එල්ලා වැටෙන පියයුරු හැඩකර වැඩිබඩ අඩුකර ලස්සන වෙන්න හොර දොස්තරලා සොයා ගිය කාන්තාවන් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුගිය කාලය පුරා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිවි ගලවාගත් බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි.
අඩු පහසුකම් ඇති ශල්‍යාගාර ලෙස හුවා දක්වන කුඩා කුටිවල පුහුණුවක් නොලත් පිරිස් සිදුකරන ශරීර අවයව විකෘති කිරීම් පිළිබඳව කාන්තාව දැනුවත් කිරීම වැදගත් බව පවසමින් වෛද්‍යවරයා මෙසේ ද පවසයි.
මේ ශල්‍යකර්ම කියා සිදුකරන ක්‍රියාවලිය සිදු කරන්න ඔවුන්වෙන්කොටගෙන තිබෙන්නේ අඳුරැ ආලෝකය අඩු අපිරිසිදු ස්ථාන මෙවැනි තැන් වලින් ලස්සන වෙන්න ගියාම අන්තිමට වෙන්නේ ජීවිත අවදානමත් වීකෘති කැළැල් අවයව මත ඉතිරිවීම විතරයි
ඔබ දකින මේ ජායාරෑප වලින් ඒ බව ඔබට පැහැදිළිව දකින්න පුලුවන් මේ අප ලඟට අසාධ්‍ය තත්වයෙන් ආව කාන්තාවන් මොවුන් මෙම ශල්‍යකර්ම කරගෙන තියෙන්නේ ලස්සන වෙන්න නමුත් දැන් තිබුනට වඩා අවලස්සනයි
ඒ වගේම පැය හතරක් පමණ ගතවෙන වෛද්‍ය කන්ඩායමක් රෝගියා නිර්වින්දනය කරලා රෝහල් ශල්‍යාගාරයක සිදුකරන මෙවැනි සැත්කම්
මෙම හොර මධ්‍යස්ථාන වල කරන්නේ පුහුණුව නොලත් වෛද්‍යවරයෙක්, හෙදියක් බව කියන කෙනකු ද සමඟ රෝගියාගේ අවයව හිරි වට්ටවා පැය බාගයක් ඇතුලත
සමහර අසාධ්‍ය රෝගීන් අපට කිව්වා හිරිවැටීම අඩු වෙනකොට දැනෙන වේදනාව ඉවසන් හිටියේ ඉතා අපහසුවෙන් කියලා කෙටියෙන් කිව්වොත් රෝගියාට ආසාත්මිකතාවයක් ඇති වුවහොත් ඔවුන්ට ලබාදෙන්න ප්‍රථමාධාර සැලැස්මක්වත් මෙම ස්ථාන වල නෑ රැපයේ ලස්සන වැඩිකරගන්න හිතල මේ සැත්කම් වලට යොමුවෙන කාන්තාවන්ට අන්තිමට ඉතිරි වෙන්නේ අවලස්සන කැලැල් ගොඩක් විතරයි
මේ ජීවිත අවදානම ඇති ඒ ගැන නොසිතා සිදුකරන සැත්කම් ජිවිතයත් මරණයත් අතරට පත්වන රෝගියා අනිතිමට එන්්නේ රජයේ රෝහලට එවැන් අවස්ථාවක රෝගියාටගේ ජීවිතය බේරා ගන්න අපට වෙහෙස මහන්සි වෙන්න සිදු වෙනවා මෙවැනි අවස්ථාවකදී ප්‍රථිකාර සඳහා රජයට දරන්න වෙන පිරිවැය සැත්කමට හොර දොස්තරට ගෙවු මුදල මෙන් දෙගුණයක් නැත්නම් තුන් ගුණයක්
අප දන්නවා බඩ අඩුකර ගන්න සැත්කම් කරනවා කෙල් තට්ටු අයින් කරනවා අන්තිමට ඉතිරි වෙන්නේ සැරව ගෙඩී ගොඩක් පමණයි මේ පුහුණුව නොලත් බාගෙට වෛද්‍ය විද්‍යාව හැදෑරැ අය නිසා සිදුවෙන දේවල් මේ පිළිඹඳ අවධානය යොමු කරන්න.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන වන්නට උත්සාහ නොගන්න. පැහැපත් වන්නට උත්සාහ ගන්න. (නදී)
