මීට මාස කීපයකට පෙර කිසියම් හේතුවක් මත පාර වැසීම හේතුවෙන් තම වාහනය මග නවතා තබා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මංගල උත්සවයකට කිලෝ මීටර් දෙකක් රේල් පාර දිගේ පයින්ම ගමන් කරන්නට සිදු වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාට මෙදා එමිරේට්ස් ගුවන් සේවාවෙන් එවැනිම ආකාරයේ අරියාදුවක් සිදුවී තිබෙන බව 'දි ඉන්ඩිපෙන්ඩන්ට්' වෙත වාර්තාවේ. ඒ කතාව සැකවින් මෙසේය.
පසුගියදා ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක නිරත වූ අත්තනායක මහතා තම සංචාරය කෙටි කරමින් මෙරටට පැමිණීමට තීරණය කළේ එදින පස්වරුවේ පැවති පක්ෂයේ විශේෂ දේශපාලන සාකච්ඡාවකට සහභාගී වීම පිණිසය. මේ සඳහා ඔහු ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා ශ්‍රි ලංකාවට පැමිණෙන එමිරේට්ස් ගුවන් සේවාවට අයත් යානා වෙන් කර ගෙන තිබුණු අතර, ලන්ඩන්-ඩුබායි ගුවන් බෝඩින් පත්‍රයට අමතරව ඩුබායි සිට කොළඹට පැමිණෙන ගුවන් යානයේ ආසනය වෙන් කළ බෝඩින් පත්‍රය ද ලන්ඩන් නුවරදීම එමිරේට්ස් ගුවන් සමාගම විසින් අත්තනායක මහතා වෙත භාර දී තිබිණ.
කෙසේ නමුත් තිස්ස අත්තනායක මහතා ලන්ඩන් නුවර සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානය ඩුබායි ගුවන් තොටුපලට පැමිණෙන විට නියමිත් කාලයට වඩා පැයක් ප්‍රමාද වී තිබිණ. මේ අනපේක්ෂිත ප්‍රමාදය නිසා ඩුබායි සිට කොළඹට පැමිණෙන ඊළඟ එමිරේට්ස් ගුවන් යානයට මාරු වීමට අත්තනායක මහතාට ඉතුරු වූයේ පැයකට ආසන්න කෙටි කාලයකි. කොළඹ බලා පිටත්වන ගුවන් යානා ගේට්ටු කවුන්ටරය ලෙස අත්තනායක මහතාට ලන්ඩන් නුවරදී නිකුත් කළ ආසන වෙන් කිරීමේ බෝඩින් පත්‍රයේ සඳහන් වූයේ 26 වන කවුන්ටරයයි.
එහෙත්, එම අංක 26 දරණ ගේට්ටු කවුන්ටරය පිහිටියේ ලන්ඩන් සිට පැමිණි ගුවන් යානය නතර කළ ස්ථානයේ සිට දුරින් පිහිටි ගොඩනැගිල්ලක වූ අතර එම ස්ථානය වෙත ගමන් කළ යුතුව තිබුණේ ද මගී රේල්ලුවකිනි. එබැවින් ඒ ගමන සඳහා විනාඩි 15 ක් පමණ අත්තනායක මහතාට ගත විය. එහෙත් අවාසනාවක මහත! තිස්ස අත්තනායක මහතා කඩිමුඩියේ අංක 26 ගේට්ටු කවුන්ටරය වෙත ගොස් තම අතේ තිබූ ගුවන් යානා ආසන වෙන් කිරීමේ බෝඩින් පත කවුන්ටරයේ සිටි එමිරේට්ස් සේවිකාවන්ට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන් පවසා ඇත්තේ අත්තනායක මහතා අංක 26 වෙත නොව අංක 16 ගේට්ටු කවුන්ටරය වෙත යා යුතු බවය; ඒ එතැන සිට තව කිලෝ මීටරයක් පමණ දුර පා ගමනිනි.
කාලය සමග පොර බදමින් සිටි අත්තනායක මහතා ට කළ හැකිව තිබූ හොඳම දෙය වූයේ අංක 16 කවුන්ටරය වෙත ඉක්මනින් දිව යාමයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්තුමා ඩුබායි හි අංක 26 ගේට්ටු කවුන්ටරයේ සිට අංක 16 ගේට්ටු කවුන්ටරය දක්වා එක පිම්මේ දිව ගොස් තිබේ. අත්තනායක මහතාගේ බෝඩින් පත්‍රය පරීක්ෂා කළ අංක 16 ගේට්ටු කවුන්ටරයේ සිටි නිලධාරීන් ඔහුට කීවේ ඔහු සත්‍යවශයෙන්ම යා යුතුව ඇත්තේ අංක 26 ගේට්ටු කවුන්ටරයට බවය; එනම් ආපසු කිලෝමීටරයක් කලින් ගිය ගේට්ටු කවුන්ටරයටම!
