IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යානය යෝෂිතට දුන් බව චිත්‍රපට අධ්‍යක්ෂ කියයි

නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් මහතා කියයි.

ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.

එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් මහතා පවසයි.

සිවිල් ගුවන් සේවා ආරංචි පවසනුයේ ශ්‍රී ලංකාවේ සියලු යානා එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි.

එහෙත් මෙම යානය එහි ලියාපදිංචි කර ඇත්දැයි ක්ෂණිකවම දැන ගත නොහැකි විය. ලියාපදිංචි නොකළ යානා ගුවනට නැංවීම තහනම්ය.

මෙවැනි යානා කොටි සංවිධානය සතුව පැවැති බවත්, ඔවුන් බෝම්බ දැමීමට පැමිණියේ එවැනි යානාවලින් බවත් ගුවන් යානා ගැන දන්නා අය කියති.

 



අදහස් (0)

යානය යෝෂිතට දුන් බව චිත්‍රපට අධ්‍යක්ෂ කියයි

රුවන් හොරණ Wednesday, 14 January 2015 07:54 AM

මේ යානය හදල තියෙන්නේ රේ විජවර්දන මහතා. ඔහු තමා ඇත් ට්‍රක් ටරය හදල තියෙන්නේ. (අ)

:       0       0

වනිගතුංග Wednesday, 14 January 2015 12:52 AM

මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

ළහිරු Wednesday, 14 January 2015 08:21 AM

මේක හදල තියෙන්නෙ ආචාර්ය රේ.විජයවර්ධන 1990 දී. මේකට කියන්නෙ ලිහිණියා කියලලු. (බ)

:       0       0

කුමාර Wednesday, 14 January 2015 10:28 AM

අනේ පිස්සුද මිනිස්සුන්ට ඕක සාමාන්‍ය පොඩි දෙයක්. අපේ ලංකාවේ ජනාදිපති තුමාගේ පුතාට තිබ්බ එක ප්‍රශ්ණයක් නෙමේ. රට හදන්න බලන්න. ඕව තියෙන්නේ අපේ ලංකාවෙනේ. අපිට එ්ක සතුටක් මොනවා උනත් ලංකාව මේ තරම් දියුණු උනේ ඔහු නිසා. අද ලංකාව නිතිය හරියට තිබුනා නම් සුර පුරයක් වගේ. ඉතිරි දියුණුව මෛත්‍රී කරන්න සුභ පතමු.(නදී)

:       0       0

අමල් Wednesday, 14 January 2015 04:04 AM

මොනවා සිද්දවෙන්නද ? ඔය යානේ මහා කබලක්නේ. ඔය වගේ එකක අර තුන් දෙනා ගෙන් කෙනෙක් වත් යයි කියල හිතන්න පුලුවන්ඩ. (නදී)

:       0       0

අබේරත්න Thursday, 15 January 2015 01:06 AM

මේවද දැන් රටේ තිබෙන ප්‍රශ්න? (නි)

:       0       0

සුභා Wednesday, 14 January 2015 04:53 AM

ඕවා මඩ. අැයි මතක නැද්ද චන්ද්‍රිකා මැඩම් ආපු දවසෙ ඉඳලා කළින් සිටි අයට බැන බැන හිටියේ වැඩ කරන්න වෙනවට. දින 100 වෙනකල් මෙි අයත් අපි‍ට බටර් දේවි 101 න් පස්සෙ කොකා ගෙ සුද බලමු (නදී)

:       0       0

ශාන් සෞදි Wednesday, 14 January 2015 04:54 AM

මේ ගුවන් යානය ලංකාවේ නිෂ්පාදන කළා නම් කොහෙන්ද එයාට අවසර දීල තියෙන්නේ? අනෙක කවුද එයාට අවසර දීල තියෙන්නේ. මේවා තමයි කොටි අපට බෝම්බ දාන්න පවිචිචි කලේ. මේ චිත්‍රපටි අධ්‍යක්ෂකට කොහෙන්ද මේවා ආවේ. ඔහු මොකටද මේක දෙපාරක් පියාසර කලේ. කාගේ අවසරයක් ඇතිවද මේ පුත්ගලයා කොටි හා සම්බන්ද කෙනෙක් ද? කොටින්ගෙන් ලබාගත් එකක් කොටින්ගේ උවමනාව සදහා මේ යානය මෙම ස්ථානයේ සගවා තබා තිබිල ද තියෙන්නේ ? වහාම මේ චිත්‍රපටි අධ්‍යක්ෂක අත්අඩංගුවට ගන්න. (නදී)

:       0       0

තිලක් Wednesday, 14 January 2015 05:16 AM

ගුවන් යානයක් නෙමෙයි නැවක් හරියන්නේ (නදී)

:       0       0

රසික Wednesday, 14 January 2015 05:20 AM

ප්‍රශ්නය එ්ක නෙමෙයි, ජනාධිපති පුතෙක් මේක හංගගෙන හිටපු එක. එම යානය නීති විරෝදී නම් (නදී)

:       0       0

සයිමන් Wednesday, 14 January 2015 05:45 AM

නිසි පරීක්ෂණයක් කරන්න. කිසිම නීති විරෝධී දේකට ඉඩ දෙන්න එපා. යහ පාලනය නම් එ්කයි. තරා තිරම බලන්න එපා. (නදී)

:       0       0

මහරූෆ් Wednesday, 14 January 2015 05:53 AM

වෙනස උනේ රටේ යහපතට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site