නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් මහතා කියයි.
ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් මහතා පවසයි.
සිවිල් ගුවන් සේවා ආරංචි පවසනුයේ ශ්‍රී ලංකාවේ සියලු යානා එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි.
එහෙත් මෙම යානය එහි ලියාපදිංචි කර ඇත්දැයි ක්ෂණිකවම දැන ගත නොහැකි විය. ලියාපදිංචි නොකළ යානා ගුවනට නැංවීම තහනම්ය.
මෙවැනි යානා කොටි සංවිධානය සතුව පැවැති බවත්, ඔවුන් බෝම්බ දැමීමට පැමිණියේ එවැනි යානාවලින් බවත් ගුවන් යානා ගැන දන්නා අය කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යානය හදල තියෙන්නේ රේ විජවර්දන මහතා. ඔහු තමා ඇත් ට්‍රක් ටරය හදල තියෙන්නේ. (අ)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
මේක හදල තියෙන්නෙ ආචාර්ය රේ.විජයවර්ධන 1990 දී. මේකට කියන්නෙ ලිහිණියා කියලලු. (බ)
අනේ පිස්සුද මිනිස්සුන්ට ඕක සාමාන්‍ය පොඩි දෙයක්. අපේ ලංකාවේ ජනාදිපති තුමාගේ පුතාට තිබ්බ එක ප්‍රශ්ණයක් නෙමේ. රට හදන්න බලන්න. ඕව තියෙන්නේ අපේ ලංකාවෙනේ. අපිට එ්ක සතුටක් මොනවා උනත් ලංකාව මේ තරම් දියුණු උනේ ඔහු නිසා. අද ලංකාව නිතිය හරියට තිබුනා නම් සුර පුරයක් වගේ. ඉතිරි දියුණුව මෛත්‍රී කරන්න සුභ පතමු.(නදී)
මොනවා සිද්දවෙන්නද ? ඔය යානේ මහා කබලක්නේ. ඔය වගේ එකක අර තුන් දෙනා ගෙන් කෙනෙක් වත් යයි කියල හිතන්න පුලුවන්ඩ. (නදී)
මේවද දැන් රටේ තිබෙන ප්‍රශ්න? (නි)
ඕවා මඩ. අැයි මතක නැද්ද චන්ද්‍රිකා මැඩම් ආපු දවසෙ ඉඳලා කළින් සිටි අයට බැන බැන හිටියේ වැඩ කරන්න වෙනවට. දින 100 වෙනකල් මෙි අයත් අපිට බටර් දේවි 101 න් පස්සෙ කොකා ගෙ සුද බලමු (නදී)
මේ ගුවන් යානය ලංකාවේ නිෂ්පාදන කළා නම් කොහෙන්ද එයාට අවසර දීල තියෙන්නේ? අනෙක කවුද එයාට අවසර දීල තියෙන්නේ. මේවා තමයි කොටි අපට බෝම්බ දාන්න පවිචිචි කලේ. මේ චිත්‍රපටි අධ්‍යක්ෂකට කොහෙන්ද මේවා ආවේ. ඔහු මොකටද මේක දෙපාරක් පියාසර කලේ. කාගේ අවසරයක් ඇතිවද මේ පුත්ගලයා කොටි හා සම්බන්ද කෙනෙක් ද? කොටින්ගෙන් ලබාගත් එකක් කොටින්ගේ උවමනාව සදහා මේ යානය මෙම ස්ථානයේ සගවා තබා තිබිල ද තියෙන්නේ ? වහාම මේ චිත්‍රපටි අධ්‍යක්ෂක අත්අඩංගුවට ගන්න. (නදී)
ගුවන් යානයක් නෙමෙයි නැවක් හරියන්නේ (නදී)
ප්‍රශ්නය එ්ක නෙමෙයි, ජනාධිපති පුතෙක් මේක හංගගෙන හිටපු එක. එම යානය නීති විරෝදී නම් (නදී)
නිසි පරීක්ෂණයක් කරන්න. කිසිම නීති විරෝධී දේකට ඉඩ දෙන්න එපා. යහ පාලනය නම් එ්කයි. තරා තිරම බලන්න එපා. (නදී)
වෙනස උනේ රටේ යහපතට. (ර)