ශ්‍රී ලංකාවේ මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද දායකයින්ට සිය අභිමතය පරිදි ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙමින් විධිමත්ව පැවැත්වූ බව යුරෝපා සංගමය පවසයි.
එසේම මැතිවරණ ප‍්‍රචාරණය පිළිබඳ දැඩි නීති සහිත වූ, අව්‍යාජ මනා පරිපාලනයකින් යුතු සාමකාමී මැතිවරණයක් යැයි ද මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධාන නීරීක්ෂක ක‍්‍රිස්ටියන් ප්‍රෙඩා මහතා සිය මූලික වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ මැතිවරණ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතී භාවයෙන් යුතුව මැතිවරණය පැවැත්වීමේ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධාන නීරීක්ෂක ක‍්‍රිස්ටියන් ප්‍රෙඩා මහතා ප‍්‍රශංසාව පළ කර ඇති බවද සඳහන් වේ. විශේෂයෙන්ම නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වලදී මැතිවරණ නීති දැඩිව ක‍්‍රියාත්මක කළ බවද ඔහු පෙන්වා දී ඇත.
තවද පැවති මැතිවරණය තුළදී ඡන්දය ප‍්‍රකාශ කීරීම හෝ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නෛතික බාධාවක් නොමැති වුවද කාන්තා සහභාගීත්වය අපේක්ෂකයින්ගෙන් 9%ක් ලෙස ඉතා පහළ මට්ටමක පැවති බව ද යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක්වූ බව යුරෝපා සංගමය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා නිරීක්ෂකයන්ගේ මැතිවරණය ගැන වාර්තාවක්