විද්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාව උතුරේදී සමූහ දූෂණයට ලක්කර මරා දැමූ සාහසිකයන්ට කඩිනමින් දඬුවම් පමුණුවන ලෙස හා රටේ ස්ත්‍රී දූෂණ හා හිංසන වැළැක්වීමට කටයුතු කරන ලෙස වගකිවයුතු අංශවලට බලකරමින් අද සවස කාන්තා හා ස්වේච්ඡා සංවිධාන එකමුතුවෙන් බොරැල්ල කනත්ත වටරවුම අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් හිතෙන්නේ මේක සංවිධානාත්මක වැඩ පිළිවෙලක් කියල. උතුරේ ඉන්න කාන්තාව අනාරක්ෂිතයි කියන පණිවිඩය දකුණේ අප හරහාම ලෝකය වෙත ගෙනයාම මේ හරහා සිදුකර ගැනීමයි මේ කරන්න හදන්නේ. මේවගේ සංවිධානාත්මක වැඩ ඕනේ තරම් පහුගිය කාලේ වුණා කියලයි මගේ හැගීම. (බ)
ගොඩක් දෙනා එකතුවෙලා ඉන්නේ විද්‍යා දැරියට අනුකම්පාවෙන් නොවේ. බොරදියේ මාලු ඇල්ලීමයි. (නි)
ජාති බේද බලා තේරුමක් නෑ.අපේ රටේ කාන්තාවන්ට පාරක බැහැල තනියම යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.මේ වගේ දරුණු අපරාධ කරන උන්ට නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් මේ වගේ අපරාධ දිගින් දිගටම සිදු වෙයි.විද්‍යාට නිවන් සුව පතමි. (ම)
ද්‍රවිඩ සිංහල කියලා මිනිසුන් වෙන්කිරීම වැරදියි. මිනිසුන්ගේ තියෙන්නේ එක ජාතියයි. ඒක තමයි මනුෂ්‍ය ජාතිය. (නි)
මේ ගැහැණු ළමයාගේ සිද්ධියට අපිටත් හරි කනගාටුයි.ඒ වුනාට මේ යන විදිය දෙස බැලු විට පෙනෙන්නේ යම් කිසි සැලසුමකට අර අඳින බවයි. ඇයි මේ රටේ අනෙකුත් කාන්තාවන්ට මේ වගේ වූ විට අන්ධයෝ ලෙස හැසිරෙන්නේ.මේ කාන්තා සංවිධාන කියල ඉන්න පිරිමි ටික දිහා බැලුවත් යමක් හිතාගන්න පුළුවන් එදා සාගරිකා ගෝමස් ඝාතනය ගැන මෙයාල යට ගැහුවා නේද? (බ)
මේ අමුනුෂ්‍ය අපරාධකරුවන්ට ඉහළම දඬුවම් ලබාදිය යුතුයි. නමුත් මේ හා සමානම අපරාධ මෙයට පෙර සිදුවෙද්දී මේ රටේ මේ මානුෂිය සංවිධාන මේතරම් හඬනැඟුවේ නැහැනේ. මේ අපරාධකරුවන් වෙනුවෙන් උතුරේ නැත්නම් දකුණෙන් හරි නීති විශාරදයන් ඉදිරිපත්වීමට ඇති බැවින් හැකිනම් එය වැළැක්වීමට උත්සාහ කරන්න. (නි)
යහපාලනයට උතුරු ජනතාව ලේසියෙන් අමතක කරන්න බෑ.මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ඒ අයට ලැබෙන්න ඕනා.දකුණේ බයියන්ව ටොයියන්ට පේන්නේ නෑ. (ම)
