යාපනයේ දැරියක සමූහ දූෂණයට ල්ක කළේ යැයි කියමින් සැකකරුවෙකු සම්බන්ධයෙන් නිසි නීති ක්‍රියාමාර්ග නොගත්තැයි ද, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඇත.
නගරය හර්තාලයක ස්වරූපයක් ගෙන ඇත.
අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයක් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබියදී මේ තත්වය මතු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටි මේවට වගකියන්න ඕනෑ. (නි)
වැරදිකරුට උපරිම දඬුවම් දෙන්න. (බ)
ඉන්දියාවම තමා. එහෙනේ ඔය විදියට වෙන්නේ. දිල්ලිය කියල හිතාගෙන ඉන්නයි තියෙන්නේ. ඔහේ ඕනි බම්බුවක් විග්නේශ්වරම්ලා ඉන්නවනේ එහෙ ප්‍රශ්න විසදගන්න අපිට මොකද මොකක් වුනාම. (බ)
වැරදිකරුවන්ගේ පැත්තට කතා කරන නඩුකාරයන්ටත් දඩුවම් දෙන්නයි වටින්නේ. (බ)
අපිට මොකෝ. ඕන දවසක ඇරගනියි. (ර)
නගරවැසියන්ගේ කෝපය සාධාරණය. (නි)
ඒ තිරිසන් අපරාධයට මුහුණ දී අනේකවිධ දුක්විඳ මරණයට පත්වුණ ඒ අහිංසක පාසල් දැරියට සාධාරණය ඉටුකරන්න. ඔවුන් සියල්ල ආයුධ පෙන්වීමට රැගෙන යන්න.නීතියෙන් කවදාවත් ඒ සාධාරණත්වය ඉටුවෙන්නේ නැහැ.ඒ අහිංසක දැරියට අත් වූ ඉරණම තවත් කිසිම දැරියකට අත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් ඇයට නිවන් සුව පතනවා! (නි)
නීතිය සෑමවිටම සාධාරණව, කඩිනමින් ක්‍රියාත්මක වීම (රටේ සැමතැනම) අවශ්‍යයි. (නි)
කරුණාකර මේ කාරණාව බලධාරීන් සුළුවෙන් තකන්න එපා. නව දෙනෙක් විසින් දුෂණය කරන ලද දැරියව එක් නරුමයෙක් වීඩියෝගත කර තිබෙනවා කියලා වාර්තාවක දැක්කා. අපරාධකරුවන්ට කල් නොයවා නඩු අසා දඬුවම් නොදුන්නොත් මේකත් වෙනකාගේ හරි පැත්තට බැරවේවි. අසරණ දැරියගේ පවුලට මගේ සාතිශය කණගාටුව ! (නි)
පුදුම දුකක් හිතට එන්නේ. තවම බැරිවුණානේ අපේ රටේ ස්ත්‍රී දුෂක තිරිසනුන්ට ගැළපෙන හරි හමත් දඬුවමක් නීතිගත කරගන්න. දැන් මේ නඩුව අහලා ඉවර වෙනකොට ඒ ළමයාට අවුරුදු 25ක් විතර වේවි. (නි)
මම හිතුවේ යාපනයේ ජනතාව මීට වඩා බුද්ධිමත් කියලා. (නි)
දැරිය මරා දමා ඇති බව සඳහන් නොවේ. කෙසේවුවද වැරදිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
විරෝධය සාධාරණයි (නි)
ඇයි ඒ දැරියට සාධාරණයක් නොකරන්නේ? (නි)
සැමට එක සමාන වියයුතු නීතිය අදාළ නිලධාරීන් විසින් සාධාරණ විදියට ක්‍රියාත්මක නොකරනවා නම්, ඒ දැරියට සහ දෙමවුපියන්ට සාධාරණයක් සිදුවෙනතුරු සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙනතෙක් එම විරෝධය පවත්වාගෙන යා යුතුයි. නිහඬව සිටියොත් මෙයට වඩා මහා පරිමාණයෙන් දැරියන් සහ කාන්තාවන් කාමාතුර දේශපාලකයින්ගේ කාරුණික අනුග්‍රහය සහ සහභාගිත්වය ඇතුව ගෝලබාලයන් සමඟ සමුහ දුෂණ වලට ලක්වේවි. මෙය බොහොම භයානක තත්වයක්. මෙවැනි දේවල් වහාම නවතා දැමීමට පියවර ගතයුතුයි. ඔවුන්ට සාධාරණයක් ඉටුනොවී, ඔවුන් මේ සම්බන්ධව ජාත්‍යන්තරයේ පිහිට පැතුවත් අපි පුදුම විය යුතු නැහැ. ලෝකයේ දෙවන නව දිල්ලියක් ලංකාවේ ස්ථාපිත කළයුතු නැහැ. (නි)
මේවාට නිසි දඬුවම් දියයුතුමයි (නි)
අහිංසක දැරියව දුෂණය කර මරා දැමු මිනීමරු දූෂකයන්ට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාවට ඒ අයව ලබාදෙන්න. ඔවුන්ට එවිට ඒ දරුවා විඳි දුක කොහොමද කියලා බලාගන්න නිසි දඬුවම් ලබාදෙයි. (නි)
පාතාලය හා සමාජ විරෝධී කෘෘරතරයින් විනාශ කිරීමට පසුගිය කාලයේ යොදාගත් ක්‍රමවේදය නීතියට පටහැනිවූවත් ඉන් පාතාලය මර්දනය වූ අතර සමහර පාතාලයින් දිවිපතා හොර රහසේ දිවයිනෙන් පිටවගොස් සැඟවී ජීවත්විය. දැන් ඔවුන් එකා දෙන්නා යළිත් පැමිණීමට පටන්ගෙන ඇත. මට සිතෙන ලෙසට අපරාධකරුවන් කිසිවෙක් යළිත් ආයුධ පෙන්වීමට රැගෙන යන්නේ නැත. (නි)
අපි බලමු සාධාරණය කෙලෙස ඉටුවේවිද කියලා (නි)