යුද්ධය නිසා උතුරේ 19420ක් ආබාධිත වී ඇති බව අලුත්ම සංඛ්‍යාලේඛන වලින් පෙනෙතියි වලිකාමම් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධර්මලිංගම් නඩතේන්ද්‍රම් මහතා කියයි.
ඉන් වැඩි දෙනා ළමයින් බව ද, ඇස් නොපෙනෙන හා කන් නොඇසෙන සිසුනට විශේෂ අධ්‍යාපන පහසුකම් නැති බව ද ඔහු කියයි.
අත් පා අහිමිවූවන් සඳහා වවුනියා රෝහල නොමිලේ කෘත්‍රිම අත්පා සපයන බවත්, අත්පා අහිමිවූවන්ගේ පැමිණිම පෙරට වඩා වැඩි වී ඇති බවත් රෝහල පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එම වැඩපිලිවෙළට දායක වෙයි.
කෘත්‍රිම අතකට රුපියල් 35000ක් ද පාදයකට රුපියල් 90000ක් ද වැය වෙතියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වගකියන්න ඕනි කට්ටිය පර්ලිමන්ටුවේ දැන් සැප විදිනවා වැඩක් නැහැ ඕව කටකරලා ජනතාවට දුක (අ)
උතුර දකුණ කියලා ලංකාවේ අපි මොනවද කරන්නේ? කොළඹත් බොස්ටන් වලත් මංකොල්ල කනවා. ගෙවල් වලත් කල කෝලාහල තියෙනවා. හිතෙන් මවා ගත්ත සීමා හදාගෙන රණ්ඩු කර ගන්නවට වඩා නරකද එක වගේ සාමයෙන් හිටියොත්. ඉරාකයේත් 10 වසරක නිදහසේත් කෝ සාමය. ගමන් බල පත්‍ර නැතුව ලංකාව පුරා දුවන්න අපි කාටත් දැන් නිදහස තියෙනවානේ. සතුටුවෙන්න.එක්වෙන්න. සමගිය බලයයි. (නි)
ත්‍රස්තවාදයේ ආදීනව කාට කාටත් පෙනෙන්නේ දැන් තමයි. ත්‍රිවිධ හමුදාවේ , පොලිසියේ අංග විකල වුවන්ගේ සංඛයාව කොපමණද බලන්න. ජොනී බට්ටන් පාගලා වන සතුන් කොපණ මිය ගියාද? අලින්ගේ පාද අහිමිවී මොන දුකකින් මියගියද ?කොටින්ට ශාපවේවා! (නි)
කෝ අර ඊළමක් අල්ලගෙන බොරුවට කෑගහන කට්ටිය? එයාලට කියන්නකෝ මේකට උදවු කරන්න කියලා. (නි)
ළමා සොල්දාදුවන් බදවා ගන්නකොට කවුරුත් මුකුත් කිවුවෙ නැහැ. දැන් මේකත් ජිනීවා ගෙනියයිද දන්නෙ නැහැ රජයේ කරපිටින් දමලා. (නි)
අපි කාටවත් කිවුවෙ නැහැනේ ලංකාවේ කොටසක් ඉල්ලලා යුද්ධ කරන්න කියලා (නි)
සංහිදියාව සහ වගවීම ගෑන කතා කරන අය කෝ.(නදී)
මේ අය විඳිනා දුක වෙනුවෙන් අනුකම්පා කල යුතුයි. අනවශ්‍ය දේ වලට වියදම් කරන මුදලින් මේ ළමයින්ට උදවු කරනවානම් ඒක ලොකු පිනක්.(නදී)
අවරුදු 30 තිස්සේ යුද්ධයක් කළ ප්‍රබාටත් එයට උදව් කළ සියලුම දේශපාලුවන්ටත් මේ අහිංසකයන්ගේ ශාපයෙන් මිදෙන්නට තැනක් නැත. සාමය කොතනද එතන සතුට බැඳීම ඇත. රට බෙදන්නට ඉඩ නොදෙමු. සාමයේ නාමයෙන් සැමට මෛත්‍රී කරමු. (නි)
හේරත්, ඔයා කියන සාමය යාපන ජනතාවට තියෙනවද? තවම තියෙන්නේ හමුදාවේ පාලනයක්. නිදහසේ ඇවිදින්න බැහැ. ගමනක් ගිහින් එනකම් ෂුවර් නැහැ. දකුණේ සාමය තිබුනට උතුරේ ජනතාවට සාමයක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
තවත් බෝම්බයක් (අ)