(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති.
සුපුරුදු පරිදි මාදැල ඇදීම සිදු වුවද එලන ලද මා දැල අදින ලද අවස්ථාවේදී වෙනදා සිටි පිරිසට මා දැල ඇදීමට අසීරු වී ඇති අතර තවත් බොහෝ පිරිසකගේ සහය ඇතිව මාදැල ඇදීම සිදුකළ අතරම එහිදි පරා මාළු රංචුවක් තම මා දැලට හසුව තිබූ බව ධීවරයෝ කියති.
මාදැලෙන් හසුවූ බොහෝ පරා මාළුන් කිලෝ එකකට වැඩි බරකින් යුක්ත වූ අතරම එම මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට ආසන්න වේ.
හසු වූ පරා මාළුන් තොග මිලකට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතරම අවුරුදු අවසන් වී ධීවර කර්මාන්තය ආරම්භ වීමත් සමඟ මෙවැනි මාළු අස්වැන්නක් ලැබීම පිළිබඳව සියළුම ධීවරයින් මහත් සතුටින් සිටින බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආත්මේ ඉල්ලම... ලබන ආත්මේ පල්ලම... මෙවැනි පුවත්වලට ආකර්ශනීය මාතෘකා දාන උදවියටද මෙහි පාපයෙන් කොටසක් හිමිවනු ඇත. දුර බලන්න ළඟ නොබලන්න.
එකවර මාලු එළවලු ලොකු අස්වනු ලැබුණාම ඒවා කල්තියා ගැනීමට ශීතාගාර පහසුකම් සහ රටපුරා ජීවත්වන පාරිභෝගිකයාට බෙදාහැරීමේ පහසුකම් සලසාදීම වැනි දේවල් දියුණුකර, උතුරේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් කටයුතු කරන බවක් නොපෙනේ... ඔවුන්ට උදවු කිරීමට උනන්දු වන රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර රටවලින් මෙවැනි ව්‍යාපෘති සඳහා උදව් ඉල්ලුවොත් අනිවාර්යයෙන් උදව් ලැබෙනු ඇත. නමුත් ඔවුන්ද කරන්නේ වතුකරයේ තොන්ඩමන්ලා දශක කිහිපයක සිට කරන ආකාරයේ දේශපාලනයකි. කරුණාකර හමුදාව හෝ රජය මැදිහත් වී උතුරේ ද්‍රවිඩ ජනතාව විසින් නිෂ්පාදනය කරන කෘෂි සහ ධීවර නිෂ්පාදන අතරමැදි ග්රහණයෙන් ගලවා රටපුරා සාධාරණ මිලකට අලෙවි කිරීමට කටයුතු යොදන්න. එවිට උතුරේත්, දකුණේත් ජනතාවට විශාල සහනයක් ලැබෙන අතර හමුදාවට උතුරේ ජනතාවගේ හොඳ හිත දිනාගෙන ඔවුන්ට උපකාර කල හැකිය.
මිනිස්සුන්ට නම් සතුටුයි. ඒත් මැරුනු මාළුවන්ට මොකද වෙන්නේ?
චෙන්නායි ඉන්දියන් කාරයෝ ඇවිල්ලා සූරා ගන්න කලින් අපේ මිනිස්සුන්ට මේ මාළු අස්වැන්න ලැබීම අහන්නත් සතුටු දෙයක්... හැබැයි, දැන් ඉතින් මුදලාලිලා අපේ මාළු කන්න සුදානම් වෙයි.
අනේ වාසනාවන්....
කිලෝ 10,000 ඇත්ත වුනත් කෝටි එක හමාර පිළිගන්න බෑ. ඇයි රුපියල් 1500ට පරා මාළු කිලෝව කොළඹවත් විකිනෙන්නේ නැත. මේ මාළුවලට වැඩිම වුනොත් කිලෝවට රු400 ක් දාලා අයිතිකාරයට ලැබෙයි. කොලඹදී රුපියල් 650ට තොග අලෙවිවෙයි. පාරිභෝගිකයාට අඩුම වශයෙන් රුපියල් 750-900 ක් අතර මිලක් ගෙවන්න වෙයි.
මේකෙන් පෙන්නන්නේ රොමේෂ් මධුෂංඛගේ ගණිත දැනුමයි.
රට පුරාවටම වැඩිපුර දේවලින් හොඳ අස්වනු ලැබෙනවා. නමුත් බොහොම දේශහිතෛශී ජනතා හිතෛශී දේශපාලකයෝයි පුටු රත්කරන උදවියයි පොඩ්ඩක්වත් හිතුවද ගොවි ජනතාවගේ හෝ ධීවර ජනතාවගේ මෙම අස්වනු කල්තබා ගැනීමේ ගබඩා පහසුකම් ගැන... ප්‍රවාහන පහසුකම් ගැන... හොඳ මිලක් ඔවුනට ලබා ගන්න විදියක් ගැන... ඔක්කොන්ගේම බොරු පුරාජේරු තමයි.
මාලු කෑම නවත්තලා එළවලු, පලතුරු කාපල්ලා නිරෝගී වෙන්න ඕනෑ නම්. කෙනෙකුගේ ජීවිතය තව කෙනෙකුගේ ආහාරයක් වෙන එක ගැන සතුටුද? එකෙක් මරන් කාලා, තව එකෙක් බඩ කට පුරවාගෙන ඇති වැඩක් තියෙනවද? මේක හරිම පව් වැඩක්...
ගොවි පරිසරයක හැදුනු වැඩුණු ධිවර කර්මාන්තය ගැන කිසිම අත්දැකීමක් නොමැති මහින්ද අමරවීර ධිවර ඇමති, ඉතින් කොහොමද ලංකාවේ ධීවර කර්මාන්තය දියුණුවෙන්නේ ? ලංකාවේ ධිවරයත් පරිභෝගිකයත් යන දෙදෙනාම අමාරුවේ. ආණ්ඩුවේ අනිත් ඇමැතිකමුත් බොහොමයක් බෙදලා දීලා තිබෙන්නේ පුද්ගලයාගේ දැනුම පළපුරුද්ද ගැන සලකලා බලලා නොවේ, ඉතින් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන එක, ජිවන බර ඉහල යන එක , මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා පොහොට්ටුවට කතිරේ ගහන එක පුදුමයක් නොවේ
බෙහෙතකට මේ මාළු නෑ. කොළඹ...