(රොමේෂ් මධුෂංඛ)

යාපනය තෙලිප්පලෙයි පලෙයිවීමන්කාමන් ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක තිබී අත්බෝම්බ 40ක් අද (10) සවස හමු වූ බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

පලෙයි වීමන්කාමන් ප්‍රදේශයේ ජේ.232 ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ළිඳක් පිරිසිදු කිරීමට ගිය වැසියකුට පළමුව මෙම අත්බෝම්බ කිහිපයක් හමු වී ඇති අතර පසුව ඒ බව තෙලිප්පලෙයි පොලීසියට දැනුම් දී ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත රාජ්‍ය නොවන සංවිධානයකට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් ළිඳෙහි සිදු කරන ලද සෝදිසි කිරීම් වලින් පුද්ගල නාශක අත්බෝම්බ 40 ක් සොයා ගත් අතර එම බෝම්බ බොහෝ පැරණි ඒවා බවත් යුද සමයේදී එල්ටීටීඊ සංවිධානය විසින් දමන්නට ඇතැයි තෙලිප්පලෙයි පොලීසය සැක පළ කරයි.