යාපනයේ දී සමූහ දූෂණයට ලක්ව ඝාතනය කැරුණු සිසුවියට අත්වූ ඉරණම මින් මතු කිසිම දියණියකට අත් නොවේවායි ප්‍රාර්ථනා කරමින් ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා එක්සත් ලක් වනිතා පෙරමුණ එක්ව සංවිධානය කළ විරෝධතාවක් අද නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ළමා කටයුතු ඇමැතිනි රෝසි සේනානායක මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් ඊට එක් වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉටිපන්දම් පත්තුකරන එක දැන් අලුත්ම ප්‍රවණතාවය වෙලා. මේවා හොඳ මානුෂික වැඩපිළිවෙලවල් වගේ බැලූ බැල්මට පෙනෙන්න තිබුනත් මේවායේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා සැළකිලිමත් විය යුතුයි. නැත්නම් උතුරේ දෙමළ ගැහැණු ළමයි දුෂණයට ලක්වෙනවා කියන ප්‍රචාරයට මේ විරෝධතාවයලුත් අමුණලා ලෝකය පුරා ප්‍රචාරය දෙයි. මේකේ වීඩියෝ ක්ලිප් කැලම් මැක්රේත් පාවිච්චි කරයි. (නි)
සුද්දෝ මේකට හිනාවෙන්නේ මොකද? එයාලා මොකටද අපේ ඒවාට රිංගන්න එන්නේ? (නි)
අනේ පවු ඒ අහිංසකී! (නි)
යහපාලනය තුළ දඬුවම් කළහැක්කේ මුල්‍ය වංචා, ව්‍යාජ ගමන් බලපත්‍ර ආදිය සඳහා පමණද යන ප්‍රශ්නය මට පැනනැඟී ඇත (නි)
මෙවැනි දේවල් යාපනයේ සිදුවෙනවා නම් එය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. (නි)
කරන්න තියෙන්නේ නීතිය තුළ තිබෙන නිවටකම ඉවත් කර මෙවැනි අපරාධවලට තදබල දඬුවම් දෙන්න පුළුවන් විදිහට නීති පද්ධතිය ශක්තිමත් කරන එකයි.ඊළඟට අර පැනලා යන්න හදපු කෙනාට නීතියෙන් ගැලවී යන්න උදව් කරන අයට ඉඩනොදී නීතිය හරියට ක්‍රියාත්මක වෙනවාද කියා සෙවිල්ලෙන් සිටිය යුතුයි. ඇප දුන්නාට පස්සේ පැනල ගියා කියලා කියන්න ඉඩ නොතැබිය යුතුයි. (නි)
මේ ආණ්ඩුව පොලිසිය මත වරද පටවා තම ජාම බේරාගෙන (බ)
අපරාධ අඩුවෙන්න නම් අපරාධකරුවන්ට මරණ දඩුවම අවශ්‍යයි . නැත්නම් දිනෙන් දිනම මීට වඩා දේවල් වෙනවා. (බ)
දැරිය මැරුවාට යහ පාලනයෙන් එල්ලුම්ගහ උගුල්ලල දැම්මද? එහෙම නැත්නම් ක්‍රියාත්මක කරනවද? (බ)
අනුර, මේ දේවල් වෙන්නේ උතුරේ විතරද ? දකුණේ මේ වගේ දේවල් උනේ නැද්ද ? වෙනස දකුණේ හමුදාව දාලා වෙඩි තියල විරෝධ කරලා මිනිස්සු මැරුවා. කාටවත් කඩේ යන්න එපා. (නදී)
