(චාපා මධුභාෂිණි)

පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ ශල්‍ය කර්ම සිදු කළ නව ලැපරස්කෝප් යන්ත්‍ර අබලන්වීමෙන් ශල්‍යකර්ම කළ නොහැකි තත්වයක් උදාවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග  කියයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට ශල්‍යකර්ම  කරන්නේ පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ පමණී.

මැදිරිගිය මූලික රෝහලේ මෙම ලැපරස්කොප් යන්ත්‍රය මාස 3කට වැඩි කාලයක් අක්‍රිය වී තිබීම හේතුවෙන් රෝගීන් 100කට වැඩි පිරිසකට පොරොත්තු ලේඛනයේ බලා සිටිමට සිදුව තිබේ.

මෙම යන්ත්‍ර නවත භාවිත කළ නොහැකි අන්දමින් අක්‍රියවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.