(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
යාපනයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට යාපනය දක්වාත් ගමන් ගනිමින් තිබු අර්ධ සුඛෝපභෝගි බස් රථ දෙකකට අද(30) අලුයම අනුරාධපුර පංඩුලගමදි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. මෙම ගල් ප්‍රහාරය හේතුවෙන් මෙම බස් රථ දෙකේ ඉදිරිපස විදුරු වලට බරපතල හානි සිදුව තිබුණි.
ගල් ප්‍රහාරයෙන් මගින්ට අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය සදහන් කලේය.
කඩාකප්පල්කාරි පිරිසක් විසින් මෙම බස රථ දෙකට ගල්ගසන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ගල්ප්‍රහාරය එල්ල කල පුද්ගලයන් සොයා අනුරාධපුර පොලිසිය මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් වලට ගල් ගහන්නේ ඒ මාර්ගයේම ධාවනය වන අනෙක් බස් රථ වල වැඩකරන අය සහ හිමිකරුවන්.. මෙහෙම කරන්නේ දුර ගමන් බස් වලට තමන්ගේ ප්‍රදේශයෙන් මගීන් නංවා ගැනීම නතර කරන්න. මේක ලංකාවේ බොහෝ පළාත්වල වෙනවා. එ්කෙන් වෙලා තියෙන්නේ හදිසි ගමනක් වුණත් සාමාන්‍ය බස් එකකම යන්න මගීන්ට සිදු වීමයි. අවිස්සාවේල්ල, කොළඹ මේකට තවත් උදාහරණයක් 122 මාර්ගයේ කිසිම දුරගමන් සේවාවකට මගීන් ගන්න දෙන්නේ නැහැ. ගත්තොත් ගල් ගහනවා... මේ මෆියාවන් කවදා නතර කල හැකිද?
මුළු පුද්ගලික බස් සේවාවම මාෆියාවක්... මොකද දේශපාලන හෙන්චයියන්ගේ අනුග්‍රහය ලැබෙන නිසා..
මෙම මාෆියාව නැති කර ගුණාත්මක සේවයක් ලැබීමට නම්, මෙම සෑම පුද්ගලික බස් රථයකම එකම ආයතනයක් යටතේ ලියාපදිංචි කල යුතුයි. එසේ කර එම ආයතනයේ පරිපාලනය යටතේ බස් ධාවනය කල යුතුයි. එවිට තරගය නැති වෙනවා. ඒ එක්කම එම බස් රථවල රියදුරු සහ කොන්දොස්තර යන රැකියා එම ආයතනය මගින් ස්තිර රැකියා කර ඔවුන්ටත් ඊපීඑෆ්, ඊටීඑෆ් ලැබෙන පරිදි එම රැකියා ස්ථාපනය කරන්න. එවිට ඔවුන්ට තරගයක් කරන්න ඕනේ නැහැ. හැමෝටම සාමානයි හැම දෙයක්ම. බස් හිමියන්ට සමස්ත ලාභය යම්කිසි ක්‍රම වේදයක් අනුව ලබා දෙනවා. තව මට මේ ක්‍රමය විස්තර කරන්න පුළුවන්. එ්ත් ඒ හැමදේම මේකේ ලියන්න අමාරුයි. ඉතින් සරලව ඔන්න ඔය වගේ ක්‍රමයක් තුලින්, මගියාටද, බස් රථ හිමියන්ටද, බස් රථ සේවකයන්ටද යහපත සලසන්න පුළුවන්... එපමණක් නොවේ, රිය අනතුරු, අනවශ්‍ය මාර්ග තද බද, ඒ වගේම අනවශ්‍ය රණ්ඩු සරුවල්, මෙකී නොකී හුඟාක් දේ අඩු කරන්න පුළුවන්, මේ වගේ ක්‍රමයක් තුලින්...
කල යුත්තේ මෙවැනි අපරාධ කරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමයි. එසේ නොකොළොත් සිදු වන්නේ, අනාගතයේදීත් මෙවැනි දේ කරන්නට අපරාධකරුවන් බිය වන්නේ නැති වීමයි.
මෙය ජාතිවාදේ ප්‍රශ්නයක් නොවෙයි. පුද්ගලික එකක් එම නිසා ඔවුන් බේරා ගත්තා වේ.