අනේ මේ ඔය පහන් පත්තු කර කර නිකන් ලෝකේ රවටන්න එපා . ඕව කරන අයට පහන් පේන්නේත් නැහැ. පව් පින් අදුරන්නෙත් නැහැ. ඕකට කරන්න ඕන එකම දෙය කාන්තා සහ ළමා දුෂකයන්ට උපරිම දඩුවම් දෙන නීති අලුතෙන් හදුන්වා දෙන එක. ඔය කාන්තාවන්ට තියෙන්නේ නව නීති හදුන්වා දෙන්න කියල බලකරන්න. (නදී)
මේ දින කීපයේ මම නම් නිදන්නේත්, අවදිවෙන්නෙත් මේ දියණිය ගැන ඇති වුනු බලවත් කම්පනයකින්. මින් මතුවට මෙවන් ම්ලේච්ච සිදුවීමක් නම් අපේ ලක් බිමේ සිදු නොවන්නට සියලු බලධරයින් වග විය යුතුයි. (නදී)
පත්තු කළ ඉටිපන්දම් ඉවර වෙනකම හිටියද දන්නේ නැහැ ..ටෙලි නාට්‍ය බලන්න හදිස්සියේ ....(ම)
ජනාධිපතිතුමනි, විධායක බලය අර්ථ ගැන්වීමට හොඳ අවස්ථාවක් මරණ දඬුවම නැවත ස්ථාපිත කළ හැකිනම්! (නි)
මෙය සියලුම සිටි නොසිටි පක්ෂ විපක්ෂ දේශපාලුවන්ටයි. මේවන් වැරදි නොවෙන්න ශක්තිමත් නීති පද්ධතියක් ගොඩ නොනැගීම වෙනුවෙන් ලැජ්ජා වෙන්න. දැන් ඉන්න අයටත් ඉදිරියට එන්න ඉන්න අයත් බොරු සෝබන වැඩ නොකර දැඩි දඩුවම් සහිත ශක්තිමත් නීති පද්ධතියක් ඇති කිරීමට පෙරොන්දු වී එය ඉටු කරන්න. මින් ඉදිරියටවත් බොරු සෝබන හා ගොන් පාර්ට් නොදමා නීති රීති සම්පාදනය කරන්න වග බලාගන්න (නදී)
මේ වගේ අපරාධ කරන අයට එල්ලුම් ගහත් හොඳ වැඩියි (නි)
කහවත්තේ මිනීමැරුම් කියක් වුණාද? දකුණේ අහිංසක දූවරුන් කී දෙනෙක් දුෂණය කළාද? එහෙත් විරෝධතා රැලි තිබුණේ නැහැනෙ. මොකද්ද මේ වෙනස? (නි)
මේ දැරියගේ මරණය කණගාටුවට කරුණක් තමයි. නමුත් දකුණේත් මේ වගේ දේවල් කොතෙකුත් වුණාද? කවුරුත් ඒ මරණ වෙනුවෙන් දුක පළකළේ නැහැ. මේකද වෙනස? (නි)
ලංකාවේ අනිත් පළාත්ජවල කාන්තාවන් සහ ළමයින්ට අපරාධ වනවිට මේ කට්ටිය කොහෙද හිටියේ? (නි)
බොර දියේ මාලු බානවට වඩා රෝග විනිශ්චය සොයා ඊට දීර්ඝකාලින පිළියම් යොදනවා නම් හොඳයි.මක්නිසාද යත් 1977 විවෘත ක්‍රමයෙන් උඩුයටිකුරු වී සෝදාපාලු වී ගිය සාරධර්ම එක එල්ලේම ස්ථාපිත කළනොහැක (නි)
මේ දැරිය දුෂණය කල එක ශිෂ්ට සමාජයක් පිළිකුලෙන් බැහැර කරන්න ඕන වගේම කොටකෙතන කාන්තාවන් එක දිගට දුෂණය කරලා මරා දානකොට නිදාගන හිටි මේ ගොයියන්ගේ වැඩත් පිළිකුලෙන් බැහැර කරන්න ඕනා. මොකද උතුරේ මේ වෙනකොට විරෝදතා කරන්නත් දකුණේ වෙනකොට කට පියාගෙන ඉන්නත් තියෙන උවමනාව මොකක්ද ? (නදී)
මේ වගේ සිද්දීන් අපමණ උනා පසුගිය වකවානුවේ. නමුත් පාලකයෝ නිදි දඩුවන් නොදී. නිසි දඩුවන් දුන්නා නම් අද මේ සිද්දීන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ සල්ලාලයන්ට උපරිම දඩුවන් දෙන්න ඕනා (නදී)