මේ ජීවිත කාලය පුරාවටම එකම විදියට ඉන්න බැහැ.හැමදේම අනිත්‍යය බව බුදුහාමුදුරුවො ඉතා පැහැදිලිව දේශනා කර තියෙනවා.අපි පිරිසිදුවට ශරීරයට හිතකර ආහාර රටාවක් අනුව ජීවත්වෙනවා නම් ඔය කියන ලස්සන ඉබේම ලැබෙනවා. (නි)
මයිකල් ජැක්සන් කෝටි ප්‍රකෝටි වියදම් කරලවත් ඔය කියන ලස්සන පවත්වා ගන්න බැරි වුණා. ස්වභාවධර්මයට එරෙහිව යන්න බැහැ. ලස්සන කියන එක වයස එක්ක සමගාමිව වෙනස් වෙන දෙයක් කෘතීම වෙනස් කම් කරන්න යන්න එපා (ම)
අපේ මිනිසුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන දැන අමාරුවේ වැටෙන්නේ සල්ලිත් වියදම් කරගෙන. සමහරු කපුවො හොයාගෙන යනවා දරුඵල ලබාගන්න.අනේ මන්දා මේවා කාට කියන්නද කියලා. (නි)
මොන ලෙඩේට බෙහෙත් තිබුණත් මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
මේවා පළකරන එක ඉතාම වැදගත්. ස්තුතියි ලංකාදීප! (නි)
සුදුසුකම් නැති දොස්තරලා කියලා කියාගන්න අය පවත්වාගෙන යන මේ ස්ථාන නීතියෙන් වැටළිය යුතුයි (නි)
ෂේන් සහ බබුන් වෙත ඔයාලා දන්නේ නැති උනාට පිරිසිදු සුදු පැහැ පොල්තෙල් පිට රට යවනවා. අපි හැමදාමත් අපිරිසිදු පොල්තෙල් පාවච්චි කරනවා. හැමදාම උනේ ඉස්තරම් දේ පිටරට යවන එක. ඔයාලා කියවන්න හාවඩ් විශ්ව විදයාලයේ පරික්ෂන වලින් හොයාගත්ත සුදු පොල්තෙල් වලින් ලස්සන වීමේ රහස් සහ අනවශ්‍ය මේද තට්ටු ඉවත් වන අයුරු. මාස තුනක් බීලා බලලා කතා කරන්න (නදී)
දැන් මේ ඡායාරූප වල ඉන්නේ එහෙම අඩුකරගත් කෙනෙක්ද? සංසාරේ එපාවෙනවා ලස්සනවීම කෙසේවෙතත්. (නි)
සංසාරේ එපාවෙනවා. ඒ වුණාට ඉතින් අපේ බවලතුන් මේ වගේ දැනුවත් කරන ප්‍රවෘත්තියක් ලිපියක් හෝ වැඩසටහනක් බලනවද? කොණ්ඩය දාන හැටි,ෆේෂල් දාන හැටි නම් උඩ පැන පැන බලාවි (නි)
අද වෛද්‍ය වෘත්තිය තවත් එක වෙළඳාමක් පමණක් වන තත්ත්වයට වැටිලා (නි)
තාක්ෂණය ඇතුළු නවීන විද්‍යාව කොතරම් දියුණුය කිවත් සොබා දහමට අභියෝග කරන්න ගියොත් එය කිසි දිනෙක සාර්ථක වෙන්නේ නැහැ. සොබා දහමට අභියෝග කරන්නට යන අයට මෙවැනි විපත් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. (නදී)
දොස්තර මහත්තුරු කොහොම කීවත් අපේ රටේ මී එලදෙන්නු ඉන්නවා. දරුවෝ ලබා ගන්න කපුවෝ ලගටයි ලස්සන වෙන්න දැන්වීම් වල ඉන්න හොර දොස්තරලා ගාවටයි යන කට්ටිය තමයි වැඩි.(නදී)
මේවා කරන්න පුලුවන් (නදී)
එල්ලා වැටෙන පියයුරු වලට සැත්කම් වලට යොමුවෙන්න කලින්, සුදුසු ව්‍යායාම කර බලන්න. (නි)
මෙවා කරන්න පුළුවන් සැත්කමට ජර්මනියට එන්න (නදී)