කෙසේ නමුත්, රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි විශේෂ ගුවන් මගියකු (වී. අයි.පී) වන අත්තනායක මහතා ආ වේගයෙන්ම හැරී කලින් සිටි 26 ගේට්ටු කවුන්ටරයට ම යළි බෑගයත් උස්සා ගෙනම දිව්වේය. අහෝ! එවර එම නිළධාරීන් අත්තනායක මහතාගේ ලියවිලි පරික්ෂා කර බලා කීවේ 26 ගේට්ටු කවුන්ටරය නියම කවුන්ටරය බවත් එහෙත් දැන් ආසනයක් වෙන්කළ නොහැකි තරමට ඔහු ප්‍රමාද වී ඇති බවත් ය. අවසානයේ සෑහෙන තරමේ කතා බහකින් පසු යාන්තම් කොළඹට ඒමට එමිරේට්ස් යානයේ ආසනයක් ලබා ගැනීමට අත්තනායක මහතාට හැකිවී තිබේ. ඒ කිලෝමීටර දෙකකට වැඩි, හදිසියට තනිවම දුර දිවීමේ තරගයකට පසුවයි.
අත්තනායක මහතාගේ දුර දිවීම එතනින් හමාර වුවත් එමිරේට්ස් කතාව එතැනින් කෙළවර නොවේ. ඒ, කටුනායකට පැමිණි අත්තනායක මහතාට දැන ගැනීමට ලැබුණු පණිවුඩයකිනි; එමිරේට්ස් ගුවන් යානය අත්තනායක මහතා කොළඹට ගෙනාව ද ඔහුගේ ගමන් මල්ල කොළඹට ගෙනවිත් නැත. එය තවමත් ඩුබායි වලය! එබැවින් ඔහුට යළිත් වතාවක් කටුනායකට ගොස් ගමන් මල්ල රැගෙන ඒමට සිදුවිය. වාසනාවට මෙවර දෙපයින් නොව වාහනයකින් යාමට ඔහුට හැකි විය.
මේ සිදු වූ අකරතැබ්බය සම්බන්ධයෙන් මෙරට පිහිටි එමිරේට්ස් ගුවන් සේවා කාර්යාලයට ලිඛිතව දැනුම් දීමට අත්තනායක මහතා පියවර ගැනීමට නියමිත බවද පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස මහතාගේ සීනි ,කොලෙස්ටරෝල්වලට ව්‍යායාම ගත්තද දන්නෙ නෑ නේද? (දී)
මොන තරම් දක්ෂ කමක්ද (දී)
මට මැවිලා පේනවා (දී)
මෙයාටත් වෙන වැඩ (දී)
අර කියුවා වගේ ඔය වගේම කතාවක තියෙනවා සුර පප්පා කතාවේ (දී)
මෙතුමාට වෙච්ච නිසා හොදයි ,වෙන දුවා ගන්න බැරි කාට හරි උනා නම් (දී)
කොච්චර දිවුවත් අන්තිමට වෙන යානෙකින් තමයි මෙතුමා ගෙදර ආවේ (දී)
මිට වඩා හොදයි නැවේ ආවනම් (දී)
මොකද යානය පරක්කු උනේ (දී)
ලේකම් තුමා මොකද කියන්නේ, පාර්ලිමේන්තු අවුරුදු උත්සවයට දුවමුද (දී)
නැවත ඔබට මෙවන් දෙයක් නොවේවා (දී)
සුසන්තිකා දුවපු තරම් වේගයෙන් දිවුවද (දී)
මේ මහත්තයා යන්නේ හොදම පන්තියක,අපි යන්නේ තට්ටේ එල්ලිලා වගේ මහත්තයාට ඔහොමනම් අපි ට කොහොම ඇතිද (දී)
වගකීම් සහගත නොවීම තමයි මේකට මුල (දී)
මේක ශ්‍රි ලංකාවට අයත් ගුවන් සේවාවක් වුණා නම්...? (නි)
අපිත් රට යනවා මෙහෙම දේවල් නම් වෙලා නැහැ (දී)
මේක අපිටත් හොද පාඩමක් (දී)
ඒ ගුවන් සේවය අපෙන් සමාව ගන්න ඕනේ (දී)
ඒ විදිහට වගකීම් විරහිතවද ඒ ගුවන් සේවය වැඩ කරන්නේ (දී)
ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රනයක්... (නි)