උතුරේ ආරක්ෂාවට හිටපු හමුදාව පොලිසිය එපා කියල මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දමපු අයට මේ පාප කර්මයෙන් වැඩි කොටසක් හිමිවෙනවා.(නදී)
අර කොටකෙතනේ කාන්තාවන් ටිකත් මතක් කලානම් හොඳයි.(නදී)
මේ ගැහැණු ළමයා ගැන කණගාටුයි. ඒ වුණාට ඔය සමහරු නම් වෙන සෙල්ලමකටයි ලැහැස්ති වෙන්නේ. එය තේරුම්ගත යුතුය. (නි)
අර දේශපාලකයෙකුගේ පුතෙකුගේ ගැහැණු ළමෙයක් සම්බන්ධ ප්‍රශ්නයටත් ඔයවගේ විරෝධතා කරන්න බැරි ඇයි දන්නේ නැහැ (නි)
ඔක්කොම ගිහිල්ලා ඉටි පන්දම් පත්තු කලාම හරිද? ඉටි පන්දම් පත්තු කරන්නද අධිකරණ ඇමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති, ළමා කටයුතු ඇමැතිනි ඉන්නේ. (නදී)
ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ලබාදෙන්න (නි)
එතකොට රාජිත ඇමතිතුමා සහ ඔහුගේ පවුල දෙමව්පියන්ගේ විරෝදය නොතකා තියාගෙන ඉන්න ගෑනු දරුවාගේ නිදහස සහ දරුවාගේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ? (නදී)
උතුරේ මිනිස්සුන්ගේ හිත් දිනන්න මේ වගේ දේවල් කරන්න ඕනේ තමයි. එ්ත් දකුණේ ඉන්නෙත් මිනිස්සු කියල හිතන්න ඕනේ. දකුණේ ස්ත්‍රී දුෂණ කොච්චර වෙනවද? ඒවාට සදාරණය ඉල්ලලා පහන් පත්තු කරන්න බැරි ඇයි ? දේශපාලකයින්ට මොකද ස්ත්‍රී දුෂකයොත් තමන්ගේම අය නිසා. (නදී)
විද්‍යාට මින් ශාන්තිය ලැබේද ? (නදී)
යාපනයේ අය දැන් හිතන් ඉන්නේ යාපනය කියන්නේ තමිල්නාඩුවේ කොටසක් කියලා.. ඉතින් එහේ වෙන දේවල් දැන් මෙයාලා මෙහෙත් කරන්න හදන්නේ. ලංකාදීපයේ නවතම පුවතකින් කියනවා සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ගිය පොලිසියට ගම්වැසියන් විරෝධය දක්වලා. තව කෙනෙක් පොරවකින් ගහන්න ගිය සිදුවීමක්. මෙවැනි දේවල් අනාගත සිදුවීම් වල පෙරනිමිති. (නදී)
මේ අයට දැන් ඇහැ ඇරිලා. දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරයට එම හර්තාලය හරහා ගෙනගොස් ඇති සාවද්‍ය මතය වෙනස් කරන්න ඕවායින් බැරිවේවි.(නදී)
යහා පාලනේ ඉටිපන්දම් පත්තුකර ප්‍රශ්නය විසඳනවානේ. එ්කයි මෛත්‍රිය (නදී)
පීරිස්,කෝ සුද්දෝ?? ලංකාවේ අය පෙනෙන්නෙත් සුද්දෝ වගේද? (නි)
