යාපනය දිස්ත්‍රික්කය තුළ කිසිදු ආකාරයක උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
උතුරේ සංවිධාන තුනකට එරෙහිව එම උද්ඝෝෂණ වැලැක්වීමේ නියෝගය නිකුත් කර ඇත.
දෙමළ ජාතික සංධානයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී ටී. කුමාර වේලු සභාපතිත්වය දරණ ජනතා බලය සංවිධානය, යාපනයේ කාන්තා බලය හා උතරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් මුලිකත්වය දරණ සංවිධාන එම සංවිධාන තුනයි.
පුංගුඩුතිව් හි පාසල් සිසුවිය සමූහ දූෂණය කර ඝාතනයෙන් පසු එයට එරෙහිව යාපනය පුරා මෙන්ම නැගෙනහිර පළාත තුළද විරෝධතා, හර්තාල් ආදිය පැවැති අතර මේ වන විට යාපනයේ තත්ත්වය යහපත් බවට හැරී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ටොපිය සූප්පු කරන කට්ටියට පේන්නේ නැති විශාල විනාසයක් මේ රටට වෙනවා.(නදී)
මේක මතක තියාගන්න. මේ ආරම්බයක ආරම්බයක් පමණයි . අපරාධකාරයෝ අල්ලලා නිතිය ඉදිරියට ගෙනා පසු පොලිසියට, මහජන දේපොළට හා උසාවියට පහරදුන්නේ කවුද ? මහජනතාවද ? මහජනතාවට එවැනි බලයක් ආරෝපණය කලේ කවුද ? මේ පිටිපස සිටින්නේ කවුද ? මේවා තව ඉදිරියට ගෙනයන්න තමා උතුරේ හමුදා අයින් කරන්න කියන්නේ. උතුරේ හමුදාව ස්ථාන ගත වෙලා ඉන්න කොට මෙවැනි උදවියට සංවිධාන වෙන්න බැහැ, අමාරුයි. මම එදත් කිව්වා අදත් කියනවා උතුරට එපා නම් නැගෙනහිරට එපා නම් පුළුවන් තරම් හමුදාව හෝ පොලිසිය බස්නාහිරට ස්ථානගත කරන්න. (නදී) ,
නදී ඔබ නොයෙක් ටොපි සූප්පු කලාට යහපාලනයේ හොඳ පැත්ත පෙනෙන්නෙම නැහැ නේද? යහපාලනයේ හොඳ ඔබලාට නොපෙනෙන්නේ ඔයාලගේ සූප්පුවේ වරද. (ස)
තත්ත්වය සාමකාමී නම් එච්චරයි (නි)
සමූහ දූෂණය කර මරාදැමීම ඉතාමත් නින්දිත ක්‍රියාවක්.වරදකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මරාදැමිය යුතු වේ. එළාර රජතුමාගේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය අනුගමනය කරන්න.විදේශයන්හි ජීවත්වන අපටත් කට උත්තර නැහැ (නි)
යහපාලනයේ හොඳ පැත්ත නම් තාම දැක්කේ නෑ, තව ඉස්සරහට වෙන්න ඇති මගේ හිතේ, එතකොට යහපාලනය කරන්න රටක් තියෙයිද දන්නේ නෑ, තුනට, හතරට කැඩිලා තියේවි (බ)
අල්ලස් කොමිසම ඉස්සරහ අධිකරණ තහනම නොතකා විරෝධතා දැක්වූ විපක්ෂ මන්ත්‍රීන්ට සැලකූ ආකාරයටම විග්නේශ්වරන් මහඇමතිවරයා උසාවි නියෝගය කඩ කළාම නොසැලකුවේ ඇයි. (නදී)
ඔහොම යමු. සැබෑ වෙනසක් (නි)
නියම වෙනසක් -ආපසු හැරවුමක් (ම)