ඕවා ගණන් ගන්න එපා. ඔබට ජය! (නි)
අයියෝ ලේකම් තුමා, (දී)
අපිට ඔබ හාමදාම බස්ව කෝච්චිවල වෙනවා (අ)
දේශපාලඥයෙකුට කලාතුරකින් වෙන විදියේ කරදරයක්. (නි)
මට නම් අප්‍රමාණ සංතෝෂයි (අ)
අපි මේ වගේ පරිප්පු හැමදාම කනවා (අ)
මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ. (නි)
මාතෘකාව දැක්කම මම හිතුවේ වෙන දෙයක්. (නි)
ලේකම් තුමා කොහොමහරි වැඩේ කර ගත්තා නේ (දී)
ලේකම් තුමා මොකද්ද ප්‍රශ්නේ (දී)
අයියෝ සල්ලි (දී)
තව විනාඩි පහකට කලින් ගියානම් හරි (දී)
මම නම් කවදාවත් යන්නෙ නැහැ. (නි)
ඒ කියන්නේ ගුවන් යානාත් කොච්චි වගේ පරක්කු වෙනවාද (දී)
මහත්තයා ගැන අපිට සන්තෝසයි. මහත්තයා මහත්තයා ගැන හිතලා සතුටු වෙන්න (දී)
මෙතුමන්ලාටත් මෙහෙම වෙනවා නම් අපි ගැන කවර කතාද (දී)
මහත්තයාට වෙන වැඩ (දී)
කවුද මේ මාතෘකා දාන්නේ, නියමෙට ගලපනවා (දී)
ගණන් ගන්න එපා, ඕවා ඔහොම තමයි (දී)
බැරිද මේකට මොනවාහරි කරන්න? (නි)
මොනතරම් ලජ්ජාවක්ද මෙතුමාට කරලා තියෙන්නේ (දී)
වී. අයි.පි ටිකට් වලටත් මෙහෙම වෙනවාද (දී)
අයියෝ සල්ලි (දී)
මේ මහත්තයාට වෙලා තියෙන වැඩක් (දී)
නැහැ එහෙම කල එකනම් වැරදි (දී)
ඒ තරම් වගකින් රහිතවද ඒ ගුවන් සේවය වැඩ කරන්නේ (දී)
අත්තනායක මහත්තයාට දුවන්න පුළුවන් හින්දා හොදයි (දී)
මෙතුමාගේ තත්වය ගැනවත් හිතුවාද, පියවරක් ගන්න ඕනේ (දී)
අයියෝ මහත්තයෝ (දී)
විහිලුවකට ගන්න එපා, පේක මහා අපහාසයක් (දී)
මේ මහත්තයාට දුවන්න පුළුවන් කියලා දන්නේ අදනේ (දී)
මට "සුර පප්පා" කතාව මතක් උනා (දී)
කාලිංග, කොහෙද තිස්ස මහත්තයාගේ ගම (දී)
සුසන්තිකාටත් හිනා ඇති (දී)
ලිඛිතව දැනුම් දෙන්න සර්, පුලුවන් නම් ඒ ලිපියේ පිටපතක් ලංකාදීප පත්තරේටත් දෙන්න පළකරන්න. (නි)
මහත්තයෝ දුවන එක ඇගට හොදයි (දී)
මේ කතාව හොදයි දෙයියෝ සාක්කි එකේ දාන්න (දී)
මේක නම් හරි ලස්සන කථාවක්. (නි)
ගමෙන් ආපු මිනිස්සුනේ (දී)
තිස්ස මහත්තයාටත් රාහුගේ දසාව ලබලාද කොහෙද? අවිද්දෝන එකමයි වෙන්නේ (දී)
මෙතුමා ගුවන් තොටුපලේ තියෙන ටී වී ස්ක්‍රීන් වල තියෙන ගේට්ටු නොම්මර දිහාවත් බැලුවේ නැතුවද දිව්වේ? (නි)
මොකද ඒවගේ වගකීම් නැති වැඩ කරන්නේ (දී)
මහත්තයා තවම කොල්ලාවගේ (දී)
පිලිවෙලක් නැති වැඩවල හැටි! (දී)
අත්තනායක මහත්තයාට කේන්ති යන්න ඇති කොහොමද දන්නවාද (දී)
මම හිතන්නේ නැහැ මේක පුවතක් කියලා (දී)
අයියෝ මහත්තයෝ මොකද මේ වුන වැඩේ (දී)
අවුරුද්දත් කිට්ටුයි (දී)
අවුරුදු උත්සවයක ගම වටා දිවීමට සුදුසුයි (දී)