(රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් අඟහරුවාදා (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පළා යාම හේතුවෙන් යාපනය ජනතාව තුළ නැවතත් බියක් හට ගෙන ඇත.
මෙසේ ආයුධ ගත් පිරිස අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවටත් ආයුධ ගත් පිරිස් වලට මේ වන විට දේශපාලන ශක්තියක්ද ලැබී ඇත.
මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්‍රදේශයේ අද (15) විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්‍රී රෝද රථ රියදුරෙකු යතුරු පැදි 5 කින් පැමිණි පිරිස මෙලෙස කපා කොටා තිබේ.
එසේම මෙම යතුරු පැදි කල්ලිය යන අතරමගදී නැවත යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුලසිංහම් කුලප්‍රදීපන් නැමත්තෙකුද කපාගෙන ගොස් ඇත.
කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ධනබාලසිංහම් එක්මන්රාජ් හා ජේසුදාසන් ජෙගන්දන් නැමැති දෙදෙනා ද කොණ්ඩාවිල් බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි වෙළඳසැලක් අසල සිටි සේලවරාසා මණ්මාරන් නැත්තෙකුද තියුණු ආයුධ වලින් කපා කොටා පළා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි.
මෙලෙස ආයුධ ගත් පිරිසක් විසින් ස්ථාන කිහිපයකදී පුද්ගලයින් කපා දැමුවද මේ දක්වා කිසිවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීම නොහැකි වී ඇත.
ගත වූ දින දෙක ඇතුළත පුද්ගලයින් 12 දෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි උතුරෙන් හමුදාව විතරක් නෙවේ පොලිසියත් අයින් කරමු!!
ගොඩක් හොඳයි... ජයවේවා යහපාලනය...!!!
ඇයි මේකට ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ? නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපනකම් තියාගෙන ආපහු දුක් විදින්නද හදන්නේ??
දැන් නම් උතුරේ ජනතාව ගහපු කතිරේ ගැන පසු තැවෙනවා ඇති. මේ නැවතත් යන්නේ 2009 ට කලින් තිබුණු තත්වයටම නේද ? මෙහෙම තමයි ප්රභාකරන් පටන් ගත්තෙත්.
සහජීවනය ඇති කළාට ස්තූතියි....
මහින්දගේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ හෙන්චයියෝ ටිකක් දඟලන්නේ. මිනිසුන්ව බයකරලා ඡන්දෙ දිනන්නයි බලන්නේ...
රටේ යහපාලනය නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්.
නැහැ ඉන්දික, අපේ කෙනෙකුට කරදර කලේ නැතිනම් ඒ අය ඕනේ මගුලක් කර ගත්තාවේ කියා අැස් පියාගෙන ඉම්මු. ඒ අය මරාගන්න විට කියාවි හමුදාවත් ඕනේ... පොලිසියත් ඕනේ කියලා..
කපන්නේ උතුරේ විතරද? දකුණේ මරනවා
උතුරේ රජයේ පොලිසි උසාවි නීති නැද්ද? මෙවැනි දේ වෙද්දී වග කියන පාලන රජයක් නිදිද? බයද? නැත්නම් ඇයි විසඳිය නොහැක්කේ , රටේ අනිකුත් ප්‍රදේශ වල මෙන් විමර්ශන කොට පරීක්ෂණ පවත්වා චුදිත අපරාධකාරී මිනීමරු මැරයන්ට දැඩි දඬුවම් නොදෙන්නේ. මෙසේ ඉඩ හැරියොත් , මීට වඩා භයානක තත්ත්ව මුහුණ දීමට ඉදිරියේ ඇති අවිවාදයෙන් කිව හැක. රටේ අන් පලාතක හෝ ප්‍රදේශයක වුවා නම් මීට හත් පසින්ම වෙනස්ය , ඉක්මන් ක්රියාමාර්ගවේ. මෙයට විදේශ හෝ වෙනත් බලපෑම් ඇත්ද?
වැඩිකල් නොගොස් හෙල්මට් දාගෙන යාම තහනම් කරාවි !!!
එහෙම කියන්න එපා.. මේ රටවල මිනිසුන්ද හෙල්මට් පළඳියි. ඒ වගේම සම්පූර්ණයෙන් මුහුණු වැසෙන හෙල්මට් පළඳින්නේ අඩු ප්‍රමාණයක්. අපේ රටේ වී ඇත්තේ හැම දෙයකින්ම යුතු ප්‍රයෝජන ගැනීමයි. 80වේ මුල් කාලයේ මමද ට්‍රේල් පැදි භාවිතා කලා සේම සම්පූර්ණ මුහුණු ආවරණ හෙල්මට් පැළඳුවෙමි. නමුත් එකල මෙවැනි භයංකාර ප්‍රශ්න නොතිබුණි. දුකට කරුණකි. දැන් තරුණයන් හට ආසාවට දෙයක් කිරීමට ඇති අවහිරතා, නවීන සමාජයේ සිටින සමහර අසහනකාරී මානසිකතත්ත්ව ඇති අය නිසා සාමාන්‍ය හොඳ අයටත් බලපායි. දැන් රටේ සමහර තරුණ ගති වෙනස්, අපේ තරුණ කාලේ අපි විඳපු සතුට සැනසුම දැන් නැතිවී ගොස්. ඒ කාලවල මත් පෙති වර්ග, කුඩු වර්ග නොතිබුණි. තිබුනේ මද්‍යසාර සහ නරකකට තිබුනේ ගංජා පමණයි. දැන් රට වැනසී ඇත. අහෝ දුකකි.
ඒකත් මහින්දට බැර කරන කැපුවත් කොළ පාට සහ නිල් රතු යු ඇන් පී බූරුවනේ. උඹලාගේ දරුවන් ටත් වඩා ලොකු කරගෙන ඉන්න ඔය නායකයෝ තමන්ගේ එවුන් ගේ බඩ වියත රකින්න හාල් මෝල් වස්සවලා වී වගාව වතුර නොදී වනසපු එවුන්, රට විකුණන් කාපු එවුන් සහ නිධන් හෑරිල්ල රටට පුරුදු කල එවුන් මිස මොනවද කලේ රටපුරා වෙළඳ ව්‍යාපාර වැහෙනවා පේන්නැද්ද?
සිදුවන හැම සිදුවිමකින්ම දේශපාලන වාසි ලබා ගන්න දගලන දේශපාලනකයින් මොන තරම් පහත් ද.