ජාතිවාදී ලෙස අදහස් ලියන අය දැනගන්න අවශ්‍යයි පහුගිය රජය කාලේට වඩා අලුත් රජය මිනිසුන්ට නිවැරදිව සිතීමට අවශ්‍ය පරිසරය හදා දීලා තියෙන බව (නි)
මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනාම එල්ලුම් ගහට යැවිය යුතුයි (බ)
අර කොටකෙතනේ ඝාතනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙනුත් මෙයාලා මෙහෙම උද්ඝෝෂණ කළාද? සමහර ඒවායේ අපරාධකරුවෝ තාමත් සොයාගෙන නැහැ. (නි)
ලකුණු දා ගන්න පාරට බැහැල පව්! (බ)
සූ ගාලා ඊයේ 60ක් විතර හිටියේ. ඇති වැඩක් නෑ. පාර බ්ලොක් වුණා විතරයි. මේ සතියටම ඇහුවා ස්ත්‍රී දුෂණ 4ක් විතර.. කෝ මුන් ඒවාට මෙහෙම කථා කරනවා, එන්ජීඕ සහ පල්ලියේ සල්ලි (බ)
ඔන්න ඕක තමයි සිංහලයාගේ සැබෑ දැක්ම කට්ටිය නැගිට්ටේ උතුරේ ය මේකට විරුද්ධව නැගීසිටිය හින්දනේ, අපි ඉවසීම පුරුදු කරපු ජාතියක්නේ මැරුවත් බැන්නත් ගැහුවත් කිසි ගානක් නෑ තමුන්ට නෙවෙයි වගේ ඉන්නේ, උදේ ඉදන් රෑ වෙනකල් බන කියනවා අපේ ආගමේත් වැරැද්ද, බටහිහිරයෝ හැම දෙකටම නීතිය එකයි වෙනස, අපේ නියම ජාතික චින්තනය දැක්කේ පහුගිය අවුරුදු 10 දි (බ)
කොටකෙතන ඝාතන කළ අය වාස් ගුණවර්ධන මහත්මයාගේ කාලයේ ඇල්ලුවා මතක නැද්ද? (නි)
මෙම සංවිධාන මීට කලින් තිබුනානම් ඇයි කලින් මේවට විරුද්ධ වුනේ නැත්තේ . මේවගේ දෙයක් වුනේ අද ඊයේ නෙමෙයි නේ. (බ)
මෙතන තියෙන්නේ උතුරේ කාන්තාව අනාරක්ෂිතයි කියන පණිවිඩය ජාත්‍යන්තරගත කිරීමේ තැතක් වගෙයි (නි)
මෙහෙම සිද්ධියක් අපේ සිංහල ගැහැණු ළමයෙකුට වුණොත් දෙමළ ප්‍රජාව මෙහෙම පෝස්ටර් අරගෙන පාරට බහිවිද? (නි)
නියපොත්තෙන් කඩන දේ පොරවට කරන්න ඉඩ දීමේ විපාකය (බ)
මන් බැලුව මේ කට්ටිය මොකෝ පරක්කු කියලා.. නිවාඩු දින කිහිපයක් නිසාදෝ ඩොලර් එන්න පරක්කු නිසාදෝ.(නදී)
එක අතකින් මෙහමවත් ස්ත්‍රී දුෂණ වලට පාරට බැහැපු එක හොඳයි. ප්‍රශ්නය සිංහල කාන්තාවන් මේ වනතුරු දුෂණය වුණා සහ දැනටත් වෙනවා. ඒ වෙනුවෙන් කිසිකෙනෙක් එක පහනක් පත්තු කළෙත් නැහැ උද්ඝෝෂණ කළෙත් නැහැ. මතකද අර සරසවි සිසුවිය? තමාගේ ගෙදර නිදාගෙන සිටියදි මරලා දුෂණය කරලා තිබුනා. කවුද පාරට බැස්සේ? අඩුගානේ ඇගේ සරසවියේ සිසුන්වත් බැස්සද පාරට? මොකද්ද මේ සිංහල අයගෙයි දෙමළ අයගෙයි තියන වෙනස? (නි)
කාන්තා දූෂණ වලට පොදුවේ ඇයි මෙහෙම පාරට බහින්න බැරි? (නි)
ඇත්තටම මොකක්ද මේ සැබෑ වෙනස? (නි)