ලංකා, ඔයාගේ අනුවණකම පෙන්වන්න එපා. ආණ්ඩුවට නීතිය අතට ගන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කළයුත්තේ පොලීසියයි. නීතිය ක්‍රියාත්මක නොවීමේ වරද පොලිසිය බාරගත යුතුයි. දේශපාලන ඇඟිලි ගැසීම් වලට ඉඩනොදිය යුතුයි. කලින් ආණ්ඩුව පවතිනකොට තමයි දේශපාලකයෝ පොලිසියේ වැඩකළේ. දැන් එහෙම වෙන්නේ නැති එකත් ඔයාලට වරදක් වගේද පෙනෙන්නේ? අර මෛත්‍රිපාල සිරිසේන මහතා කියපු වහලුන්ගේ කතාව ඔයාලට කොච්චර හොඳට ගැළපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න (නි)
සමහර මැති ඇමතිවරුන්ට අවශ්‍ය තනතුරේ සැපසම්පත් විඳින්න මිස රටට සේවයක් කරන්න නොවේ. (නි)
මෙයාලට දකුණේ කාන්තාවන් ගැන කැක්කුමක් නැද්ද? (නි)
අනේ සිංහල අය වෙනුවෙනුත් මෙහෙම කරනවානම් කොච්චර ලොකු දෙයක්ද (ම)
අනුර,එතකොට පහුගිය කාලේ තංගල්ලේදී මෙවැනි දේවල් වෙනකොට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුනේ නැද්ද? ඒ කාලෙන් පස්සෙද ඔයා ඉපදුනේ? (නි)
අපරාධයට තැන නොතැන ජාතිය වර්ගය කුලය බලපාන්නේ නැහැ. එහෙත් ආගමකට යම්තරමින් මිනිසුන්ව ශීලාචාර කරන්න පුළුවන්. නමුත් ජඩ දේශපාලනය රටේ ප්‍රධානම ජීවන දර්ශනය වූ බුද්ධාගමත් අභිබවා බලවත්වීමේ ප්‍රතිපලයක් තමා මේ සියලුම අපරාධ වලට මුලික හේතුව. අවාසනාවකට වගේ දකුණු ආසියානු කලාපයේම ඉන්න මිනිසුන් බොහෝ දෙනෙක් අපරාධ වලට සංවේදී වෙලා තියෙන්නේ මනෝමුලික හා භාවාත්මක හේතු මතයි. මිනිසුන් එල්ලුම් ගස් යවලා අපරාධ නවත්වන්න පුළුවන් නම්, අපරාධවලට මිනිසුන් පොළඹවන හේතුන් නිර්මාණය කරන සමාජවිරෝධී දේශපාලුවන්ව තමයි මුලින්ම එල්ලන්න ඕනෑ. (නි)
දැන් ඕවා කළා කියලා වැඩක් තියෙනවද? (නි)
කටුනායක රතුපස්වල වැනි තැන්වල සිදුවූ මිනීමැරුම් වලදී දේශපාලන වාසි තකා ජවිපෙ සහ එජාප දෙකම පාරට බැස්සා. ඒවා එක්තරා ආකාරයක දේශපාලනික ප්‍රශ්න කියලා ටිකකට අමතක කරමුකෝ. නමුත් පෞද්ගලික වෛරයක ප්‍රතිපලයක් වශයෙන් සිදුඋනායයි කියන මෙම දැරිවියගේ මරණය රජයේ පිරිස් විසින් මෙතරම් සැළකිල්ලෙන් කටයුතු කරන්නේ කුමන කාරණයක් නිසාදැයි නොතේරේ. දකුණේ සිදුවූ කිසිම සාපරාධි මිනීමැරුමක් සම්බන්ධයෙන් පොලිසිය කොයි ආකාරයෙන් ක්‍රියා කලත් පොලිස්පති හෝ අගවිනිසුරු අදාළ මරණ සිදුවූ පළාත් වලට ගිය බවක් දකින්නට තිබුනේ නැහැ. අපට නො පෙන්වන යමක් මෙහි තිබෙනවාද.? ජවිපෙ මේ ගැන කිසිවක් නොදන්නේ මන්ද.? (ස)
ලංකාවේ අනිත් පළාත්වල කාන්තාවන් සහ ළමයින්ට අපරාධ වනවිට මේ කට්ටිය කොහෙද හිටියේ? (නදී)
මේවා ඵලක් වේද? (නි)