සුදු පොල්තෙල් නොහොත් වර්ජින් කොකනට් ඔයිල් මේස හැදි දෙකක් දිනපතා ගත්තම ශරීරයේ ඇති අනවශ්‍ය මේදය දියකරනවා කියා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. සම රැළි වැටීම වලක්වා ගැනීමට මෙන්ම තරුණ පෙණුමක් ලබා ගැනීමට මාස දෙකක් එක දිගට සුදු පොල්තෙල් පාවිච්චියෙන් පුලුවන්. ජපානය, නෙදර්ලන්තය වැනි රටවලට ලංකාවෙන් මෙය යවනවා. මිළ වැඩි නිසා ලංකාවේ මෙය ජනප්‍රිය නැහැ. 0773271910 සංජය කියන මහතා මේවා ජපානයට යවනවා. අමතා විස්තර දැනගන්න (නදී)
උදැල්ලක් අරගෙන වත්ත ටිකක් කෙටුවනම් සිරුර ලස්සන කරගෙන මල් පැලයකුත් ඉඳගෙන වත්තත් ලස්සන කරන්න පුළුවන්. (බ)
දකිනකොටත් එපාවෙනවා (නි)
ජර්මනියට යන්න වත්කමක් තිබෙනවා නම් අපේ මිනිස්සු හොර වෙද්දු පස්සේ යයිද රුවනි?අපේ රටෙත් හොඳ වෛද්‍යවරු මෙන්ම සියලු පහසුකම් සහිත රෝහල් තිබෙනවා. ශශී කිවුවා වගේ අපේ ආයුර්වේදෙත් ප්‍රතිකර්ම තිබෙනවා.ඒත් ඉතින් අපේ අයට හැමදේම ක්ෂණිකව අවශ්‍යයිනේ. (නි)
ඇත්තටම ලස්සන වෙන්න ආයුර්වේද බෙහෙත් ටිකක් සුදුසුකම් ලැබූ දොස්තර කෙනෙක්ගෙන් අරගෙන ,පංචකර්ම ටිකක් කරගෙන බලන්න. ඉවසීමෙන් මාස 3ක් විතර ප්‍රතිකාර කරලා බලන්න.තෙල් තට්ටු ඉවත් කරන අපේ බෙහෙත් ගොඩක් තියෙනවා.ආණ්ඩුවේ ආයුර්වේද රෝහලකට යන්න. (නි)
කාන්තාවක් වුණහම ඇඟපත ලස්සනට තියෙන්න ඕනෑ.හැබැයි පරිස්සමට. (නි)
මේ දේවල් නැවත පෙර තත්ත්වයට ගන්න ශක්‍රයාටවටත් බැරිය. ඒ බව තේරුම් ගන්න බැරිද? (නි)
මේවා කොච්චර කිවුවත් වැඩක් වෙන්නෙ නැති එකනේ හිතට දුක (නි)
මේවා දකිනකොට ගැහැණු සංහතියම එපාවෙනවා (නි)
ඒ අස්සේ සංජය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා (නදී)
එම්බ්ම් කරලා වගේ(නදී)
මේවාට තරමක් දුරට වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය වගකිව යුතුයි. උදේ ඉඳන් හවස් වෙනකල්ම සමහර මාධ්‍ය කාන්තාවන් ලස්සනට, නීරෝගිවයි සිටිය යුතු බව ප්‍රචාරණය කරනකොට එ්කෙත් සීමාවක් තිබිය යුතුයි. එය හොඳ දෙයක්, නමුත් අනවශ්‍ය විදිහට මනසට ඒවා යැව්වාම තමා පිළිබඳව අවතක්සේරු කරන් අදාළ නිෂ්පාදිත වලට යොමුවී ප්‍රතිපල දායක නොඋනාම මෙවැනි දේවල් වලට මනස යොමුවීම සිදුවිය හැකියි. එය නිෂ්පාදිතයේ වරදක්මත් නොවිය හැක. දෙයක් ඇසට කනට නිතරම ඇහෙන දකිනකොටත් හොඳ නැහැ. කව්රු උනත් මෙවැනි දේවල් වලින් ඈත්වීම කල යුතුයි. (නදී)
ඇයි මෙහෙම උනේ ? (නදී)
ලස්සන කියන්නේ බාහිර ඔපයක් ලෙස සලකා කුණු කය හැඩ දමන්න දඟලන ඕනෑම ගැහැණියකට හෝ මිනිහෙකුට අත්වන්නේ ඔය ඉරණමයි. සිතෙන් ලස්සන වෙන්න මිනිසුනට හැකිනම් මුළු ලෝකයම ලස්සන වෙනවා. (ම)
ලස්සන සැමදේ මොහොතට සුවදේ එහි කෙළවර දුක දේ. (ම)
ඒ අස්සේ සංජය වර්ජින් ලා විකුනන්න හදනවා. (නදී)