ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණයක් නිර්මාණය කළ දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ එම්.යොමාල් විශ්වජිත් සිරිවර්ධන රටවල් 29ක තරගකරුවන් 1000ක් අතරින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව ඇත.
තායිලන්තයේ නව නිපැයුම්කරුවන්ගේ දිනය සමරමින් පෙබරවාරි 2 වැනිදා සිට 6 වැනිදා තෙක් බැංකොක් නගරයේ පැවැති නව නිපැයුම් තරගාවලියේ දී ඔහු මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.
විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යංශයේ ශ්‍රී ලංකා නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් 2016 දී පැවැති ‘සහසක් නිපැයුම්‘ තරගාවලියට යොමාල් විශ්වජිත් මෙම ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණය ඉදිරිපත් කළ බව සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඊ.ඩී.ඩී.එදිරිසිංහ මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුවේ වුනාට ආප්ප නං කන්න එපා පුතේ (බ)
නියම කොල්ලෙක්. සුබ පැතුම් පුතේ..! ඔයා පොළොන්නරුවේ නිසා අපිට ගොඩක් ආඩම්බරයි. ඉදිරියේදී රටට සේවයක් කරන්න වාසනාව ලැබේවා! බුදුසරණයි පුතාට (නි)
ඔබට තව තවත් දිරිය ලැබේවා! (නි)
ඔබට මම සුබපතනවා පුතේ! (නි)
හදවතින්ම සුබ පැතුම්! (නි)
විශ්වයට විශ්වාසයෙන් විස්මයේ විස්කම් පෑ, විශ්වට විශ්වයේ විස්මිත සුභ පැතුම් එකතුවේවා!!! (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
ඔබගේ ඉදිරි ගමනට සුබ පැතුම් ! (නි)
ඉදිරියට යන්න වාසනාව ලැබේවා ඔබට! (නි)
සුබ පැතුම් පුතා.තව තවත් වටිනා නිපැයුම් කරන්න ඔබට ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
ඔබට සුබ පැතුම්! තවත් අලුත් නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!! (නි)
රටක් වටිනා ලක් පුතෙක්. (නි)
නුඹගේ නව තාක්ෂණයට සහ ජයග්‍රහණයට මම සුභ පතමි. (නි)
විශිෂ්ටයි. ඉදිරියටම යන්න (නි)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම්. මෙවන් දරුවන් ඉදිරියට ගන්න ක්‍රමයක් නොමැති නිසා එයින් ප්‍රයෝජනයක් ගන්න අපේ රටට වාසනාවක් නැහැ. ඔක්කොම දේශපාලනීකරණය වූ අවාසනාවන්ත රටකනේ මේ ළමයා ඉන්නේ. (නි)
බොහොම සන්තෝෂයි පුතේ. (නි)
ඕකට ඒ ළමයට පේටන්ට් දීලා රජයේ ආයතනයක් විවෘත කරන්න (නි)
සුබ පැතුම්! ඵලදායි නිපැවුමක් නම් මේවා ඇයි වෙළද පොළට ගේන්න බැරි?කොච්චර හොඳ දේවල් හැදුවත් පත්තර වල යනවා විතරයි හැමදාමත් (නි)
ලංකාවේ ඉල්ලුම තියෙන්නේ ඉන්දියාවෙන් හා චීනෙන් ගෙනෙන දේවල් වලට. (නි)
දැන් අපි බලාගෙන ඉන්නේ රජය පැත්තෙන් මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැනයි. ජනාධිපතිතුමාගේ ප්‍රදේශයේ නිසා අනිවාර්යයෙන්ම මේ ගැන එතුමා සොයා බලා රටට වැඩදායක වෙන ලෙස කටයුතු කරයි කියලයි මගේ අදහස. (නි)
මෙවැනි නව සොයාගැනීම් කරලා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබපු අය ගැන පළමුවතාවට සහ අවසාන වතාවට පුවත් පත්වල එකපාරක් පලවෙනවා. එයිට පස්සේ ඒවාට මොනවා වුනාද, ඒවා අපේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතුවෙනවද එකතු කරලද ඒවා මොකුත් දන්නේ නැහැ. මේකත් නිකන් ප්‍රවෘත්තියක් ම විතරක් වෙයිද දන්නේ නැහැ ඉස්සර ඒවා වගේම. එච්චරටම ඒවා දිරිගන්වන හොඳ නිලධාරීන් කණ්ඩායමක් අපිට ඉන්නේ. මොවුන්ට මල් තියල වඳින්ට වටිනවා. (අ)