ජිනීවා හි දැන් පැවැත්වෙන මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කර ගැනීමට එරෙහිව ලන්ඩනයේ හා ජිනීවා නගරයේ උද්ඝෝෂණ දෙකක් සංවිධානය කර තිබේ. ලබන 19 වැනි සඳුදා මෙම උද්ඝෝෂණ පැවැත්වෙයි. ලන්ඩන් උද්ඝෝෂණය අග‍්‍රාමාත්‍ය නිල නිවස වන ඩවුනිං වීදියේ අංක 10 දරන ස්ථානයේදී පැවැත්වෙයි. උද්ඝෝෂණය අවසානයේ බි‍්‍රතාන්‍ය ආග‍්‍රාමාත්‍යවරයාට විශේෂ සන්දේශයක් භාරදීමට මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලාංකික එකමුතුව අපේක්ෂා කරයි. ජිනීවා උද්ඝෝෂණය ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙයි. ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ඊට එතියි සංවිධායකයෝ කියති. සඳුදා උදෑසන 11.00 සිට සවස 4.00 දක්වා මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd