අයැඳුම්පත් ලැබී ඇතැයි යුරෝපා/ශ්‍රී ලංකා ජාත්‍යන්තර කරාටේ දෝ සංවිධානයේ සභාපති මනෝජ් ආරච්චිගේ මහතා පවසයි.
යුරෝපා-ශ්‍රී ලංකා ජාත්‍යන්තර කරාටේ දෝ සංවිධානයේ නිර්මාතෘ හා ප‍්‍රධාන උපදේශක රෝහණ විජේමාන්න මහතාගේ ආරාධනාවකට අනුව ලෝක එක්සත් කරාටේ පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විනිසුරු ඉතාලි ජාතික අන්තොනියො රුලෝ මහතා (කළුපටි හත්වැනි ශ්‍රේණිය) මෙම අවස්ථාවට සහභාගිවෙති.
කුමාරණතුංග මහතා, යුරෝපා/ශ්‍රී ලංකා ජාත්‍යන්තර කරාටේ දෝ සංවිධානයේ අනුශාසකවරයා ද වේ. විජය පුවත්පත් සමාගම තරගාවලියට මාධ්‍ය අනුග‍්‍රහය දක්වයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ක්‍රීඩා ඇමති සහභාගීවෙන්නේ............... ?(ස)
මටත් සහභාගි වෙන්න ඕනෑ. මටත් තියෙනවා රබර් පටියක්. (නි)